(14) Traffic Lights

416 98 4
                                    

Memo

ගත වුන කාලය.. සිදු වු සිද්ධීන්... නැති වු දේවල්.. මියගිය හැඟීම්... වගේම නවමුව ඇති වුන වෙනස සූයෝන්ගේ දිවිය වෙනස් කරනු ලැබුවේ අදහාගත නොහැකි පරිද්දෙනි.

තවදුරටත් රැකවරණයක්.. ආදරයක් සෙවු අහිංසකාවිය මියගොස් ය. හදවත විදි දේවල් නිසාවෙන් සූයෝන් තවදුරටත් එක් තැනක ජීවත් වීමට අකමැති උනා.. ඇගේ හද කඨෝර ගල් කැබැල්ලක් හා සමාන වුවත් ඇය එහි තිබු ශක්තිය හැඳිනුවා.

ඒ නිසාම ඇය නැඟී සිටියා... තනිවම... ඇගේ පිරිසිදු ආත්මයත් සමඟ ම... එහෙයින් එහි වුයේ අහිංසක හැඩකාරියක් නොව ශක්තිමත් තරැණියකි.

අවැසි තැනදි ඇගේ එම වෙනස දරැණු ළඳකට ද කාරැණික ශක්තිමත් ළඳකට ද සමාන වුනා.

විය යුත්තේ එය නොවෙද... ?
දෛවය සුයෝන්ගේ මඟ වෙනතකට හැරවුවා. ආදරයක්.. රැකවරණයක්... පිරිමි පහසක්... නොමැතිව සවිමත් වීම... ඉතින් කතක් ලෙස ලබන උපරිමයයි... තනිකම.. පාලුව.. ඇය ඇගේ ආයුධය කරගත්තා... ඇය සතුවු දක්ෂතා ඇය ඇගේ මඟ කරගත්තා.




************************************




සූයෝන් තම දෑත් එකට තබා බැදගෙන හිඳ සිටියේ දෑස් ද වසා ගෙනයි. ඇයට ඇගේ හැකියාව ගැන කිසිඳු සැකයක් නොතිබුන නමුත් මෙය ඇගේ ජීවිතයේ වැදගත් මංසන්ධියක් වන නිසා ඇය සන්සුන් ව සිටිමට උත්සහා දැරැවා.

එකවරම ඇති වුන කසුකුසුවත් පාවහන් ගැටෙන හඬත් නිසා සූයෝන් සෙමින් තම දෑස් විවර කලා. නාම ලේඛනයක් අතැතිව සිටින තරැණයෙක් වටා තරැණිවන් රැස්ව සිටියේ තම නාමය ඔහුගේ මුවින් පිට කරගැනීමට අවැසි නිසයි. නමුත් සූයෝන් හිඳ එදෙස බලා සිටියේ තියුණු දෑසිනි.

" Number...... "

" Number...... "

" Number...... "

" Number...... "

" Number 98 : Wang Su Yon "

" Number...... "

" Number...... "

තම නාමය කියවෙනවාත් සමඟ සිහින් සිනහවකින් මුව සරසා ගත් සූයෝන් හිඳ සිටි තැනින් නැඟි සිටියා. තරැණයා කතා කරන විටත් ඇය පිටවීමේ දොර වෙතට පය තබමින් සිටියා.

" තෝරගත්තු දහ දෙනා නෙක්ස්ට් වීක් එකේ ලාස්ට් ඔඩිශන් එකට එන්න... එදාට අපේ කම්පැනි එකට මොඩ්ලර් ව පික් කරයි. ගුඩ් ලක් එව්රිවන්... ! "


සූයෝන් තම බෑගයෙන් දුරකථයත් පිටතට ගෙන ඇවිදිමින් සිටියේ ඉදිරි සතියේ තරඟ දිනය ද සලකුණු කරමින් ය. නමුත් ඇගේ මඟ හරස් වුයේ සුපුරැදු හඬකිනි.


" වොහ්... වොහ්... මිස් වැන්ග්... මොඩ්ලින් කරන්න ඇවිත් වගේ... හැරිලා යන විදියට නම් ⁣ටිකක් දුකත් වගේ... වට් ටු ඩු ඉතින් මෙතන මේන් මොඩ්ලර් නම් මම ඉතින්..."


ඇය... සූයෝන්ගේ තැන ගත්.. ලියෝන්ගේ සිත ගත් සූරෑපිණිය සූයෝන්ගේ මඟ ඉදිරියේ සිටගෙන සිටියේ කෙටි ගවුමක් ඇඳ ගෙනයි.

සූයෝන් ඇගේ පාදයේ සිට ඉහළටම බැල්මක් හෙලුවේ නොසැලකිලිමත් ලෙසින් ය. සෙලවෙන ඇගේ දෙතොල් දෙස මඳ වේලාවක් බලා සිටි සූයෝන් එතනින් පිට ව ගියේ ඇගේ හඬ උච්ච වන ස්වරයත් නොසලකායි.

" ලයිට්ස් ඔන් එකේ තියනකල් ට්‍රැෆික් ලයිට්ස් දිහා බලන් හිට්යට මුකුත් වෙන්නෑ... නේ.. බට් වෙලාව චුට්ටක් වේස්ට් උනා ද මන්දා... ! "

තමා සමඟම කතා කරමින් සූයෝන් ටැක්සියකට ගොඩ වුයේ සියුම් සිනහවක් ද මුවඟ රදවාගෙනයි.








#Don't Waste Your Time On Useless Things...
______________________________________

BEHIND THE ARROGANT || JJK || COMPLETED Hikayelerin yaşadığı yer. Şimdi keşfedin