Chapter 15

453 86 12
                                    

ලෝකෙ ජීවත් වෙන විවිධාකාර මිනිස්සු අතර පෙලක් මිනිස්සු බලයට , සල්ලිවලට තියෙන කෑදරකමට ඕනම නරක දෙයක් කරන්න පෙළබෙනවා. ඒවගේම ඒවාට යොමු වෙලා තමන්ගේ ජීවිතෙත් ඔහේ විනාශ කරගන්නවා. ඒක ඒ අය හිතලා කරගන්නෙ නැතිවෙන්න පුලුවන් ඒත් ඔවුන්වත් දන්නෙ නෑ තමන්ගේ ජීවිතේ විනාශ වෙනකන්. හැරිස් කියන්නෙත් ඒ වගේ කෙනෙක්.

හැරිස්ට ඕන වුණේ මේ හැමදේම පාලනේ කරන්න. ඒත් හැරිස් හිතන්න නැතුව ඇති හතුරාව මරන්න ඇවිත් තමන්ටම මැරුම්කන්න වෙයි කියලා. හැරිස් වෙඩි වැදුනු වෙලාවෙම මැරිලා තිබුණා. නම්ජූන් වෙඩි තියලා තිබ්බෙ හැරිස්ගේ ඔලුවට..

නම්ජූන්ගේ කකුලට වෙඩි වැදිලා තිබුණ නිසා කොල්ලට සති දෙකක් තුනක් විතර ඉන්න වුණේ හොස්පිට්ල් එකේ.. ජන්කුක්ට වැදුණු බුලට් එක කොල්ලගේ අතේ ගැවිලා ගිහින් විතරයි තිබ්බෙ..ඒ නිසා ජන්කුක්ට නම්ජූන්ට තරම් අමාරුවක් තිබ්බෙ නෑ.. ජන්කුක්ට දවස් දෙකකින් විතර ගෙදර යන්න පුලුවන් වුණා. බුසාන් හොස්පිට්ල් එකේ ඉදන් ජැක් එක්ක කොල්ලා කෙලින්ම ගියෙ සෝල්වල ජන්ග්හියුන්ලගෙ ගෙදරට..

" ඔන්නි ජැක්ටවත් අරන් බැලුවනම් හරි නේද බලන්නකො ජන්කුක් ෆෝන් එක answer  කරන්නෙ නෑනෙ "

බෙලා සාලෙ එහෙ මෙහෙ යන ගමන් කිව්වෙ ෆෝන් එකත් කනේ තියාගෙන.. දැන් දවස් දෙකක ඉදන් ජන්කුක් කෝල්ස් answer නොකල නිසා කෙල්ල ටිකක් බය වුණා. බෙලා ජින්ටත් කෝල් කරලා බැලුවා. ඒත් කෙල්ලට හරියට දෙයක් දැනගන්න බැරි වුණා.. බුසාන් වරායෙදි වුණ සිද්ධිය ජින්ට ආරංචි වුණත් ජින් ඒ ගැන බෙලාට නොකියා හිටියේ කෙල්ල කලබලවෙයි කියලා හිතලා..

" බය වෙන්න එපා බෙලා ජන්කුක් වැඩකටනෙ ගියෙ එයා බිසී ඇති මේ ටිකේ.. "

" ඒත් එයාට කෝල්ස් answer කරන්න තිබ්බා "

බෙලා අන්තිමට සෝෆා එකේ වාඩිවෙලා හිටපු ජෙසී එහාපැත්තෙන් ඉදගත්තා.. ඒත් එක්කම එළියෙ කාර් එකක් නතර කරනවා ඇහෙද්දි බෙලා ජෙසී දෙන්නම දොර ළඟට ගියෙ ආවෙ කවුද බලන්න. ආපු කාර් එකෙන් ජන්කුක් එළියට බහිනවා දැකලා බෙලාට සතුටු හිතුනා.. ඒත් බෙලාගෙ සතුට නැතිවෙලා මූණ අඳුරු වුණේ ජන්කුක් බැන්ඩේජ් කරන් ඉන්න අතදැකලා.. කොල්ලගෙ මූණෙ තැනින් තැන තුවලා වුණ පැල්ලනුත් තිබ්බා..

DRUGS  || JJK (Completed)Where stories live. Discover now