පාලම දිගේම දොඩම් ගෙඩිය කකා වටපිට බල බල ඇවිදන් ආපු කූක් නැවතුනේ හෝටලේ ඉස්සරහ. හොද හුස්මක් ගත්ත එයා දකුනු කකුල පෙරට තිබ්බෙ ඇතුලට යන්න කියල.
"ඕහ් දොර ඇරලා.."
"ම්න්හ්නුහ්ගය්ත්ෆෆ්ද්ද්ෆ්ද්විග්ජ්ජ්න්..."
"ආහ් මොකද්ද අන්කල් කියන්නේ. මට පොඩ්ඩක් තේරෙනව මදි වගේ.."
කූක් කකුල පෙරට තිබ්බා විතරයි ඉස්සර හිටපු සොම්බි අන්කල් පිටිපස්ස හැරිල කූක්ට කතා කරා.
"උක්ත්‍රුග්ව්ග්‍ය්ග්ජ්බක්ගුස්භ්ම්...."
"ආහ් හොදයි අන්කල් ඕකේයි යූ නෝ මම මේ ලෝකෙ නොදන්න බාසාවක් නෑ අන්කල් . බට් සොම්බි බාසාව නම් අදමයි ඇහුවෙ . අන්කල් කිව්වෙ මම හැන්ඩ්සම් කියල නේද..?😌 ඔ ඕ ඕ යෑස් අන්කල් අයි නෝ අයි ඈම් ද බෙස්ට්."
ඇස් දෙකත් බාගෙට පියාන අත් දෙකේ තිබ්බ දොඩම් ලෙලි ටික සොම්බි අන්කල් අතට දුන්න කූක් කොන්ඩේ ඒම පිටිපස්සට කරල අන්කල්ට ඇහැක් ගැහුවා.
ඒක දිහා හිස් බැල්මෙන් බලන් හිටපු අන්කල් අත් දෙකත් පහලට දාගෙන අනිප්පැත්ත හැරිල යන්න ගියේ මුට කියල වැඩක් නෑ වගේ හිතන ගමන් වෙන්න ඇති. 🥴
"ඉට්ස් ඕකේයි අන්කල් ඔයා ඔයාගෙ වැඩේ කරගන්න ගිහින් මම මගේ ගමන යන්නාම්.. ඒනම් කොල්ලො අපි ගියා."
එයාව පාස් කරල යන සොම්බි අන්කල්ට සැලියුට් පාරක් දාපු කූක් කනා පොට්ටයා වගේ ගිහින් හැප්පුනේ හොටෙල් එකේ ඉස්සරම තිබ්බ වීදුරු දොරේ..
"ආ................................ව් මගේ නාසය.. 😵"
සමහරවිට සොම්බි අන්කල් කියන්න ඇත්තෙ ඕක තමයි. මොකෝ සොම්බි අන්කල්ලට සින්හල පුලුවන් කියල යෑ....
නහය අල්ලන් හතර වටේ කැරකුන කුකීදිහා එතනින් යන සොම්බි අන්කල්ලා ටික අප්පුඩි ගහන ගමන් බලන් ඉදල යන්න ගියා.
"මම නැටුවා නෙවෙයි ඒයි. "
නහය අල්ලගෙනම ඈතින් යන සොම්බි අන්කල්ලට බැන බැන ආයෙත් හතර වටේ කැරකුන කූක් අන්තිමට කෙලින් හිටගත්තා.
"ඕකේයි ලෙට්ස් ගෝ ටු ද ඇතුලට. ඩ්‍රැකියුලා නගා අයි ඈම් කමින්.."
YOU ARE READING
hotel transylvania 👻🧛♂️ kook ver. 🥴🐰 [completed]
Fanfictionඅති බයන්කර , අති නිර්භීත , සියල්ල දත් , දේහදාරී මොලේ ඇලෙන් හෝදපු හා කොල්ලෙක්.🚶♂️ බනිස් ගෙඩියක් කකා කැලේ ඇවිදින ඔහු නොදැනීම ඇවිත් තිබුනේ ......... "සා වෑව් පාටියක් වගේ..ඕම හිටු මම එනෝ.."🏃♂️ 🤷♂️ කොතනින් කොහොම අවසන් වෙයිද කියල ලියන මම වත...