( 6 ) ස්ට්‍රෝබෙරි පෙත්තකට හාදුවක්

138 51 8
                                    

පස , හිරු එලිය , ජලය සහා අස්වැන්න හැමදේම තිබුනේ එකට බැදිලා. හැම කුඩා සිදුවීමක්ම දෙපෙත්තක් එක්ක ඉපදෙන පුංචි පැලයකට ඉතාමත් වැදගත් උනා.

මගේ උදෑසන පළවෙනි දර්ශනය උනේ කවුළුවෙන් එහා තියෙන පුංචි විල සහා ටේයොන්ග්ගේ අත්තම්මගේ ගෙවත්තේ වැඩුනු විශාල Persimmon ගස් පේලීය සහා තමන්ගෙ හුරතල් සුනඛයා එක්ක දඟලන ටේයොන්ග් .....

අපි උදේ ආහාරයට පස්සේ මගේ අධ්‍යනය කටයුතු වලට උපකාරි වෙන විදිහට ටේයොන්ග්ගේ සීයා එයාගේ සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු යුහුසුළුව ඉවර කරනවා.

මට තිබුණේ හරි ඉක්මන් කාලසටහනක්. එයාලා කරන හැමදෙයක්ම සටහන් කර ගන්න එකට අමතරව මම සම්පුර්ණයෙන්ම එයාලට උදව්වක් වෙන විදිහට වැඩ කරන්න වග බලා ගන්න ඕනෙ කියලා මම මටම කීපවතාවක්ම කියා ගත්තා.

හරිම සුහදශීලී මිනිස්සු එක්ක ගණුදෙනු කරන එක මම හිතනවට වඩා පහසු උනා.

ටේයොන්ග්ගේ සීයට තිබුණා ලොකු ස්ට්‍රොබෙරී වත්තක්. හරිතාගාරයක් සහා තවත් බොහෝ දේ. සාම්ප්‍රදායික වගාවක හැම කුඩා පියවරක්ම මගේ නිබන්ධනයට වඩා වැදගත් වෙනවා. ඒක පස පෙරළිමක් හිරු එලිය සහා යම් කාබනික පොහොර යෙදීමක ඉදන් ටේයොන්ග් පුංචි ස්ට්‍රොබෙරී පැලයකට " ඔයා අද ලස්සනයි " කියලා කියන තැනට දක්වම මට වැදගත්.

මුල්ම දවස ගතවුනේ හරිම හෙමිට....

මට ලොකු මහන්සියක් දැනුනා....

මාස තුනක් කියන්නෙ ලොකු කාලයක් කියලා මට දැනෙන්න ගත්තත් උපන් මව්බිමෙනුත් පුරුදු සෝල් නගරයෙනුත් බොහෝ දුර පුංචි ගම්මානයක ස්ට්‍රොබෙරී පැල එක්ක කතා කරන කොල්ලෙක්ගේ ලගට වෙලා ඉන්න ලැබෙන එකත් හරි උණුසුම් හැගීමක් .....

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අපි හිටියේ ස්ට්‍රොබෙරී වගාව මැද හිටගෙන.
ටේයොන්ග් කියන්නේ හොද ගොවියෙක්. අවිවාදයෙන්ම......

එයා නිතරම සෞඛ්‍ය සම්පන්න බෝග වගාව ගැන ලොකුවටම අවධානය යොමු කරා. එයාගේ යුහුසුළු අත් හරි ඉක්මනට ඉතා සරාගීව වැඩ කරා.

ටේයොන්ග් උණුසුම් කෙළිලොල් තරුණයෙක් වීමත් සෑහෙන්න බලාපොරොත්තු සහගත හාදයෙක් වීමත් හීන ලුහුබදින්නෙක් වීමත් මට මං ගැනම මීට වඩා හිතන්න පුරුදු කරා.

Petrichor  Where stories live. Discover now