⭕ 11 ⭕

618 84 0
                                    

One week later

මේ සිදුවීම වෙලා සතියක කාලයක් ගතවෙලා තිබ්බත්,හදවත් දෙකක් එදා දවසෙ තාම නතර වෙලා..ගෙවල් දෙකේම වෙන්දා වගේම කට්ටිය හිටියත් එයාලගෙන් සතුට ඈත් වෙලා තිබ්බා..

ටේ එදා දවසෙන් පස්සෙ අද වෙනකන් කාත් එක්කවත් හිනා වෙලා නෑ හැමතිස්සෙම මූනේ ලස්සන  හිනාවක් තියාගෙන මොනා හරි කියලා අනිත් අයවත් හිනස්සලා ඉන්න පොඩි එකා අද නිශ්ශබ්ද චරිතයක් වෙලා...

මේ ටිකේම ටේ හරියට කෑමක් බීමක් ගන්නෙ නෑ.ජිමිනුය් හොබී ඇවිල්ලා කාමරේට ගිහින් කොච්චර ටේගෙ හිත හැදුවත් එයාගෙ මූනට හිනාවක් ගේන්නනම් තාම බැරි උනා.අඩලා අඩලම ඇස් ඉදිමිලා රෑ එලිවෙනකන් කල්පනා කර කර ඉදලා ඇස් යට කලු වෙලා..ටේව සතියකට කලින් දැක්ක කෙනෙක් අද දැක්කොත් අදුර ගන්න බැරි වෙන තරමටම ටේ වෙනස් වෙලා වගේම මානසිකව වැටිලා..

ජින් ඔක්කොටම වඩා දුක් වෙනවා ...
එයාගෙ චූටි හුරතලේගෙ වෙනස්වීම එයාට දරාගන්න බෑ... එයත් ඒක නිසාම මේ ටිකේ ලෙඩින් ,නම්ජුන්ට ජින් ඉන්න තත්වෙ බලන් ඉන්න බෑ එයා ආදරේ කරන හැමෝම දුකෙන් ඉද්දි එයා කෝමද සතුටින් ඉන්නෙ.? ....

ටේගෙ ගෙදර මේ තත්වෙන් තියෙද්දි ජන්කුක්ලගෙ ගෙදරත් ඊට වෙනස් නොව්නා..

නම්ජුන් පිස්සෙක් වගේ හැමතිස්සෙම කල්පනා කරනවා.එයාට ජින්ගෙ තත්වෙය් එයාගෙ චූටි හුරතලේගෙ වෙනස්වීමය්.එයාට දරාගන්න බෑ ..නම්ජුන් එදා මේ ප්‍රශ්නෙන් පස්සෙ ජන්කුක් එක්ක කතා කරෙත් නෑ..

ජන්කුක් පිටට පෙන්නන්නෙ නැතුව එයා හිතෙන් විදෝනවා..එයා එදා ටේට කියපු වචනයක් වචනයක් ගානෙ අද පසු තැවෙනවා..මේ දවස් ටිකේ එයාට තේරුනා ටේ ගැන එයාට නිකන්ම නිකන් හැගීමක් නෙවෙයි තිබ්බෙ කියලා ඒ හැගීමට එයා දැන් නමක් දීලා ඉවරය්.

එයත් දැන් ටේට ආදරේ කරනවා.හැමතිස්සෙම ඒ හුරතල් මූන මතක් වෙනවා ..

හියුන් ගගා පස්සෙන් ඇවිල්ලා බලෙන් හරි කතා කරන හැටි එයාට හැමතිස්සෙම මැවිලා පේනවා..ඉස්සෙල්ලා ටේව හැමතිස්සෙම දකින නිසා එයාට ඕවා ගානක් නොව්නත් අද ඒ දේවල් වෙනස් ..මේ සතියට ටේව දකින්නෙ නැතුව එයාට පිස්සු වගේ. ඒත් එයා ටේට කියපු දේවලුත් එක්ක ටේ ඉස්සරට යන්න පුළුවන් ද?ඒක මතක් වෙන පාරක් ගානෙ හදවත පිච්චෙනවා...

MY RAINDROP 💧(tk story)✅✅✅Where stories live. Discover now