Part 09...💜

104 28 7
                                    

[මං මේ උඩින් දාන ෆොටෝස් ගැන වැඩිය හිතන්න එපා ඒයිලා . මම හිතෙන හිතෙන එව්ව දාන්නෙ මේ.🙂💛]

කොරිඩෝ එකේ තියෙන බඩු සීසීකඩ යනවා. පිගං කෝප්ප පාවෙනවා. සොම්බි අන්කල්ලගෙ ඔලු අත පයත් උඩිම් විසික් වෙනවා.

ඔව් මේ ඩ්‍රැකී අන්කල් නැට්ට ගිනිගත්ත වදුරා වගේ කුකීව හොයාන අර අඩිසලකුනු පස්සෙ දුවනවා. පොර හිතන් ඉන්නෙ කොරිඩෝ එක අධිවේගී මාර්ගය කියල ඒකයි මේ.

ඕම ගිහිම් ගිහිම් අන්තිමට ඩ්‍රැකී අන්කල්ට නවතින්න උනේ පාරමැද කව්දෝ හිටපු නිසා.

"ජියෝ.. මොකද මේ ඇහැරලා. ඉර පායලා තියෙන්නෙ. ඔයා එලියට ගියොත් පිච්චෙයි."

ම්ම්ම් ඒ හිටියෙ ජියෝ. එයා කාමරෙන් එලියට ඇවිත් හොරෙම්ම කොහෙදෝ යන ගමන් තමයි හිටියේ.

"ආම්... මට නින්ද ගියේ නෑ. කුකීව දැක්කද​..?"😁

​​"නෑ දැක්කෙ නෑ .. ආහ්😳 මොකටද එයාව හොයන්නේ..🤨?"

ජියෝව පහුකරන් ඉස්සරහට යන ගමන් හිටපු ඩ්‍රැකී අන්කල් එකපාට්ට නැවතිලා ජියෝ ගාවට ගිහින් මූනටම ලන් වෙලා එහෙම ඇහුවේ ජියෝ කුකී ගැන අහපු නිසා.

"ඕව් ආම්ම්ම්ම්... මේ"🙄

"ඔයා එයාට කැමතිද​.?"🙄

ජියෝ වචනයක් කියාගන්න බැරුව ගොතගහන අස්සෙ ඩ්‍රැකී අන්කල් එහෙම ඇහුවම ජියෝගෙ ඇස් දෙක උඩ ගියා.

"මොකාක්...  😳අයියෝ තාත්තෙ. එයා හරි අමුතුයි. විකාරයි. හැසිරෙන්නෙත් ලෝකෙ ඉන්න ලොකුම පිස්ස වගේ.."😅

එහෙම කියපු ජියෝ සුපිරි මනෝ ලෝකෙක පාවෙන්න ගත්තේ ඩ්‍රැකී අන්කල් ලග ඉන්නෙ කියන එකත් අමතක වෙලා වගේ.

ඒත් එක්කම ඩ්‍රැකී අන්කල්ගෙ මූන කරත්තෙට අහුවෙච්ච කජුලෙලට එහා පැත්තෙන් තිබ්බ තැලිච්ච කජු ඇටේ වගේ උනා.

"ආහ්....ඔ.. ඔහොම්මම ඉන්න​."

එකපාට්ට එහෙම කියපු ඩ්‍රැකී අන්කල් දුවල ගිහින් එතනම එහා පැත්තෙ හිටපු නයිට් ඇදුමක් ඇදගත්ත ජූනිගේ පරම්පරාවෙ හොල්මන ලගට ගියා.

[මේකයි මන් එයාට ජූනිගෙ පරම්පරාවෙ කිව්වෙ. ඇත්තම කියනවනම් ඔයාලට උනත් එයා ලගට ගියොත් බලාගන්න පුලුවන් වෙන්නෙ නයිට් කෙනෙග්ගෙ ඇදුමක් විතරයි. මොකද එයත් මිස්ටර් ඉන්විසිබල් වගේ පොරක්. ඒකයි... 🙂] ​

hotel transylvania 👻🧛‍♂️ kook ver. 🥴🐰 [completed]Tempat cerita menjadi hidup. Temukan sekarang