(12) Living Hell

404 97 0
                                    

Memo


තම සවන් වැකුණු කටුක සත්‍ය පිළිබඳ විශ්වාස කිරීම පවා අපහසු වන සූයෝන් කලේ හිඳ බලා සිටිමයි.

තම පුංචි කාමරය වු ඇදෙහි දිගා වි ඇය නිසොල්මනේ කල්ගෙවුයේ ඇති වු හිත් පීඩාවේ ඇති අමිහිරි බව නිසයි.

තනිව සිටි ඇය වෙත එකවරම රැකවරණය ආදරය දුන් තැනැත්තාගෙ වෙනස් වීම පිළිබද විශ්වාස කිරිමට ඇගේ සිත දක්වන අකමැත්තට...
ආදරය හොඳ හේතුවක් වුනා.




ආදරය යනු එයම නොවේද.. රැකවරණයක් උණුසුම්ක් සැනසුමක් සොයා ගොස් විටෙක ජයගන්නටත්.. විටෙක සිටි තැනටත් වඩා සීතල කඨෝර බිමක තනි වීම ද ආදරයේ ම එක් පැතිකඩක් වුනා.

දෛවයේ එක් සෙල්ලමක් විලසින් අද නැවතත් සූයෝන් එහි තනිවී හමාරයි. නමුත් ඇගේ හද පෙරට වඩා රිදුමක සේයාවෙන් සිටි...

මන්ද... පෙරදී ඇය පෙරළා ආදරය නොකලා.. නැවත බලාපොරොත්තු නොවුනා.. නමුත් අද මේ වන විට ඈ ඒ සියල්ල කර අවසන් ව ඇති හෙයින් විදිය හැකි උපරිමය ඇය විදිනවා.



කාත් කවුරැවත් නොමැති තනිකමක ගිල් ව අඳුරැ වු අපිරිසිදු කාමරයක් තුළට වි පොරෝනයක ගුලිවීමෙන් උණුසුම් විය හැකි ද.. ?

හද අයදින ආදර රැකවරණය මුලාවක් වු විට සිත සොයන සැනසුම් සුසුම් ඇ ලබන්නේ කෙසේ ද..?

නගන නගන පැනයට පිලිතුරැ නොමැති ව අරමුණක් හෝ බලාපොරොත්තුවක් නොමැතිව ඔහේ බලාසිටින ඇගේ මනසෙ අවුල් ජාලාව....

එය අපායක ජීවත් වීමක් වුනා...

හුස්ම ගත්ත ද එහි ජීවයක් නොතිබුනා...

ගල් වු හදක් සමඟින් ජීව කාන්තාරයක් තුළ ඇය හුස්ම ගත්තා...

නතර කළ නොහැකි... නතර නොවන හුස්ම.. නතර කළ නොහැකි.. නතර නොවන හද ගැස්ම...

ඒ නිසා ඈ තවමත් ඈව අත් නොහැරියා..

තවමත් ඇයට හුස්මත්.. හද ගැස්මත් ඉතුරැව ඇති නිසා.. ඇය දරා සිටියා... ඇයට ඇගේ ආත්මය අහිමි වුවත්...






















#Don't give up on you...Because
Of your heart...Of your breath....
______________________________________

BEHIND THE ARROGANT || JJK || COMPLETED Wo Geschichten leben. Entdecke jetzt