"එහෙනම් මට පොඩි හෙල්ප් එකක් ඕනි." සොන්බෙ මගෙ අැස් දිහා කෙලින් බලන් අහද්දි හැමදාම වගේ අදත් මගෙ හද ගැස්ම නොසන්සුන් වුනා.
"මොකද්ද සොම්බෙ?" කොහොමහරි වචන ටිකක් එකතු කරන් කතාකරන්න පුළුවන් වෙද්දි එයා මම දිහාට දික් කලේ කොළ කීපයක්.
"වැඩි දෙයක් නෙමෙයි. මෙන්න මේ නම් ටික ලියලා එ්වට අදාල ලකුණු ටික දාන්න තියෙන්නෙ."
"ම්....මන් කරන්නම්."
සොන්බෙගෙ අතින් කොළ ටිකයි පේපර්ස් ටිකයි අරගත්ත මම එ් ටික ටේබල් එක උඩින් තිබ්බෙ පුටුව තව ටිකක් ඉස්සරහට කරගන්න ගමන්. සොන්බෙ මද හිනාවක් දාලා එතනින් යද්දි මම නම් ටික ලියන්න ගත්තා.
ටිකෙන් ටික වෙලාව ගතවුනේ නම් ලියන වැඩෙත් පීරියඩ් එක අැතුලෙ කරගන්න පුළුවන් කරලා. බෙල් එක ගහපු ගමන් මායි සේහියි සොන්බෙට කොළ ටිකත් දීලා පන්තියට අාවෙ පොත් ටිකත් එක අතකින් තුරුළුකරන්.
ඔයවිදියට දින සති ගෙවිලා ගියෙ හරිම වේගෙන්. අදත් සාමාන්ය දවසක්. බෑග් එකත් එක උරහිසකින් එල්ලගෙන මම අැවිදන් අාවෙ අපේ ක්ලාස් එක පැත්තට. මම එනකොටම වගේ සීනියර් සොන්බෙ කෙනෙක් කෑගහල කිව්වෙ "එ් කුකියා, අන්න උබේ නංගි බබා එනවා."කියලා. කාටද කිව්වෙ කියලා තේරුන්නැති වුනත් කටහඬ ජිමින් සොන්බෙගෙ කියලා අඳුරගන්න මට පුළුවන් වුනා.
මම පාඩුවෙ ක්ලාස් එකට අාවිත් බෑග් එකත් පුටුව උඩින් දාලා කොස්ස අතට ගත්තෙ පන්තිය අතුගාන්න තියෙන්න අපේ පේළියට කියලා මතක් වෙලා. තත්පර විනාඩි පැය ගෙවිලා ගිහින් සුපුරුදු විදියට ඉස්කෝලෙ වැඩ පටන් ගත්තා.
පන්තිභාර මිස් එද්දිම අපි හැමෝම මිස්ට අාචාර කරලා වාඩිවුනේ ඊළඟට ඉතින් පැය භාගයක් විතර ම්ස්ගෙ දේශණේ අහන් ඉන්න වෙනවා කියලා දන්න නිසා.
"ළමයි අද මේ පන්තියට අලුත් ළමෙක් එනවා. එ් නිසා එයත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න." මිස් කියලා කටගන්නවත් එක්කම ක්ලාස් එකේ දොර අැරගෙන අැතුලට අාවෙ පෝනි ටේල් එකක් දාපු හුරුබුහුටි ලස්සන ගෑනු ළමෙක්.