🍁 Chapter 02

290 56 60
                                    

y/n : ජොන්ග් ඉන් !! ජොන්ග් ඉන් !! නූනා ආවා !! දොර අරින්න...

y/n කොච්චර දොරට තට්ටු කළත් දොර නම් ඇරුනෙ නෑ....

බැරිම තැන එයාට එයා ගාව තිබුණු එක්ස්ට්‍රා යතුරෙන්  ජොන්ග් ඉන්ගෙ රූම් එකේ දොර ඇරගන්න පුලුවන් වුණා...

y/n : ආහ් ! ජොන්ග් ඉන්....මන් දන්නවා ඔයා ඔය බොරුවට නිදියන් ඉන්නෙ කියලා...ඔන්න මන් කුචු කවනවා හරිද නැගිට්ටෙ නැත්තම්?

jeongin : නූනා !.

y/n : අම්මෝ...මොකද මේ ඇස් දෙක රතු වෙලා?නූනා නැති ටිකට මේ යක්ෂයො ටික එකතු වෙලා මගේ සෝස මලට මොකද කළේ?

y/n ෆිලික්ස්ටත් වඩා නිළි රැජිනක්..හැමදාම ඉතින් එයාම තමා මේ යක්ෂයොන්ගෙ ප්‍රශ්න විසදන්න ඉන්නෙ..

jeongin : හැමෝම මට බනින්න බලාගෙනමයි ඉන්නෙ.ඒත් මන් එයාලට කිසිම වැරැද්දක් කරලා නෑ..හැමදේම කරන්නෙ අර කිඹුල්ලු දෙන්නා තමයි..

y/n : ආහ් ! මට හිතුණා ඒත්..මන් දන්නවනෙ මගේ ජොන්ග් ඉන් මේ වගේ වැඩ කරන්නෑ කියලා...කෝ එන්න අපි යමු කෑම කන්න.මන් අද කට්ටියටම හොද පාඩමක් උගන්නන්නම්..

අද නම් කට්ටියම ඉවරයි...

y/n : ෆිලික්ස් ! හ්‍යුන්ජින් !   ඔය දෙන්නා !!!!! දෙන්නම කෑම කාලා ඉවර වුනාම මට පිටු සීයක් පිරෙන්න සොරි කියලා ලියලා දෙන්නෝනි සියවතාවක්..දැන් ජොන්ග් ඉන්ගෙනුයි හ්‍යුන්ලගෙනුයි සමාව ගන්න !!

felix : අපෝ නූනා !!! ඔයා නම් මහ.....ඩොක්ටර් කෙනෙක් වුනේ අපරාදෙ ඔයා පොලිසියට යන්නනෙ තිබ්බෙ..

hyunjin : වරදක් කළත් සිතකින් නොවේ...රිදවන්නෙ පළිගන්නෙ ඇයි.....?

y/n : අනිත් එක චැන් ඔයා !!! මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නෙ?ඔයා මෙහෙමද මෙයාලව බලා ගන්නෙ?මෙතන මීට වඩා දෙයක් වුණා නම් අපි මොනාද කරන්නෙ???

y/nට නම් අද හොදටම ඩෝං ගිහින්..

bangchan : හේයි ජස්ට් කාම් ඩවුන් !! මොකද මේ ඔයාට වෙලා තියෙන්නෙ?කවදාවත් නැතුව බනින්නෙ ඇයි?

අද y/n වෙනදට වඩා ගොඩක් වෙනස්..
වෙනදට එයා මේ තරම් තරහ ගන්නෙත් නෑ...
ඒත් අද මොනා වෙලාද දන්නෑ..

Infinite fraternity [straykids]Where stories live. Discover now