"එහෙනම් හැමෝටම මතකනෙ හෙට හැමෝම හවසට නවතින්න බලාගෙන එනවලා." යූන්ගි සොන්බෙ කෝල්ඩ් ලුක් එකෙන්ම කිව්වෙ හෙට ඉඳන් ස්පෝට් ප්‍රැක්ටිස් වලට ස්ලිදරින් හැම කෙනාම නවතින්න ඕන කියලා මතක් කරන්න වගේ.
"එහෙමයි උතුමානනි." එ්කටම හරියන්න වෙන ක්ලාස් එකක කොල්ලෙක් ගොඩක් යටහත් පහත් විදියට අාචාර කරනගමන් කියද්දි හැමෝම හිනාවුනා.
එදා දවසත් එ් විදියට ඉවර වෙද්දි මම යාළුවන්ටත් කියලා හිමීට බස් ස්ටෑන්ඩ් එකට අැවිදගෙන අාවා. එ්ත් එක්කම අාව බස් එකට ගොඩවෙලා සීට් එකකින් වාඩිවෙනකොටම බස් එක ඉදිරියට අැදුනා.
තවත් විනාඩි කීපයක් යනකොට ඉදිරියට අැදුන බස් එකේ වේගෙ අඩු වුනේ එ් වෙනකොටත් පාරෙ තිබුන ට්‍රැෆික් එක නිසා. ජනේලෙට ඔළුව තියාගෙන එළිය බලාගෙන අාව මගෙ අැස් නැවතුනේ ට්‍රැෆික් එක නිසා නවත්තලා තිබුන කළු පාට රේස් බයික් එක ගාව. කලු පාට ජැකට් එක දාලා කළු හෙල්මට් දාලා හිටපු කෙනාව අඳුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. එ් ජන්කුක් සොන්බෙ. හැමදාම වගේ ගොඩක් කඩවසම්. කලු පාට ජන්කුක් සොන්බෙට ගෙනල්ලා තියෙන්නෙ හොට් ලුක් එකක්.
එ්ත් එක්කම මට දැනුනෙ පිහිතුඩු වලින් හදවත සිදුරු කරද්දි දැනෙන වගේ වේදනාවක්. සමහරවිට එ් සොන්බෙ හිටියෙ තනියෙම නොවන නිසා වෙන්නැති. සොන්බෙ හිටියෙ සෝහිත් එක්ක. එකම බයික් එකේ. සොන්බෙව ගොඩක් තදින් බදාගෙන.
'එ් දෙන්නා එච්චරටම ළං වෙලාද?' මට ඉබේම සුසුමක් පිටවුනේ මුළු හිතම මූසල පාළුවකින් වහගනිද්දි.
♡♡♡
ඊළඟ දවසෙත් උදේම ඉස්කෝලෙට යන්න ගිය මට ඉස්සරහට මුණ ගැහුනෙ ජන්කුක් සොන්බෙව. වෙනදට එයාව දකින්න අාස වුනත් දැන් මගෙ හිත එ්කට ගොඩක් අකමැති වෙලා. මට දැන් ඕනි සොන්බෙ ගැන හිතේ දළුදාලා තියෙන හැඟීම් නැති කරන්න. සොන්බෙව කවදාවත් මුණ නොගැසුනානම් කියලා මම හිතපු වාර අනන්තයි. මොකද මේ අාගන්තුක හැඟීම් හැමවෙලාවෙම මාව රිද්දනවා.
"ගුඩ් මෝනින්!" මොහොතකට සිතුවිලි ගොඩක හිරවුන මම හරි සිහියට අාවෙ ජන්කුක් සොන්බෙ හිනා වෙලා ගුඩ් මෝනින් කියද්දි.