13

212 53 60
                                    

උන්මත්තකයෙක් මෙන් මහමගට පිළිපන් මම දුරු කතර නොතකා දිව යන්නට වුනේ මා දෙස නෙත් හෙලන මග දෙපස කිසිවෙක් පිලිබඳ කිසිඳු තැකීමක් නොකොටයි.

වරින්වර ඇද වැටෙමින්, යලි නැගිටිමින් හා දෑසෙහි මෝදු වන කඳුලැලි පිස දමමින් මා හැකිතාක් දෙපයට වාරු දෙන්නට වුනේ මගේ හද සොරාගත් ඒ රුව තව එක් වරක් හෝ දැකගන්නටයි.

ඔහු නොමැති දිවියක් මා හට තවත් සිතිය නොහැකියි. ඔහු මා ළඟ නොමැති හෙටක් ගැන සිතන්නට පවා මගේ දුබල හදවතට නොහැකියි. ඒ ඔහු මගේ සැබෑ ආදරය නිසාවෙන්. මා මෙලොව පැතූ එකම කුළුඳුල් ආදරය ඔහුම වූ නිසාවෙන්. 

වෙහෙස නිසා යලිත් වරක් ඇද වැටෙන්නට ගිය මා එක් හුරුපුරුදු ළමැදක තනි වෙන්නට වුනේ දෛවෝපගත ලෙසින්. ජස්මින් සුවඳ වහනය වුනු ඒ උණුහුම් පපුතුරේ තව තවත් ගුලි වුනු මම, එතෙක් හදවතේ කොනක සිර කර තැබූ දුක් වේදනාවන් සියල්ල මුදාලන්නට වුනේ, උණු කඳුලැලි වලින් ඔහුගේ පපුවද තෙත් කරමින්.

"හෝසෝක් ... මගේ පණ...." ඒ ඔහු මා වෙනුවෙන් කල ප්‍රථම ආදරණීය ආමන්ත්‍රණයයි.

"යු.. යුන්ගි ස.. සර්... අනේ ඉස්කෝලෙන් යන්න එපා.. ම.. මම.. ප්‍රින්සිපල් සර්ට කියන්නම් මේ මගේ අතින් වුනු වැරද්දක් කියලා. මගේ අනාගතේ විනාස වුනත්, මාව ඉස්කෝලෙන් අයින් කලත් කමක් නැහැ. ඒ.. ඒත් .. සර් මං කරපු වැරද්දක් භාර ගන්න එපා..." ඔහුගේ පපුතුරෙහි ගුලිවී මා තව තවත් හඬා වැලපෙන්නට වුනේ අපමණ වේදනාවකින්.

"ෂ්... ඒක ගැන හිතන්න එපා මගේ පණ.. දැන් අඬන්නේ නැතුව ඉන්නකෝ..." ඔහු මගේ බඳ වටා දෑත් යවා මා තවත් තුරුළු කරගනිමින් මුදු වදන් තෙපලද්දී, මාද ඒ තුරුලේ හිඳ නැලවෙන්නට වුනේ නිතැනින්මයි.

"ඔයා කිසිම වැරද්දක් කලේ නැහැ මගේ රෝස මල.. ඒ නිසා කිසිම දෙයක් ගැන දුක් වෙන්න එපා. ඔයා මට ආදරය කරද්දී විදිහටම ඔයාට ආදරේ කරන එක නවත්තගන්න මට බැරි වුනා. අපි දෙන්නා ගුරුවරයෙක් හා ශිෂ්‍යයෙක් වුනත්, එකිනෙකාට ආදරය කිරීම වැරද්දක් නෙවෙයි කවදාවත්ම."

"තමන්ගේ හැඟීම් මුලා කරලා අනාගතේ පසුතැවෙනවට වඩා, තමන් කැමති දේ පසුපස දැන් ඉඳන්ම හඹා යෑම වැරද්දක් නෙවෙයි. ඒ නැපෝලියන්ගේ කියමන මම පාසල් කාලේ ඉඳන් අහපු එකක් වුනත්, එකේ හරි තේරුම මට කියලා දුන්නේ ඔයා විතරයි මගේ පණ.... "

My Teacher | SOPEWhere stories live. Discover now