Taehyung P.O.V.
මුළු ගේම අස් කරලා ටේහියුන්ග් සෝෆා එක උඩින් ඉද ගත්තෙ තිබ්බ මහන්සියට. ඇත්තටම ඒක ලොකු මැන්ශන් එකක්..
ටේහියුන්ග් නිකමට ඔරලෝසුව දිහා බැලුවම වෙලාව දැක්ක ටේගෙ ඇස් පොල් ගෙඩි සයිස් උනා.
"දෙයියනේ කුකීට කෑම ?? උදේ කාලා ගියෙත් නෑ.. ඉක්මනට කෑම ටිකක් හදලා ගිහිල්ලා දුන්නනම් හරි.. වැඩ කරන්න ගත්තම මෙලෝ සිහියක් නෑනෙ නැත්තන්.."
අහිංසක ටේ ටක් ගාලා කුස්සියට දුවලා ගිහින් දඩ බඩ ගාලා කෑමක් හැදුවා..
පැය භාගයක් යන්නත් කලින් කෑම එකක් හදාගන්න ජන්කුක්ට පුළුවන් උනේ ටේගෙ තිබ්බ කඩිසර බව හින්දමයි. ටේ ඇදුමකුත් ඇදන් කා එකට නැග්ගෙ පුළිවන් තරම් ඉක්මනට ජන්කුක්ට කෑම එක දෙන්න ඕන හින්දා.
ටේ කෑම එකත් අරන් ජන්කුක්ගෙ ඔෆිස් එකට ආවෙ එන ගමන් මගින් ගත්ත බනානා මිල්ක්ශේක් එකත් අරගෙනමයි.
"යුන්ගි හියුන්ග්...."
ටේ ඇතුළ් වෙද්දිම ජන්කුක්ගෙ ඔෆිස් එකේ වැඩ කරන ජන්කුක්ගෙ හොදම යාළුවා උන යුන්ගිව දැක්ක ටේහියුන්ග් කෑ ගැහුවා.
"ටේ... ඔයා මොකද මෙහෙ ??"
"කුකීට කෑම එක දෙන්න ආවා හියුන්ග්."
"ඔහ් එහෙමද ? යන් එහෙනම්. මටය්හ් කොහොමත් ජන්කුක්ව හම්බෙන්න යන්න ඕනෙකමක් තියෙනවා."
"හරි හියුන්ග්.."
දෙන්නත් එක්ක කතා කර කරම ජන්කුක්ගෙ ඔෆිස් එක තියෙන floorඑකට ආවා. ඒත් එක්කම,
"ටේබෙයා..."
පිටිපස්සෙන් ඇහුණ කටහඩක් හින්දා ටේ පොඩ්ඩක් නැවතුණා.
"ජෙනී නූනා..."
එයත් ජන්කුක්ගෙ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්. ඇත්තටම ටේ ජෙනීව අදුනගන්න මෑතකදි. ඒත් මේ වෙනකොට ඒ දෙන්නා හොදම යාළුවො වෙලා ඉවරයි.
"හියුන්ග්, ඔයා යන්නකො.. මන් නූනා එක්ක ටිකක් කතා කරලා එන්නම් හොදෙ..."
"හරි එහෙනම්.."
.
.
.
.
.
.
.
."හරි නූනා... ඒනම් මන් යන්නම් හොදේ.. කුකී බඩගින්නෙ ඇති.."
ටිකක් වෙලා ජෙනි එක්ක කතා කර කර හිටපු ටේ එතනින් ආවෙ ජන්කුක් බඩගින්නෙ ඇති කියලා හිතලා.
ටේ කෙලින්ම ජන්කුක්ගෙ ඔෆිස් එකේ දොර ඇරගෙන ඇතුළටම ගියා. එයා දැක්ක දෙයින් එයා පුදුම උනේ නෑ කිව්වොත් ඒක පට්ටපල් බොරුවක් වෙනවා.
_________________________________________
සමාවෙන්න... පරක්කු උනා..
ලබන සතියෙ මට exam එකක්.. ඒ නිසා ඒකට පාඩම් කරනවා..
ආයි අප්ඩේට් එකක් දෙන්න වෙන්නෙ exam එකෙන් පස්සෙ තමා හොදේ...
මේකත් මේ දඩිබිඩියෙ ටක් ගාලා ටයිප් කළේ.. කැතයිද නම් දන්නෙ නෑ..
☹️
YOU ARE READING
The Prank ||TK|| [Completed ✔️]
FanfictionApologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞