"මොනවද ඔයා කියන්නෙ? ජිමින් ඔප්පගෙ ෆියොන්සෙ?"
"හ්ම්" සොන්බෙගෙ වචන අදහගන්න බැරුව මම ආයෙම වතාවක් අහද්දි ජන්කුක් සොන්බෙ හොඳ හුස්මක් හෙලලා ආපහු බැල්කනියෙ අත් වැටට බරවෙලා කතාකරන්න ගත්තා.
"ඇත්තටම සෝහි කියන්නෙ මට අපේ ගෙදරින් යෝජනා කරලා තිබුන කෙල්ල. මගෙ අප්පයි සෝහිගෙ අප්පයි දෙන්නම බිස්නස් ෆ්රෙන්ඩ්ස්ලා. මම ජිමින් හියොන්ග් එතකොට සෝහි අපි තුන්දෙනාම පොඩි කාලෙ ඉඳන්ම හොඳ යාළුවො. ජිමින් හියොන්ග් සෝහිට පොඩි කාලෙ ඉඳන් ආදරේ කරා හේසුයා. ඒත් සෝහිට ඒ දේවල් තේරුනේ නෑ.
අන්තිමට අප්පා මගෙයි සෝහිගෙයි මැරේජ් එක තීරණේ කරද්දි ඇත්තටම මට ඕනි වුනේ නෑ ඒකට කැමති වෙන්න. මොකද මම එතකොටත් කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්. ඒත් මන් දැනන් හිටියෙ නෑ මම ආදරේ කරන කෙනා මට ආදරේ කරනවද කියලා. සෝහි හැමවෙලාවෙම නැට්ටක් වගේ මාත් එක්ක ඉන්නකොට මට පුළුවන්වුනේ නෑ එයාව නවත්තන්න.
ඒ්ත් සෝහි දැනගත්තම ජිමින් හියොන්ග් එයාට ආදරේ කරනවා කියලා හැමදේම විසඳෙනකන් මාත් එක්ක ඉන්නදෙන්න කියලා සෝහි ඉල්ලද්දි මට ඒක නොකර ඉන්න බැරිවුනා හේසු. ඒ්ත් සෝහි මම ඔයත් එක්ක යාළු වෙනවට කැමති වුනේ නෑ. ඒත් දැන් ඒ ප්රශ්ණ ඔක්කොම ඉවරයි. මම නිසා ඔයාගෙ හිත රිඳුන හැමවෙලාවකටම මට සමාවෙන්න. අනිත් දේ එදා යොන්ජෙගෙ සිද්ධියෙදි මම ඔයාට කෑගැහුවටත් මට සමාවෙන්න. මම දේවල් දැනගන්නකොට පරක්කු වැඩියි." සොන්බෙ අන්තිම ටික කියලා මාව ඇදලා අරන් එයාගෙ තුරුලට ගත්තා. ඒත් එක්කම මගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන හිටියෙ හරියට පොඩි එකෙක් වගේ.
"සොන්බෙ...."
"මාව දාලා යන්නෙපා. සාරන්ග්හේ හේසු." සොන්බෙගෙ වචන හදවතට ගිලා බහිද්දි මගෙ මුළු සිරුරම සීතල වෙලා ගියා. එදා සෝහි යොන්ජෙ ඔප්පා ගැන බොරු කියපු හේතුව මට තාමත් රහසක්. ඒත් ඒ ගෙවුන අතීතෙට හිත පාරගන්නවා වෙනුවට මට ඕනි වුනේ වර්තමානෙට මුහුණ දෙන්න. සොන්බෙ මට ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම ආදරේ කරලා කියලා කියද්දි මට දැනුනෙ කියාගන්න බැරි සතුටක්.