ඊට පහුවෙනිදා දවසේ මම නිවාඩුවක් ගත්තා. සම්පුර්ණයෙන්ම කිම් ටේයොන්ග් සහා එයා වටේ සිද්ධ වෙන හැමදෙයක්ම මම හෙව්වා...බිග්හිට් නිව්ස් සම්පුර්ණයෙන්ම බ්ලොක් කරලා කේපොප් සම්පුර්ණයෙන්ම අයින් කරලා හයිඩ් කරලා තිබුණු මගේ දුරකථනයෙන්ම මම ගූගල් වලින් යුටුබ් ඉන්ස්ටාග්‍රෑම් ට්විටර් ෆේස්බුක් weavers එයාලා ඉන්න හැම සමාජ මාධ්‍ය ජාලාවක්ම පීරන්න පටන් ගත්තා. අවුරුදු දෙක තුනකට කිට්ටු වෙන්න ටේයොන්ග් ගැන නොදැකපු බොහෝ දේවල් මම දැක්කා.
ටේයොන්ග්ගේ මේ දවස් වල පෙනුම එයා කඩවසම් සහා ඒකාකාරි උනා . එයාගේ කොණ්ඩා මෝස්තරය මට මතක් කරේ හිතුවක්කාර යෞවනයෙක්....
ඒත් .......
එයාගේ ඇස් .........
මම දන්නවා ... ටේයොන්ග් හොදින් නෙවෙයි... එයාලගේ කණ්ඩායමේ එයාගේ ලගින්ම හිටපු ආදරණීය පෙනුමක් තිබුණු කුඩා පිරිමි ළමයා එක සම්මුඛ සාකච්චාවකදි ටේයොන්ග් ගැන කතා කරපු දේවල් මම ඇහුවා. මට සතුටු හිතුනා. මෙච්චර අමාරු වෙලාවක උනත් . මට සතුටු හිතුනා. ජිමින් කියපු හැමදෙයක් ඇත්ත කියලා මම දන්නවා . ටෙයොන්ග් කියන්නෙ ඔය පේන්න ඉන්න සීතල , ආඩම්බර සහා හිතුවක්කාර මනුස්සයා කියලා හිතුනත් එයාගේ හදවත ඇතුලෙන් එයා කොච්චර සංවේදී උණුසුම් ආදරණීය මනුස්සයෙක්ද කියලා මම දන්නවා . මේ දිග කාලය එයාව වෙනස් කරා කියලා එයාලගේ ෆැන්ඩම් එක කොච්චර කිව්වත් ටේයොන්ග් එහෙම කෙනෙක් නෙවෙයි කියලා මගේ හදවත දිවුරුවා.
" එයා ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක.... එයාට ඒකෙන් රිකවර් වෙන්න පුළුවන් වෙයි " මම හිතුවා. ඒ වගේම මම දන්නවා අනිවාර්යයෙන්ම එයා ඒක කරාවී.... මට ඒක විශ්වාසයි....
ටේයොන්ග්ගේ සතුටු දවස් වලට පස්සේ එකපාරටම එයා ලයිව් ෆර්ෆොමන්ස් එකක ස්ටේජ් එක මැද්දේ අඩන දර්ශණයත් එක්ක මගේ ලෝකේ උඩුයටිකුරු උනා.....
" ටේයොන්ග්ගේ ආත්තම්මා නැති වෙලා "
ඒක වෙන්න පුළුවන් දෙයක්ද....
මට මතක් උනේ ඒ ආදරණීය ගැහැණියව
මට මහා වරදකාරී හැගීමක් දැනෙන්න ගත්තා
YOU ARE READING
Petrichor
Fanfiction" ඔයා මගේ හදවතේ ඉන්නකොට ඒ වගේ තමයි මට " මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇවිත් මාව තුරුළු කර ගන්නවා. හැම වේදනාවම දියවෙලා ගිහින් සංසාර ගමනේ අතීතයට එකතු වෙනවා. මට සැනසීමෙන් නිදා...