Last Chapter

841 95 30
                                    

" අයිගෝ ඔප්පා ඔයා ගොඩක් කරදර වෙලානේ "

බෙලා සෝෆා එකෙන් ඉඳගන්න ගමන් තමන් ඉස්සරහා ඉන්න ජිමින්ට කිව්වෙ ජිමින් හිනාවෙලා කෙල්ල දිහා බලද්දි..

" පිස්සුද බෙලා.. මගේ නංගිට මන් මේවා ගෙනාවෙ"

ජිමින් තමන්ගේ ඉස්සරහා ටේබල් එක උඩ තියලා තිබුණ කෑමකවර පෙන්නන ගමන් කිව්වෙ සතුටින්.. එදා ක්ලාරාගෙ සිද්ධියෙන් පස්සේ ජිමින් ගොඩක් බෙලාට සමීප වුණා.. නිතරම කෙල්ලව බලන්න ආවා.. ඒ ආපු හැමවෙලේම අතින් කටින්න බඩුමලු උස්සන් ආවේ තමන්ගේම නංගිට කියන හැඟීමෙන්.. ජිමින් ආපු දවස් වලට කෙල්ල කියෝ කියෝ ඉන්නවා ගොඩක් වෙලා..

මේ කාලේ බෙලා සතුටින් හිටියනම් ඒ ජිමින් වගේම ටේ නිසා... එයාලා ගොඩක් වෙලාවට කෙල්ලව සතුටුන් තියන්න වගබලාගත්තා.. මොකද මේ කාලෙදි තමා බෙලාට හයියක් ඕනම කාලේ..

ටේහියුන්ග් ඔෆිස් ගිහින් හිටපු නිසා කෙල්ල විතරයි ගෙදර හිටියේ.. ජිමින් බෙලා එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳලා යන්න නැගිට්ටා..

" හෙට නේද නවතින්න දින දීලා තියෙනෙන් "

" ඔව් ඔප්පා "

" මටනම් එන්න වෙන්නේ ටිකක් පහුවෙලා... ටේහියුන්ග් එක්ක පරිස්සමට යන්න හොඳද "

ජිමින් දොර ළඟට ගිහින් කෙල්ලගෙ ඔලුව අතගාලා කිව්වෙ බෙලා හිනාවෙලා හෙමින් ඔලුව වනද්දි.. ජිමින් පහත් වෙලා කෙල්ලගේ නළලට කිස් එකක් දීලා දොරෙන් එළියට ගියා..
_________________________

බෙලා හිටියේ සෝල් හොස්පිට්ල් එක ඇතුළට ටේහියුන්ග් එක්ක හෙමින් හෙමින් යන ගමන්.. කෙල්ලගෙ ඩිලිවරි එකට තිබුණේ සතියක් වගේ.. ඉතින් දින දීලා තිබ්බ නිසා බෙලාට හොස්පිට්ල් එකේ නවතින්න වෙනවා.. ඒ නිසා බෙලා , ටේහියුන්ග් එක්ක හොස්පිට්ල් එකට ආවා..

කාලය කියන්නේ නිකන්ම වචනයක් වුණාට ඒකට ලොකුවටිනාකමක් තියෙයි.. ඇසිපිය ගහන වේගෙන් ඒක අපෙන් ඈතට යනවා. බෙලාකුක් වෙන් වෙලා මාස හයක් ගෙවිලා තියෙද්දි තාමත් කාටවත් ඒ දෙන්නගේ එකතුවීමේ ඡායාව පෙනුනේ නෑ..

ටේහියුන්ග් පෙලක් දවසට උදේට කිචන් එකට එද්දි දකිනවා කෙල්ල එළවලු කපන ගමන් හිටියට පෙලක් වෙලාවට ඔහේ කල්පනා කරනවා.. ආයෙත් ටිකකින් සිහියට ඇවිත් උයන්න ගන්නවා.. ටේහියුන්ග් දන්නවා බෙලා කොච්චර නෑ කිව්වත් කෙල්ල ජන්කුක් ගැන ඕනවට වඩා හිතනවා කියලා.. ටේහියුන්ග් ඒ හැමවෙලේම කෙල්ල දිහා බලන් හිටියේ කියාගන්න බැරි දුකකින් වගේම ලොකු අසරණකමකින්!!

DRUGS  || JJK (Completed)Where stories live. Discover now