VI කොටස

500 96 27
                                    

ෆ්‍රාන්ස් වල ඉඳන් සෝල් වලට එන ගුවන් යානේ ෆස්ට් ක්ලාස් එකේ ආසනේකට බරවෙලා ඇස් දෙකත් පියාගෙන කල්පනා ලෝකෙක ගිලිලා හිටිය මාව ඇහැරුනේ එයා හොස්ටස් කෙනෙක් ඇවිත් ලන්ච් එක සව් කරපු නිසා.

ඒ ලේඩිටත් ස්තූති කරලා ලන්ච් එක අරගත්ත මම වින්ඩෝ එකට පිටතින් පේන වළාකුළු දිහා බලාගෙන හිටියෙ හිස් හැඟීමකින්. පැය හතරක් විතර ගතවෙන්න මත්තෙන් සෝල් නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරපු ප්ලේන් එකෙන් බැහැලා මම ඉදිරියට ඇවිදගෙන ගියෙ එක අතකින් ලගේජ් එකත් ඇදගෙන එන ගමන්. ඒත් මට යන්න පුළුවන්වුනේ අඩි කීපයයි.

"නූනා..." පිටුපසින් ඇහුන කටහඬට මම නතර වෙලා හඬ ආව දිහාව බලද්දි දැක්කෙ චූටි ගෑනු ළමෙක් හිනා වෙලා බලාගෙන ඉන්නවා.

"නූනා මේක ඔයාගෙන් වැටුනා." චූටියා බොත්තමක් එල්ලලා තියෙන සිල්වර් කලර් නෙක්ලස් එකක් මගෙ දිහාවට දික් කරනගමන් කියද්දි මම බැලුවෙ මගෙ නෙක්ලස් එක තියෙනවද කියලා.

"ඔහ් කුමාවෝ බබා. මට මේක ගොඩක් වටිනවා." කියනගමන් නෙක්ලස් එක චූටියගෙ අතින් අරන් ආපහු බෙල්ලට දාගන්නකොට චූටියත් හිනා වෙලා ආපහු යන්න හැරුනත් මම ඒ වෙනුවට එයාට මගෙ ලගේජ් එකෙන් චොකොලට් එකක් අරන් දුන්නා. කෙලි පොඩ්ඩ හිනා වෙලා ඒකත් අරන් මගෙ දෘශ්‍ය පතයෙන් අතුරුදහන් වෙද්දි මාත් ටැක්සියක් අරන් ගෙදර යන්න පිටත්වුනා.

ඒ නෙක්ලස් එක මීට අවුරුදු පහකට කලින් ජන්කුක් සන්බෙගෙ ෂර්ට් එකෙන් වැටුන බොත්තම දාලා හදාගත්ත එකක්. දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා. මම දැන් අවුරුදු විසි හතරක සොෆ්ටෙයා ඉන්ජිනියර් කෙනෙක්. ජන්කුක් සොන්බෙලා ස්කූල් එකෙන් අවුට් වුනාට පස්සෙ මම සුපුරුදු විදියට ස්කූල් ගියා. මුළු ස්කුල් එකම අමුතු හුදකලාවකින් පිරිලා තිබුනෙ මට කිසිම යාළුවෙක් හිටියෙ නැති නිසා.

දවස් ගෙවිලා අන්තිමට ෆයිනල් එක්සෑම් ලන් වෙද්දි මමත් හොඳට එක්සෑම් එකට ෆේස් කරා. තවත් මාස ගානකට පස්සෙ රිසල්ට් අවුට් වෙද්දි හිතාගන්න බැරි විදියට මාත් හොඳින් පාස් වෙලා තිබුනා. රිසල්ට් හොඳ නිසාම ස්කෝලර්ශිප් එකක් එක්කම ෆ්‍රාන්ස් යුනිවර්සිටි එකකට මාව සිලෙක්ට් වෙද්දි මම ෆ්‍රාන්ස් ගියෙ ලොකු හීනයක් එක්ක.

ONCE AGAIN (COMPLETED)Where stories live. Discover now