ගුහාව ඇතුලෙන් ගිහින් ගිහින් දෙන්න අන්තිමට ආවෙ හරිම ලස්සන තැනකට.ඒ දෙන්න හිටියෙ මාලිගාවෙ වහල උඩ.
එතනට වටපිටාව ගොඩාක් ලස්සනට පෙනුනා.පුදුමාකාර ලස්සනක්.
දෙන්නම වහලෙ මැද හරියට වෙන්න ඉඳගත්තා.
"මම හැමදාම වගේ රෑට මෙතනට එනවා."
එහෙම කියපු ජියෝ ඈත අහස දිහා බැලුවා.
"ම්ම්ම්ම් මෙතන හරිම ලස්සනයි. මුලු පලාතම ලස්සනට පේනවා."
කුකී මේ තැනට වශී වෙලා වගේ.
"මෙතන හරිම නිදහස් "
ජියෝ ලොකූ හුස්මක් ගත්තා.
"දවසක් මම ගියපු කන්දක් උඩත් මෙහෙම ලස්සන තැනක් තිබ්බා.ඒ තැනටත් මේ වගේම මුලු වටපිටාවම පෙනුනා. හරීම ලස්සනට."
කුකී කිව්වා.
"වාව් ඔයා නම් ලෝකෙ හැම තැනටම ගිහින් තියෙනව නේ. එතකොට ඒක තියෙන්නෙ මාබල් බීච් ලගද"
"ඕ මාබල් බීච්.. මම එකම එක සැරයක් ගියා එහෙට. සංගීත සංදර්ශනයක් බලන්න."
"මොකාක් මිනිස්සුන්ගේ සංගීත සංදර්ශනයක්?"
"ම්ම්ම් ඔව්ව්... ඒක මිනිස්සුන්ගේ සංගීත සංදර්ශනයක් තමයි."
"ආහ් ඉතින් එයාල ඔයාව දුම්මල ගහල එලෙව්වෙ නැද්ද."
ජියෝ හරිම පුදුමෙන් කුකීගෙන් අහනවා.
"අනේ නෑ . හැබැයි එක්කෙනෙක් මගේ බෑග් එකේ තිබ්බ කෑම පෙට්ටිය හොරකම් කරල තිබ්බා.මම හිතන්නෙ එයා බඩගින්නෙද කොහෙද ඉදල තියෙන්නේ. ඉතින් ඔයා මොකද මේ ගෙදරටම වෙලා ඉන්නේ."
කුකී එහෙම ඇහුවම ජියෝ මූන දෙක කරගත්තා.
"ආයිශ්... අපේ තාත්තා මට කොහෙවත් යන්න දෙන්නෙ නෑනෙ. 'ඒක ඔයාට හොද නෑනි පැටියෝ , ඔයාට කරදරයක් වෙයිනේ පැටියෝ , මේම කියන්නෙ ඔයාගෙම හොදටනෙ පැටියෝ... ආයිශ් මට නම් දැන් ඒ ටික අහල ඇති වෙලා."
ගානට ඇද කර කර ජියෝ එහෙම කියනකොට කුකී හිනා වෙවී ජියෝ දිහා බලන් හිටියා.
"ජීවිතේ විඳින්න ඕනි.තමන්ට අවුරුදු එකසිය විසිහතර එන්නෙ එක පාරනේ ඒක විඳින්න ඕනෙ . කව්ද දන්නෙ ලබන ආත්මෙ ගොලුබෙල්ලෙක් වෙලා ඉපදෙයිද කියලා. ඒම උනොත් ඉතිම් හබක් තමයි. සෙන්ටිමීටරයක් යන්නත් පැයක් යද්දි කෝමද ආතල් එක.. හම්මෝ මතක් කරන්න එපා..ඈ................ව්ව්ව්.. 😵🥴"
YOU ARE READING
hotel transylvania 👻🧛♂️ kook ver. 🥴🐰 [completed]
Fanfictionඅති බයන්කර , අති නිර්භීත , සියල්ල දත් , දේහදාරී මොලේ ඇලෙන් හෝදපු හා කොල්ලෙක්.🚶♂️ බනිස් ගෙඩියක් කකා කැලේ ඇවිදින ඔහු නොදැනීම ඇවිත් තිබුනේ ......... "සා වෑව් පාටියක් වගේ..ඕම හිටු මම එනෝ.."🏃♂️ 🤷♂️ කොතනින් කොහොම අවසන් වෙයිද කියල ලියන මම වත...