"හිරු කුමරා උදෑසන මිහිකත සිපගන්න මේ සොඳුරු උදෑසනේ පතන්නම් ඔබ සැමට සුභම සුභ උදෑසනක් කියා. එසේනම් අවසරයි ගණිත අංශයෙ සිසුන්ට රැස්වීම් කටයුතු සිදුකිරීමට."
ඔන්න ඉතින් පටන් ගත්තා හැමදාම කියන බයිලෙ. මේ ගිනි කාශ්ටක අවුවෙ හැම ළමෙක්ම පිච්චි පිච්චි ඉද්දි සුන්දර උදෑසනක් කියලා කියපු එකීට ළමයින්ගෙන් ලැබුනෙ සුහද ප්රතිචාරනම් නෙමෙයි. ඔය අතරෙ ප්රින්සිපල් අත් දෙකත් බැදගෙන මහ ගාම්භීර විදියට පැවිලියන් එකේ හිටගෙන ඉන්නෙ සර්ගෙ උකුසු අැස් හැම ළමයවම හොඳින් අධීක්ෂණය කරද්දි.
ඉස්කෝලෙ එන දවස් පහෙන් මම අකමැතිම දවස වුනේ සඳුදාවට. එ් එදාට උදේ රැස්වීම තියෙන නිසා. ගිනි අව්වෙ ඉන්න වෙන එක තරම් අකමැති දෙයක් මට ලොවෙත් නැති තරම්. කොහොමහරි පැයක් විතර පේළියෙ හිටගෙන හිටියත් තවත් නම් මොහොතක්වත් එක දිගට ඉන්න බැරි වුනා.
"එ් හේසුවො තවත් නම් ඉන්න බෑ බන්. මේ මගුල දැන්ම ඉවරයක් කරන්නැද්ද මන්දා. අාශ්." මීනත් පිටිපස්සෙ ඉඳන් මගෙ කනට කෙදිරුවෙ එයාටත් අවුවෙ කරවෙලා ඉඳලා අැති වෙලා නිසා වෙන්නඅැති. මන් ශේප් එකේ ඔළුව විතරක් පොඩ්ඩක් එයාගෙ පැත්තට හරවලා ඉඟි කරේ කතා කරන්න එපා කියලා. මොකද ප්රින්සිපල්ගෙ අැස් එ් වෙනකොටත් නැවතිලා තිබුනෙ අපේ පේළියෙ. විනාඩි කීපෙකට මීනා නිහඬ වුනත් මට තරම්වත් ඉවසීමක් නැති එයා අාපහු කතාකරන්න ගත්තා.
"ඕයි තවනම් ඉන්න බෑ."
"ඉතින් උබ මට මොකද්ද කරන්න කියන්නෙ. පොඩ්ඩක් ඉවසන් ඉදපන් තව ටිකකින් පිනාගෙ කතාව. එ්ක ඉවරවුන ගමන් යමු."
"අනේ මේ ඕකා කතාකරන්න ගත්තා කියන්නෙ තව පැයකටවත් යන්න වෙන්නෑ. මේ මන් කියන්නද වැඩක්. මන් බොරුවට කලන්තෙ දාන්නම්. උබ මාව උස්සගෙන පලයන්."
"අම්මෝ යකෝ උබනම්....මරු හැබැයි. එහෙනම් උබ කලන්තෙ දාපන්කො මන් උබව අැඟට හේත්තු කරන් එක්කන් යන්නම්. මතක අැතුව මගෙ අැඟට බරවෙයන් බිමට පතබෑවෙන්නැතුව." මාත් හිනාවෙලා කියද්දි මීනා කින්ඩි හිනාවක් දාලා එයාගෙ අැක්ට් එක පටන් ගත්තා.