Memoදින සති මාස ගත වුයේන් ලියෝන්ගේ නිරෑපණ ශිල්පි වැඩ කටයුතු ඉතා සතුටුදායක තත්වයක පවතින නිසා සූයෝන් එක් අතකට සතුටින් සිටි අතර ඒ හා සමානවම ලියෝන්ට සූයෝන් මඟ ඇරියාම පිළිබඳව ඇයට තිබුනේ කණගාටුවක්...නැතිනම් තමා පිළිබඳව ම ඇති වු අනුකම්පාවක්.
ඇත්තටම ඇයට සිටි එකම පුද්ගලයා.. එකම මිතුරා.. හිතවතා.. හිටි වනම වෙනස් වී මෙහිලා දරාගැනීම දුෂ්කරයි.
නමුත් ලියෝන් නිසාවෙන් ඇයට තවත් මිතුරන් ලෙසින් නමට හෝ පැවසිය හැකි පිරිසක් දැන් සිටින නිසා ඇය මඳක් සන්සුන්ව බලාසිටියා.
" සූ...සූයෝන්... මං ඔයාට කැමති.. !! "
විශ්ව විද්‍යාල උද්‍යාන කෙලවර ගල් බංකුව අසුන්ගෙන වෙනතක් බලා තවත් වෙනතක සිත යොමු කර සිටි සූයෝන් එකවරම ගැස්සි ගියේ තමා ඉදිරියේ දණ නමා සිටින රෝස මලක් අතින් ගත් තරැණයා මින්ජුන් නිසයි.
" ම...මම...ම......... ආා...ලි..ලියෝන්.."
සූයෝන් හිද සිටි අසුනෙන් නැගිට පිළිතුරක් දීමට වෙහෙස වන විට එකවරම මතු වුන ලියෝන් ඇගේ අතින් අල්ලාගෙන ඇදගෙන ගියේ කිසිවකුත් නොයන පැරණි මේපල් ගස වෙතටයි.
" ලියො...න්.... "
" ෂ්...ෂු....ෂ......... "
සූයෝන්ට කතා කිරීමට ඉඩක් නොදුන් ලියෝන් ඇයව වැළඳ ගත්තා.
" මට සමාවෙන්න සූයෝන්..මේ වැඩ එක්ක මට ඔයාව මඟ ඇරැනා.. හැබැයි ඒ නිසා.. මට මගේ හැඟිම් ගැන තේරැනා... "
සූයෝන්ව වැළඳගෙන ලියෝන් සිටියද අන්තිම වැකියේදී ඔහු ඇය දෙස බලා සිටියේ ඔවුන්ගේ ඇස් ගැටෙන විලසින්.
" My Little Princess.... I Think..
I'm in love with you... ! "සූයෝන් දෑස් විසල් කරගෙන තමාගේ සවන් වැකුණු ඒ වදන් වල සත්‍යතාව සොයන විට එහි වු සත්‍ය තහවුරැ කලේ තම දෙතොල්වලට දැනුන ලියෝන්ගේ දෙතොල් නිසයි.
සිදුවන්නේ කුමක් වුවද.. ඒ ලියෝන්...
තමාව ද යමක අතරමං කෙරැ ඒ කිම් ලියෝන්ට කැමැත්තක් කරගන්නට සූයොන් ඉඩ දුන්නේ තම හද නොසන්සුන් ව නමුත් සතුටින් සිටින නිසයි." සූ...යෝන්...ඔයා මට... ආදරෙයි නේද... ? ආ... "
සිපගැනීම නතර කල ලියෝන් සූයෝන්ගෙ කඳුලු පිරැන දෑස්වලට එබුන විට ඇයට කරගත හැකි වුයේ පුංචි රොබෝවකු මෙන් හිස වැනීම පමණයි.
" මේක... මං හිතුවා වගේම ලස්සනට ගැළපෙනවා... "
සූයෝන්ගේ කරට දැමු කුඩා පෙන්ඩනය සහිත මාලය දෙසත් සූයොන් දෙසත් බලමින් සිනාසෙන ලියොන් දෙස සූයෝන් සිනා සී බලා සිටියා.
නිසැකව එය සූයොන්ට ඉතා අලංකාර වුවා. ඇය හැඳ සිටි සරල සුදු පැහැති ගවුමට එය ඉතා හොඳින් ගැළපුනා.
තවත් හාදුවකට ලියෝන් සූයෝන් රැගෙන යන විට සූයොන් තම දෑස් වසා ගත්තේ ඒ සිහින මායා ලොවට ස්ව කැමැත්තෙන් ම ඉක්මනින් යාමටයි.
# May Be Fantasy is a Beautiful thing...It could keep you away from the Reality...
Being away from the Reality is May become Danger...
______________________________________
YOU ARE READING
BEHIND THE ARROGANT || JJK || COMPLETED
FanfictionShe is Arrogant as hell.... Thats Why She Became a Bitch For U.. A JJKs' Fan Fiction Girl x Boy By_Ayo PJM Begin :- 2022.04.20 End :-2022.05.27