Chapter 20

546 84 15
                                    

මුළු පරිසරේම ඝන කළුවරකින් වැහිලා ගිහින්. වෙනදාටත් වඩා තදින් වහින වැස්සෙත් මොකක්දෝ අමුතු මූසල ගතියක් හැමතැනම පැතිරිලා.. ජන්කුක් හිටියේ බැල්කනියේ බැම්මට හේත්තුවෙලා බිම වාඩිවෙලා.

වැහි වලාකුළු වලින් වැහුණු හඳවත් නොපෙනෙන රෑ අහස දිහා බලන් හිටපු ජන්කුක්ව නොකඩවා වහින වැස්සෙ හිරිකඩවලින් නෑවිලා ගිහින්.. වැස්සත් එක්ක හැමතැනම පැතිරිලා තිබුණේ වෙව්ලන්න තරම් සීතලක් වුණත් කොල්ලට ඒ සීතල දැනුණෙවත් නෑ..

ජන්කුක්ගේ වටේ විස්කි බෝතල් දෙක තුනක් හිස් වෙලා පෙරලිලා ගිහින්.. තව බාගෙට හිස් වුණු බෝතලයක් කොල්ලාගේ එහාපැත්තේ..ජන්කුක් අහස දිහා බලාගෙනම තමන්ගේ වම් අත එහා මෙහා කරලා බාගෙට බීලා තිබුණු විස්කි බෝතලේ අතට ගත්තා.. ඒකෙන් උගුරු දෙකක් විතර බිව්ව ජන්කුක් ආයෙත් බෝතලේ එහාපැත්තෙන් තියලා බැම්මට ඔලුව ගහගෙන ඇස් පියාගත්තා..

ඇහැ කොනේ බේරෙන්න ඔන්න මෙන්න තිබුණ කඳුලු ජන්කුක්ගේ කම්මුල දිගේ ඔහේ ගලන් ගියේ රිදුම් දෙදී පිච්චෙන හිතේ වේදනාව කියන්න වගේ.. ජන්කුක් තමන් ඇඳන් හිටපු කලිසමේ සාක්කුවට අත දාලා සිගරට් පෙට්ටියයි ලයිටරේයි එළියට ගත්තේ බොදවුණු මත්වුණු ඇස් ඒ දෙසට යොමු කරන ගමන්..

සිගරට් එකක් අරන් ඒක පත්තු කරන් ජන්කුක් සිගරට් එක තොල් අතර රඳවගත්තා..තරුවක්වත් නොපෙනෙන අහසේ ඔහේ ඇස් යවන ගමන් හිටපු ජන්කුක්ට ආපහු එකපෙලට අදට මාස දෙකකට කලින් වුණු සිද්ධිය මතක් වුණේ තුවාල වුණු හදවත ආයෙ ආයෙත් පෑරෙද්දි.. බෙලා කොල්ලව දාලා ගෙදරින් ගිහින් මාස දෙකක් ගෙවිලා...

බෙලා suitcase එකත් අරන් කොල්ලා ඇහුව දේටවත් උත්තර නොදී දොර ළඟට යද්දි ජන්කුක් කෙල්ලගෙ නිදහස් අතින් අල්ලලා තමන්ගේ පැත්තට හරවා ගත්තා..

" බෙලා මියාන්___"

ජන්කුක් අල්ලන් හිටපු බෙලාගෙ අත ඇදලා අරන් ඒ අතින් කෙල්ල ජන්කුක්ගේ කම්ම්මුලට හයියෙන් ගැහුවේ කොල්ලාගේ මූණ පැත්තකට හැරවෙද්දි..

" කටවහගන්න ජන්කුක්.. තමුසෙ කොහොමද මගෙන් සමාවගන්න හිතන්නෙවත්! මගේ ඔම්මා මට නැති වුණේ තමුසේ නිසා ඒක කවදාවත් අමතකවෙන්නෑ.. "

DRUGS  || JJK (Completed)Where stories live. Discover now