🍁 Chapter 17

140 34 14
                                    

@y/n's house

🥷🏻 : ඒයි !! කෙල්ලේ !! උඹලා මොකේටද ඒ පාර සැරසෙන්නෙ !! මං එක පාරක් කීවනෙ උඹලා මෙතන දගලන්න හැදුවොත් කොකා ගැස්සෙයි !! ඊට කලින් හොද හිතින් ඔය පොඩි එකාව මෙහාට දෙනවා !!

hoshi : ගෑනු ළමයෙක්ට කතා කරන්න දැනගනින් ඔක්කොටම කලින් !!

ඒ පාර නම් හෝෂිට තරහ ගියා කියන්නේ.........
අතට අහුවුනු අහුවුනු බඩුවලින් හෝෂි උන්ට ගහගෙන ගහගෙන ගියා..ඒ අතරෙ චනුත් හෝෂිට උදව් වුණා..ජොන්ග් ඉනුත් පැත්තක ඉදන් එයාගෙ වතුර විදින සෙල්ලම් තුවක්කුව අරන් ඇවිත් උන්ගෙ මූණට වතුර විද්දා.ඒ නිකන්ම නෙවේ මිරිස් ටිකකුත් වතුරෙ දියකරලමයි...ඒ අතරෙ ලෙනී සෝස් බෝතලේකුත් අරන් අරුන් ටිකගෙ මූණවල්වලටම ඉස්සා..මේ පාර නම් උන්ගෙ අවසානෙ තමා..

මේ අතරෙ අසොහියි y/nනුයි ඉක්මනටම වින්ව අරන් රූම් එකට ගිහින් වැඩේ පටන් ගත්තා..

y/n : ඔක්කොටම කලින් හොද.......හුස්මක් ගන්න ඕනි !! ඔයා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා y/n ! ඔයාට මේක කරන්න පුළුවන් !

azohi : අහ් ! ඔයා කලබල වෙලා ඉන්නෙ y/n ! ඔය ඔයාගෙ අත වෙවුලනවා !!

y/n : අසොහියා !! මට බයයි !! මං මීට කලින් මේ වගේ සර්ජරි ඕනි තරම් කරලා තියෙනවා..ඒත් අද මට බයක් දැනෙනවා !

azohi : ආ මෙන්න ඉන්ජෙක්ෂන් එක ! ඔයාට පුළුවන් y/n !! මං දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන් !!

"දඩ බඩාං ! 🔊"

azohi : අහ් ! මොකද්ද ඒ සද්දෙ??

jeongin : නූනා !!!!

lenee : ඈ.........හ් !!!

hoshi : ඔහ් !!! අහකට වෙන්න !!

bangchan : අම්මොහ් ! ඇති ඔයින් ගියා !!

yujie : ළමයි ! ඔයාලට ප්‍රශ්නයක් නෑනේද? හැමෝම පොඩ්ඩක් නහයවල් වහගන්න..මේ දුම් බෝම්බෙ තව ටික්කින් පැතිරෙයි !!

ඒ සද්දෙ ආවෙ යුජීගෙ ටීම් එක ගහපු දුම් බෝම්බෙකින්..එයාලට ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.ඒත් අර කට්ටියම එකතු වෙලා හොරු ටිකව හෙම්බත් කරලා හිටිය නිසා යුජීලට ඒ වැඩේ ගොඩක් ලේසි වුණා..

Infinite fraternity [straykids]Where stories live. Discover now