"ඩ්‍රැක් එයා යනව දැකල ඔයා මෙහෙම ඉන්න එක ගැන පුදුමයි."
ජනේලෙන් එලියේ ජියෝ ඈතට පියාබන දිහා බලන් හිටිය සූග් ඒම කිව්වා.
"ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි... ඩ්‍රැක් ඩ්‍රැක්.... කොහෙටද එයා ගියේ..."🙄
කියල පිටිපස්ස බලනකොට ඩ්‍රැක් අතුරුදහන්.
.........................................
"නියමායි... යේ................"🥳
ජියෝ පිස්සු හැදිලා වගේ කෑ ගහගහ අහස පුරාම පියාබනවා.
මේ අතරෙ එයාවත් නොදැන එයාගෙ පස්සෙන් කෙනෙක් ආවා.ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ඩ්‍රැකී අන්කල්. එයා ජියෝගෙ පස්සෙන්ම ආවා.
"තාත්ත කියපු විදිහට මේ තියෙන්නෙ කනත්ත."
එයාටම කියාගත්ත ජියෝ විදුලි වේගෙන් කනත්තට එහායින් තිබුන පුංචි මිනිස් ගම්මානයට ගියා.ඩ්‍රැකී අන්කලුත් ජියෝට හොරෙන්ම ගමට ගිහිල්ලා පොඩි කඩයක් වගේ එකක් පිටිපස්සෙ හැංගුනා.
ඒත් එක්කම වහලයක් උඩට ගිහින් වෙස් මාරු කරගත්ත ජියෝ සද්ද නැතුව ගම දිහා බලාන හිටියා.ගමේ කවුරුවත්ම හිටියෙ නෑ. ඒත් හැමතැනම ලයිට් දාල තිබුනා.ඒක මැද පොඩි වතුර මලකුත් තිබුනා.
හිමීට වහලෙන් බිමට බැහැපු ජියෝ ටික දුරක් ඉස්සරහට ආවා.
"ආම්....හලෝ....කවුරුත් නැද්ද.....?"
ටිකක් සද්දෙන් එහෙම අහනගමන් ඉස්සරහට ගියපු ජියෝ ඊලගට දැක්කේ වීදුරුවක් බිත්තියක් තියෙන කඩයක්.ඒකෙ ඇතුලෙන් ලස්සන ගව්මක් ඩමියකට අන්දලා තිබුනා. ඒක ලගටම ගියපු ජියෝ ඒක දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
"ඔහේ කව්ද...යනවා..."😠🧟
ඒත් එක්කම ඩමියට පිටිපස්සෙන් දාල තිබුන රෙද්දත් ඇරගෙන මනුස්සයෙක් වගේ කෙනෙක් ගිනිමැලයකුත් අරගෙන ඇවිත් කෑ ගැහුවා.
ඒත් එක්කම මේක බලාගෙන හිටපු ඩ්‍රැකියුලා අන්කල් පාරෙ දල්වලා තිබ්බ විදුලි පහන් ඔක්කොම නිවල එතන අඳුරු කරා.
"ඕහ් කොහොමද..? ප්‍රශ්නයක් නෑනෙ . මගේ නම ජියෝ ඩ්‍රැකියුලා. ආහ් මං........."
ESTÁS LEYENDO
hotel transylvania 👻🧛♂️ kook ver. 🥴🐰 [completed]
Fanficඅති බයන්කර , අති නිර්භීත , සියල්ල දත් , දේහදාරී මොලේ ඇලෙන් හෝදපු හා කොල්ලෙක්.🚶♂️ බනිස් ගෙඩියක් කකා කැලේ ඇවිදින ඔහු නොදැනීම ඇවිත් තිබුනේ ......... "සා වෑව් පාටියක් වගේ..ඕම හිටු මම එනෝ.."🏃♂️ 🤷♂️ කොතනින් කොහොම අවසන් වෙයිද කියල ලියන මම වත...