මම හිටියේ කෝච්චී පෙට්ටියක් තරම් කුඩා ප්‍රමාණයේ සාමාන්‍ය බස් රථයක . සමහර වෙලාවට මට දැනෙන පරිස්සම් මදි කම නිසා මම කිසිම වෙලාවක මගේ පෞද්ගලික බඩු බාහිරාදිය මගෙන් ඈත් කලේ නැහැ. බස් රථය දකුණු කොරියාවේ දකුණු Gyeongsang පලාතේ ගම්බද ප්‍රදේශයක් මැද්දේ Geochang-gun වෙත ගමන් ගනිමින් තිබුණා.
මිනිස්සු වැඩිය පිරිලා නැතත් බස් රථය මට ගෙනාවේ හරිම අපහසුතාවයක්. නිකන් හුස්ම ගන්න බැහැ වගේ. සෝල් වලට ආ මුල් දවස් වලත් මට මේකම දැනුනා. මම අලුත් තැන් වලට බයයි. අලුත් මිනිස්සුන්ටත්. බස් රථයේ හිටපු එකම විදේශිකයා මම නිසා සමහර මිනිස්සු මං දිහා බලලා හිනා උනා. තවත් අය බය වෙලා වගේ මං දිහා බලලා අහක බලා ගන්නවා මම දැක්කා . ඒ අතර මට යන්තමටවත් අවධානය යොමු නොකරන අයත් ඉන්න ඇති . ඒ අය කොච්චර හොදද.
මේ හැමදේම සමහර විට මගේ හමේ පාට නිසා . හොදයි මම දුඹුරු පාට උනාට මට කරන්න දෙයක් නැ. දකුණු ආසියාතික රටවල් වල පාට මෙහෙමයි. ඒක මැජික් එකක් නෙමෙයිනේ. මට දැනුනේ නොරිස්සුමක්. ඒ නිසා මම ජනේලයෙන් එහා පහු වෙන ගස් කොලන් ගොවි බිම් වලට මගේ අවදානය යොමු කරා...
හදිසියේ බස් රථය සෑහෙන වෙලාවකින් තිරිංග තද කරා. වයස විසි ගනන් වල කඩවසම් මූණක් තියන සාමාන්‍ය පෙනුමැති තරුණයෙක් බස් රථයට ගොඩ උනේ හිනාවක් එක්ක. බස් රථයේ බොහෝ අය එයාව හොදින් දන්න බවක් පේන්න තිබ්බා. ශාහ්..... එයාට මේ නාකි උදවියගෙන් හොද පිළිගැනීමක් ලැබෙනවා වගේ. එයා උසයි. හොදටම උසයි. හොද කොරියන් මහත්මයෙක් වගේ එයා දෙකට නැමිලා එයාව අත පත ගාන වැඩිහිටි ආත්තම්මලා ටිකට ආචාර කරා.
එයාගේ කොණ්ඩේ කළුයි. ඒක මුණට වැටිලා තිබුනා. ඒ හිනාවෙත් කියන්න තරම් වරදක් තිබුණේ නැහැ. හොදයි ඇත්තටම ඒක මිහිරි හිනාවක්. එයා වට පිට බලනකොට කටඇරගෙන ඉන්න මාව දකින්නැති. මම ඉක්මනට ආයෙම් අහක බලාගත්තා. මම හිතන්නෙ මගේ කම්මුල් රතු උනා. වාසනාවකට මම දුඹුරු නිසා ඒක එයාට පේන්නෑ.
මගේ අසුනෙ ඉඩ තියෙන තැනින් තප්පර ගානකට පස්සෙ කවුදෝ ඉදගන්නවා මට දැනුනා........
මේ කාලය පුරාවටම ඔය කවුරු හරි මං ලගින් ඉදගත්තමයි. හොදයි. බස් රථයේ ඉඩ කඩ තිබුණා. හොදටම......
මම හීමීට මං ලගින් ඉන්න උස රූපය දිහාට හැරුනා. එයා හිටියේ මං දිහා බලාගෙන . අර කොල්ලා.... එයා ඊළගට මං එක්ක මෝඩ හිනාවකින් සම්බන්ධ උනා. මම හිටියේ චකිතයකින් වගේම මොකක්ද මන්දා හේතුවකට මාව ඇතුලාන්තයෙන්ම ගැහෙන්න පටන් අරගෙන තිබුණා... ඒ හින්දා මම පෙරළා හිනාවෙන්න කරදර උනේ නැහැ. ඒත් මම ගොඩක් වෙලා එයා දිහා බලන් ඉන්න ඇති . ආහ්...... මම නම් හරිම මෝඩයෙක්....
" ඔයා idol කෙනෙක් වගේ ලස්සනයි " මට කියවුනා. මගෙ සම්පූර්ණ පිරිසිදු කොරියන් උච්චාරනය ඒ තරුණයව පුදුමයට පත් කරලා තිබෙන බව මට තේරුණා.
" ආ........ ස්තුතියි " එයා කිව්වා. දෙයියනෙ ඒ කටහඩ අන්තෙටම යන තරම් ගැඹුරුයි. මේ වගේ මූණකට ඒ වගේ කටහඩක්...
තප්පරයක් ඉන්න.
මම දැන් ටිකකට කලින් කිව්වේ මොකක්ද....
මම ඉවරයි...
මේකනම් ලැජ්ජාවක්.....
YOU ARE READING
Petrichor
Fanfiction" ඔයා මගේ හදවතේ ඉන්නකොට ඒ වගේ තමයි මට " මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇවිත් මාව තුරුළු කර ගන්නවා. හැම වේදනාවම දියවෙලා ගිහින් සංසාර ගමනේ අතීතයට එකතු වෙනවා. මට සැනසීමෙන් නිදා...