Chapter 1

2.1K 143 9
                                    

මත්වුණු උමතුවක
සෙවූ ප්‍රේම පාරාදීසය

Drugs ~°•°•~

~~~~~~~~~~~~~~

අදුරු රාත්‍රියේ තිබුණ හිරිකඩු පිපෙන සීතල ගානකට නොගෙන බෙලා බැල්කනියට ගියේ තමන්ගේ අවංක ප්‍රේමයේ අයිතිකරු වූ ජන්කුක්ව කොහොමහරි මෙතනින් එක්කන් එන්න.

මත්වුණු ජන්කුක් හිටියේ රෑ අහස දිහා බලාගෙන. පිටිපස්සෙ ආපු බෙලාගෙ සෙරෙප්පු ගැටෙන සද්දෙදට ඔහු වෙරිමතින්ම බෙලාගෙ පැත්තට හැරුණත් කිසි හැඟීමක් නැතිව ඇය දෙස බලන් හිටිය ජන්කුක් තම දෙනෙත් නැවතත් රෑ අහස දෙසට යොමු කලා.

" ඇයි තමුසේ ආවෙ "

ජන්කුක් මත්වුණු කටහඬින් බෙලාගෙන් ඇහුවේ තම අතේ තිබුණු සිගරට් එකත් දෙතොල් අතර රඳවන ගමන්.

" ජන්කුක් "

කෙල්ල හෙමින් හෙමින් ජන්කුක් ලඟට ගියේ හිතේ බයකින්.

" ජන්කුක් යමුද දැන්.. තාම ඔයා කාලත් නෑ "
බෙලා හෙමින් කියද්දි ජන්කුක් නෑසුන ගානට හිටියා.

" ජන්කුක් ඔය ඇති දැන් කන්න යමු "

ජන්කුක් කතා නොකරපු නිසා කෙල්ල ආයෙත් කිව්වෙ මත්වෙලා හිටපු ජන්කුක්ගේ අතින් අදින ගමන්. ඒත් ජන්කුක් කෙල්ලගෙ අත ගසලා දැම්මා.

" එහාට යනවා "

ජන්කුක් ආයෙත් අනිත් පැත්ත බලාගත්තෙ බෙලාගේ ඇස්වලින් කඳුලු එද්දි.

" ඒත් ජන්කුක් දැන් හොදටම රෑ වෙලා.. මේ සීතලේ එළියෙ හිටියොත් ඔයා ලෙ__ "

" තමුසේ ගිහින් කාලා නිදාගන්නවා. මට බඩගිනි නෑ "

" ඒත්__ "

" මන් කියපු දේ ආයෙත් කියන්න මට  ඉඩතියන්න එපා බෙලා "

ජන්කුක් කටහඩේ සැර තවත් වැඩි කරලා කිව්වා. බෙලාට බෑ ජන්කුක් මෙහෙම විනාශ වෙනවා බලන් ඉන්න. කාටද පුලුවන් තමන් ආදරේ කරන කෙනා මේ විදියට මතින්ම විනාශ වෙනවා බලන්න.

" ජන්කුක් කවද්ද මේවා නවත්තන්නෙ දෙයියනේ."

බෙලා ඉවසන් ඉන්න බැරිම තැන අත්වලින් මූණ වහන් අඩන්න ගත්තා.
___________________________

DRUGS  || JJK (Completed)Where stories live. Discover now