( 8 ) කළු වළාකුළේ! ආදරේ බොහෝ වෙහෙසකරයි '

125 49 5
                                    

ඒ හරීයටම මම ඇවිත් සතියකට පස්සේ අපි හිටියේ දෙනියේ ලිද ලග....

දෙනියේ ලිද ලග තිබුනෙ අමුතු ගුප්ත පාළු හැගීමක්. දෙනියේ ලිද තියෙන්නෙ මේ හරියෙයි කියලා නොදන්නවා නම් හොදට ඇස් ඇරන් එන දවාලක උනත් කවුරු උනත් ඒ ලිදට වැටෙන්ඩ පුළුවන් ..

දෙනියෙ ලිද බදින්නැත්තෙ ඇයි කියලා ඇහුවම ගම්මුන්ට ඒකට උත්තරයක් තිබුනෙ නැ

" ඒ දෙනියේ ලිද කොකෝ..... දෙනියේ ලිද හැමදාම දෙනියෙ ලිදමයි . ඒකයි ඒ වටේ මුකුත් බැදෙන්නේ නැත්තේ " ටේයොන්ග් මට කිව්වා ....

එතකොට දෙනියේ ලිද මම ද ඔයා ද

ටේයොන්ග් paulo coelho ගේ පොත් වලටත් හරුකිගේ පොත් වලටත් එක වගේම ආදරේ කරා... ඒ වගේම එයා Khaled Hosseini , Nicholas Charles Sparks , අරුන්දති රෝයි, ඇලිස් වොල්කර්....

ටේයොන්ග්ගේ සාහිත්‍ය රසය අච්චාරුවක් වගේ...

අපි අපේ පෞද්ගලික තොරතුරු බොහෝමයක් බෙදා ගත්තා. මගේ රිසච් එකට අවශ්‍ය තොරතුරු හොයන්න ටේයොන්ග්ගේ උදව් සම්පුර්ණයෙන්ම වගේ ලැබුනා. එයා හරිම ආකර්ශනීය බුද්ධිමත් තරුණයෙක්.

" මගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාව කරන්නෙ නගරයේ. ඉතින් හැමදාම වගේ මාව බලාගත්තේ ආත්තම්මයි සීයයි.... "

" අත්තම්මා තවම ඔයාව හුරතල් කරනවා.." මම නෝක්කාඩු කියෙව්වා මට මතකයි ..... අත්තම්මා ඉස්සරහා ටේයොන්ග් හැසිරෙන්නෙ පොඩි දරුවෙක් වගේ. එයාලගෙ ආදරේ ඇත්තටම හරිම ලස්සනයි .... ටේයොන්ග් එයාගෙ පවුලේ අයට කොච්චර ආදරේ ඇද්ද කියලා හිතුනම මට එයා ගැන ලෝබ හිතුනා. මට එයාගේ ආදරේ විදින්න බැහැ කියලා දැනුනම මට කවදාවත් අවස්ථාවක් නැහැ කියලා දැනුනම මම හැමදාම වගේ අඩියක් පිටිපස්සට තිබ්බා.

ඒත්........අපේ අත් නිතරම වගේ එකට පැටලිලා තිබුණා....

පළවෙනි මාසේ ඉවර වෙනකොට මම ටේයොන්ග්ට ආදරේ කරන්න පටන් අරන් තිබුණා.....

" මම මේක කරන්නම ඕනේද "

" මම මේ ක... කරන්නම..... ඕ නෙද....... "

හතරවටින්ම මට ඇහුන එකම දේ උනේ ඒක....

ඔව් ටේයොන්ග් ඒදේ කරන්න ඕනෙ.

Petrichor  Donde viven las historias. Descúbrelo ahora