ඊළඟ දවසෙ උදේම ඉස්කෝලෙ ගියෙ හිත වෙනදට වඩා චකිතෙකින් පිරෙද්දි. වෙනදට ඉස්කෝලෙ ගිහින් යාළුවො එක්ක පිස්සු නැටුවට දැන් ඉඳන් තනියම ඉන්නවෙනවා කියලා මතක්වෙද්දි දැනුනෙ කියාගන්න බැරි වේදනාවක්.
හිත කවදාවත් නැති විදියට අමුතු දුකකින් පිරෙද්දි ක්ලාස් එකට නොයා රූෆ් ටොප් එකට ගිහින් මම තනියම වාඩිවෙලා හිටියෙ ස්කූල් බෙල් එක වදිනකම්. බෙල් එක වදිනවත් එක්කම මම පඩිපෙල බැහැලා ඉක්මනටම ක්ලාස් එකට ආවෙ හැමදේම හොඳින් විසදෙන්න කියලා ප්රාර්ථනාකරන ගමන්.
"අන්න අරකි ඇවිල්ලා. හැමදේම කරලා ඇවිල්ලා මෙතන."
"දැන් ඉතින් සතුටු ඇති නේද? ජන්කුක් ඔප්පට පන්ති තහනම් කරෙත් මේකි නිසා."
"කන්න දීපු අත හපා කන සත්තු."
ක්ලාස් එකට යනකොටම ඔයවගේ කතන්දර ඇහුනෙ ඇස් අග කඳුලු බිංඳු පිරෙද්දි. ඒ හැම වචනයක්ම හිත කවදාවත් නැති විදියට රිදවද්දි මට සිද්දවුනේ හැමෝගෙන්ම කොන් වෙලා ඉන්න. හැම ළමයටම මම ඉන්නවා කියලා ගානක්වත් නැතුව මාව ඉග්නෝ කරද්දි මට හිතුනෙම නිදහස් තැනකට ගිහින් ඇතිවෙනකම් අඬන්න.
ස්පෝට් මීට් ළඟ නිසා ගුරුවරු හවුස් වලට ළමයි හැමෝටම යන්න කියද්දි මම ගියත් මට සිද්දවුනේ අනිත් ඔන්නිලගෙන් පොඩි දේටත් බැනුම් අහන්න. ක්ලාස් එකේ ළමයින්ගෙන් වගේම හවුස් එකේ අයගෙනුත් කොන් වෙන්න.
ජන්කුක් සොන්බෙ පන්ති තහනම් වුන නිසාම වෙනදට සොන්බෙගෙන් හවුස් එක වෙනුවෙන් ලැබෙන සපෝට් එක නැතිවෙද්දි හැමෝම හිතුවෙ මේ වතාවෙ හවුස් එකේ තැන නැතිවෙයි කියලා. හැමදාම ජන්කුක් සොන්බෙ නිසා ලැබෙන අන්ඩර් ටුවෙන්ටි ෆුට් බෝල් මැච් එකේ ෆස්ට් ප්ලේස් එක නැති වෙලා යද්දි ඒකටත් හැමෝම කරේ මට බැනපු එක. හැමදේම ඉවසන් ඉඳලත් අන්තිමට යූන්ගි සොන්බෙ මගෙ නම නෙට් බෝල් මැච් එකට සෙල්ලන් කරන්න දාද්දි ටීම් මෙම්බර්ස්ලා කීප දෙනෙක් මාත් එක්ක කතාකරද්දි හිතට යම් සහනයක් දැනුනත් ඒ හැමදේම විනාස වුනේ දවස් දෙකකට පස්සෙ තිබන මැච් එක නිසා.