Part 10...💜

93 27 12
                                    


"ඔයා මාව බේරගත්තට ගොඩාක් ස්තූතී. එයාට නම් හොඳටම පිස්සූ.මාව කන්නයි හැදුවෙ එයා.එකපාරකුත් මට ඕම එකක් උනා ඒ සංගීතයක් බලන්න ගිහිල්ලා."

ඩ්‍රැකී අන්කල් කුක්කවත් එක්කගෙන කොරිඩෝවක් දිගේ ඉස්සරට යන ගමනුයි හිටියේ. ඒඅස්සේ කුක්කා කියෝනවා ඉවරෙකුත් නෑ. කෝමත් ඒ කට වහම් හිටියොත් ඒ කියන්නෙ එක්කො එයා මොනාහරි කනවා, නැත්තම් මොකෙක්හරි එකෙක් කට බැඳල දාලා.

"මට ඔයාට පොඩිදෙයක් පෙන්නන්න තියෙනවා."🙂

"ආහ්.. ම්ම්"

ඩ්‍රැකී අන්කල් එකපාට්ටම එහෙම කියලා දොරක් ඇරගෙන පොඩි කලුවර සාලාවක් අස්සට ආවා.කුක්කත් හිමීට එයා පස්සෙන් ඇවිදගෙන ගියා.

"කැහැ කැහැ [ආහ් එයා ඒ කැස්සා. 🙂] ඕහ් මේක කනත්තක්ද​? වාව් මේ ඔයාගෙ ඇඳද​? "

සාලාව අස්සෙ තිබ්බ මිනීපෙට්ටියක් ගාවට ගියපු කුකී ඒක බදා....ගත්තා.

"ම්ම්ම්ම් නින්දක් දාන්න නම්ම්..... ආහ් මොනවා මං මෙයාව දන්නවා.ලූගෝ මාලිගාවෙ මෙයාගෙ චිත්‍රෙකුත් තියෙනවා. ඒක මම ආසම මාලිගාව​.මේ කාන්තාව වටා පුරාවුර්ත තියෙනවා."

පෙට්ටිය බදන් හිටපු කුකී ඩ්‍රැකී අන්කල් දිහා බලනකොටම එයා හිටියේ බිත්තියේ එල්ලපු චිත්‍රක් දිහා බලාන. ලොකූ ඉටිපන්දම් පිරුන රදවනේකුත් ඩ්‍රැකී අන්කල්ගේ අතේ තිබුනා​.චිත්‍රෙ බාගයක් පොඩි රතුපාට සලුවකට වැහිලා තමයි තිබුනේ.

ඒකෙ පේන පැත්තේ තිබුන කාන්තාවකගේ රූපයක් දැකපු කුකී ආයෙමත් කතාව පටන් ගත්තේ ඩ්‍රැකී අන්කලුත් ඇස් දෙක ලොකු කරන් ඒත් ඉවසිලිවන්ත බැල්මකින් කුකී දිහා බලාගෙන ඉන්නකොට​.

"මොකක් පුරාවුර්ත​.?"

ඒත් එක්කම ඩ්‍රැකී අන්කල් අතේ තිබ්බ ඉටිපන්දම අතට ගත්ත කුකී චිත්‍රෙ ලගටම ඇවිදගෙන ගියා.

"මේ තමයි ලූගෝ මැතිනිය​.මේ කතාව හරි දුක හිතෙන එකක්.එයයි එයාගෙ ස්වාමි පුරුශයයි ඒ කාලෙ බෝම ආදරෙන් ඉදල තියෙන්නේ.මේ දෙන්නා ලූගෝ මාලිගාවෙ ජීවත් වෙලා ඉන්න කාලෙ ඒ ගොල්ලන්ට දරුවෙකුත් හම්බෙලා.

hotel transylvania 👻🧛‍♂️ kook ver. 🥴🐰 [completed]Où les histoires vivent. Découvrez maintenant