"ටේ.... ම..මට සමාවෙන්න."
"......."
"ම..මට ඇත්තටම සමාවෙන්න. එදා අපේ ඔෆිස් එකේ පාටියක් තිබ්බා මතකද ? ඒ.. එදා.. මන් ගොඩක් ඩ්‍රින්ක්ස් අරන් හිටියෙ.. එදා.. එදා මන් ලීසා එක්ක..."
"...."
"ම..මට ඇත්තටම සමාවෙන්න ටේ. එදා බිව්ව එකට මන් අදටත් පසු තැවෙනවා. ඊට පහු වෙනිදා උදේ නැගිටිද්දි මගෙ එහා පැත්තෙ හිටියෙ ලීසා ටේ... මට මහ කාලකණ්ණි හැගීමක් දැනුනෙ. මන් ගැනම. මන් ඔයාට පළවෙනි වතාවට ද්‍රෝහි උනේ එදා.. ම..මන් හිතුවෙ නැති විදිහට එදායින් පස්සෙත් මට ලීසව ඕන උනා. ඇයි දන්නෙ නෑ. මන් ඒ ගැනත් පසුතැවෙනවා. මට තිබ්බා ලීසව මතක් වෙන පාරට එයාව අමතක කරන්න. ඒත්.. ඒත් මන් එහෙම කළේ නැත්තෙ ඇයි.. මට සමාවෙන්න ටේ... ඇත්තටම සමාවෙන්න. මන් මෙහෙන සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ.. ඒත් ප්ලීස් මට තව එකම එක අවස්ථාවක් දෙන්න ටේ.. මන් ඊයෙ ලීසා එක්ක තිබ්බ හැමදෙයක්ම ඉවර කරලා ආවෙ. ප්ලීස්.. තව එකම එක පාරක්.. මන් පොරොන්දු වෙනවා. ආයෙත් එහෙම වෙන්න දෙන්නෙ නෑ කියලා.. ප්ලීස් ටේ..."
"....."
ටේගෙන් සද්දයක් නැති හින්දා ජන්කුක් ටේ දිහා බලද්දි දැක්කෙ අහස දිහා බලාගෙන ඇස් දෙකේ කදුළු පුරවගෙන කට කොණෙ හිනාවක් රදවගෙන ඉන්න ටේව...
"දන්නවද කුකි... ඔයා මගෙ විශ්වාසෙ කැඩුවා."
"ම... මන් දන්නවා මැණික. මට තව එකම එක අවස්ථාවක් දෙන්න... අනෙ මාව දාලා යන්න නම් එපා."
"අපි යමුද දැන්...."
"ටේ... කියන්න.. මට අවස්ථාවක් දෙනවා නේද ?"
"මට හිතන්න තව කල් ඕනෙ කුකි.."
"හ්ම්ම්... මට තේරෙනවා..."
ටේ ජන්කුක් එක්ක එන අතරමගදී වචනයක්වත් කතා කළේ නෑ.
ගේ ගාවින් වාහනේ නැවැත්තුවම ටේ මොකුත්ම නොකියා වාහනෙන් බැහැලා ගේ ඇතුළට ගියා. ජන්කුක් වාහනෙ පාක් කරලා ගේ ඇතුළට එද්දි ඇහුණෙ වොශ් රූම් එකේ වතුර වැටෙන් සද්දයක්.
ජන්කුක් ඇදේ ඉදගෙන බලාගෙන හිටියෙ ටේහියුන්ග් එනකන්. ටිකකින් ටේහියුන්ග් එළියට ඇවිත් ඇදෙ කෙළවරටම වෙන්න හාන්සි උනත් එක මොහොත්කටවත් ජන්කුක් දිහා බලන්න ටේහියුන්ග් කලබල උනේ නෑ.
ජන්කුක් බිම බලාගෙනම නැගිටලා වොශ් එකක් දාගෙන ඇවිත් ටේගෙ එහ පැත්තෙන් ඇලවුණා.
ජන්කුක් ටේ ගාවට කිට්ටු වෙලා ටේගෙ ඉණ වටෙන් අත දාගත්තත්,
"නිදාගන්න කුකී..."
"හ්ම්ම්ම්...."
ජන්කුක්ගෙ හදවත පුදුම විදිහිට රිදෙන්න ගත්තා. ප්‍රතික්ෂේප වීම.. ඊටත් තමන් ගොඩක් ආදරය කරන කෙනාගෙන් ප්‍රතික්ෂේප වීම..
ඒත් ජන්කුක් ඒ ප්‍රතික්ෂේප වීම ලබන්න සුදුසුයි..... එහෙම නේද ?
YOU ARE READING
The Prank ||TK|| [Completed ✔️]
FanfictionApologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞