Chapter 6

655 97 8
                                    

මුහුදත් එක්කම පාරෙ අයිනෙන් තිබුණ කැෆේ එකේ කෙළවරේම ටේබල් එකේ ඉදගෙන වීදුරුවෙන් පේන මුහුද දිහාවට ඇස් යොමු කරන් හිටපු බෙලාව ජන්කුක් ඈත ඉදන්ම දැක්කා.

බෙලා හිටපු තැනට ආපු ජන්කුක් පුටුවක ඉදගෙන ටේබල් එක උඩ තිබුණ බෙලාගෙ අත අල්ලගද්දි කෙල්ල එකපාරට ගැස්සුනේ වෙන කල්පනාවක හිටපු නිසා.

" ඇයි බෙලා? මොකක්හරි ප්‍රශ්නයක්ද? "

" අනී එහෙම මොකුත් නෑ "

" එහෙනම් "

" මන් නිකන් එන්න කිව්වෙ ජන්කුක්.. ඔයා එක්ක කතා කරන්න ඕනි වුණා."

" මොනා ගැනද? "

" ගොඩක් දේවල් මට මුලින්ම ඔයා ගැන දැනගන්න ඕනි. මොකද මෙච්චර දවස් ආදරේ කරත් මන් ඔයා ගැන තාම හරියට දන්නෙ නෑ කියලා හිතුනා "

ජන්කුක් තමන්ගේම හිතින් ප්‍රශ්න කරේ තමන් ගැන ඇත්ත බෙලාට කියනවද කියලා හිතන ගමන්..ඇයි එකපාර්ටම එහෙම ඇහුවෙ කියලා ජන්කුක්ට හිතුනත් ජන්කුක් හිතුවා මේ දේවල් දැනගන්න එක බෙලාගෙ අයිතියක් කියලා.

" හොඳයි.. මන් කියන්නම්.. මන් ගැන.. මේ දේවල් කිව්වට පස්සෙ ඔයා මොන විදියට හැසිරෙයිද කියලා මන් දන්නෙ නෑ. ඒත් එක දෙයක් කරන්න එපා බෙලා. ආයෙත් මාව දාලා යන්න එපා "

බෙලා ඇත්ත දැනන් හිටියත් කෙල්ලට ඕනි වුණේ ජන්කුක්ගේ කටින්ම ඒ ගැන දැනගන්න. බෙලාට ඊයෙ හැරිස්ගෙ කතාවෙන් පස්සෙ දැනුනේ උගුලට අහුවෙලා වගේ. තමන් ආදරේ කරන කෙනා රටේම ප්‍රසිද්ධ ක්ලබ්කාරයෙක් කියලා දන්නවනම් කෙල්ල සමහරවිට ජන්කුක්ට ආදරේ නොකරන්න තිබුණා. ඒත් දැන් බෑ එහෙම කරොත් වෙන්නේ විණාශයක්. ජන්කුක් මොන විදියෙ කෙනෙක් වුණත් දැන් කෙල්ලට බාරගන්න වෙනවා.

" ජේකේ..ඔයා ඒ නම හොඳටම අහලා ඇති. අදවෙනකන් NIS එකට හොයාගන්න බැරි වුණ ජේකේ මම "

ඒත් බෙලා කිසිම හැඟීමක් නැතුව කොල්ලා දිහා සන්සුන්ව බලන් ඉද්දි ජන්කුක්ට පුදුම හිතුනා මේවගේ දෙයක් නෙවෙයි කොල්ලා බලාපොරොත්තු වුණෙ..බෙලා ඒක අහපු ගමන් බයවෙයි කියලා හිතුණත් කෙල්ලගෙ මූණෙ බයේ සේයාවක්වත් පේන්න තිබ්බෙ නෑ.. ටිකක් වෙලා යනකන් සුළු නිහඩියාවක් දෙන්නා අතරෙ පැවතුණා.

DRUGS  || JJK (Completed)Donde viven las historias. Descúbrelo ahora