(08) Limits

480 101 3
                                    


Memo

ලියෝන්ගෙත් සුයෝන්ගෙත් පෙම් සබදයට වසරක් ගත වුනේ කෙසේ යන්න සිතන විටත් සුයෝන්ගේ මුවගට සිනහවක් නැගුණද යම් තැනක සියුම් රිදුමක් මතු වි නැති ව යන බව ඇය හොඳින්ම දැන උන්නා.

නිතරම නැතත් විඩින් විඩි සුයෝන් වෙත එන ලියෝන් වැඩි ලෙසක්ම පිට වන්නේ හිත් රිදීමක් සමඟින්ය.

" සූයොන්... කමෝන් ප්‍රින්සස්.. ඇයි අපි මේ හැමදාම කිස් එකකින් නතර වෙන්නේ... ආා.. ඔයාට මාව විශ්වාස නැද්ද... ? "

" අනී...අ...අනී... ලියො...! "

" කමෝන්.. සූයෝන්.. ඔයාගේ අප්පාවත් ඔම්මාවත් නැති එකේ අපි කලින් ලං වුනා කියලා වැරැද්දක් මං දකින්නෑ... කොහොමත් ඔයා මගේ නේ...නේද...? "

" ඒක වැරදි නෑ.. මං දන්නවා.. අපිට දැන් විසිදෙකක්.. ඒත් ලී..."

" ඔයා දන්නවා මට කොච්චර වැඩ ද කියලා.. ⁣කැම්පස් එකෙ වැඩ පිරිලා.. මං ඒවත් පැත්තක දාලා ඔයාව බලන්න එන්නේ.. දවසම ඔයාගේ රෑම් එකට වෙලා මෙහෙම ඔලුව තියන් ඉන්න නෙමෙයි නේ.. බබා..."

ලියෝන්ගේ කියවිල්ල නවතා දැමීමට සුයෝන් ඔහුගේ දෙතොල් අල්ලා ගත්ත ද ලියෝන් මදකින් ඈව ඉවත් කොට සයනයේ නැගිට ගියා.

" මට කම්මැලි... මං චුට්ටක් කැම්පස් එකට ගිහින් එන්නම්.. නෝට් ටික අරගෙන.. අපි රෑට පීට්සා කමු..."


ලියෝන් පිට ව ගියේ අමනාපයක් නොපෙන්වා වුවත් ඇයට එය හොඳින් ම දැනුන නිසා ඇය ඇගේ හිතත් සමඟ වාද කරන්නට වුනා.

" ආාාශ්.. මං මේ මොනාද කරන්නේ... ලී... පව්...
.
.
.
.
.
.
.
ඒ...ත්....
.
.
.
.
.
මේක මට... අන්කම්ෆටබල්... හරිම...
.
.
.
.
.
.
ඇයි මට හැමතිස්සෙම හිතන්නේ මං තාම රෙඩි නෑ කියලා...
.
.
.
.
.
.
ආාශ්.. සූයෝන් හරි සිහියට එනවා... ඔයා ආදරේ කරන කෙනාව රිද්දන්නේ.. ඇයි බොරැවට.. පබොයා... ! "





ලියෝන්ගේ එක් කුඩා රිදුමකුත් සූයෝන් තම හිත දහස්වරක් පාරා ගැනීමට යොදා ගන්නා නිසාම ඇය එදින රාත්‍රියේ.. තම සිතෙහි පළමු කැමැත්ත නොතකාම ඔහු සතු වන්නේ කඳුලු වර්ශාවකින් නැහැවෙමින් ය.

සීමාවක මඟ සලකුණු ඇගේ හිත ඇයට පෙන්වා දුන්න ද...
ප්‍රේමයේ ඇති සීමා විරහිත බව  පසුපස ඇය හඹා ගියා ය...

නමුත් අවසානයේ තම නිරැවත් පපුව මත නිදා සිටින එකම පෙම්වතා⁣ගෙ කෙහෙරැලි අතර තම දෑඟිලි සෙමින් සෙමින් රැගෙන යමින් සූයෝන් සිනහා වුනා. සිරැරෙන් නැගෙන වේදනාව නොතකා ඇය සිනහාසුනේ ඔහුගේ සතුට විදගෙන ය.

උදෑසන අවධියේ දී සූයෝන් තම පෙම්වතාගෙ නිදිබර වු දෑස් බලාපොරොත්තු වූවත් ඇයට දැක ගත හැකි වුයේ ඇගේම හිස් කුටිය පමණකි.

" බබා.. මට අද පැජන්ට් එකක්... මං රෑ වෙන්න කලින් එන්නම්... එතකල් ඉන්න හරිද.. I want to Stay.. But I don't have The Chance and The Time as wanted... Love You... "



සයනය අසළ වු ⁣කුඩා මේසය මතවු සටහන කියවු සූයෝන් සුසුමක් පහත හෙලා නැගිට ගන්නට හැදුවද නැවත ඇය ඇඳ මත දිගා වී ගියේ කඳුලු පිරි දෙනෙත් සිවිලිමේ හිස් අවකාශ රටා සෙවීමට වෙහෙසෙන විටයි.

" ඒකට කමක්... නෑ... ඒකට කමක් නෑ.. හැමදේම හරියයි... අදින් පස්සේ.. එයා මට ආදරෙයි... ! "

තමාටම මුමුණා ගත් සූයෝන් නිරැවතින්ම සයනයෙන් බැස ගියේ සුදු පැහැති පසුබිමක වු රතු පැහැය තනිව ඇය දෙස බලා සිටින විටයි.















#Always Remember to Stay With Your Limits....
______________________________________

BEHIND THE ARROGANT || JJK || COMPLETED Onde histórias criam vida. Descubra agora