ජන්කුක් ගියේ ලීසගෙ ඔෆිස් රූම් එකට. එයා යද්දි ලීසා කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්නවා.
"ලීසා.."
"......."
"ලීසා..."
"ආහ්... ??"
"කතා කරන්න ඕනෙ මට."
"ඔ..ඔහ් කියන්න ජන්කුක්."
"අපි මේක නවත්තමු."
"......"
"ලීසා.. හැමදේම ඉවරයි. මන් ටේට ගොඩාක් ලොකු වැරැද්දක් කළේ. දැන්වත් මට ඒ වැරැද්ද හදාගන්න ඕනෙ."
"හ්ම්ම්..."
ජන්කුක් ලීසගෙ රූම් එකෙන් එළියට යන්න ආපහු හැරුණත් ලීසගෙ කටහඩ එයාව නැවැත්තුවා.
"එ..එක දෙයක් අහන්නද මන් ??"
"අ..අහන්න."
"ඔයා.. එකම එක දවසක්වත් ම..මට ආදරේ කරේ නැද්ද ??"
"ම..මන් දන්නෑ. ඒ..ඒත් මන් කවදාවත් ටේට වඩා නම් ඔයාට ආදරේ කළේ නෑ කියලා නම් කියන්න පුළුවන්. එදා.. මාස හතරකට පහකට කලින් ඔෆිස් පාටියේදි ඩ්‍රින්ක්ස් අරන් ඒ දේ සිද්ධ නොවුණනම්..... එදයින් පස්සෙ මට ඔයාව ඕන උනා. ඒක ආදරේකට වඩා ඇඩික්ට් එකක් වගේ කිව්වොත් හරි. ඔයාගෙ.. ඔයාගෙ ඇගට මන් පිස්සු වැටිලා හිටියෙ.. මන් මගේ මැණිකට රිද්දනවා කියලා නොදැනම මන් එයාට රිද්දලා. මන්.. මන් මේ වැරැද්ද හදාගන්නවා. ඔව්.. ආයෙත් මේ දේ වෙන්න දෙන්නෙ නෑ මන්. මන් යන්නම්. ආයි අපි දෙන්නා අතර කිසිම විදිහකින් බිස්නස් රිලේශන්ශිප් එකකට එහා ගිය දෙයක් තියෙන්න විදිහක් නෑ."
ජන්කුක් ඒ ටික කියලා ලීසගෙ ඔෆිස් එකෙන් එළියට ගියා.
ජන්කුක් ලාවට වගේ දොර ගාව ඉදන් එහාට වෙන චායාවක් දැක්කත් ඒක එච්චර ගාණක් ගත්තෙ නැත්තෙ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා.ජන්කුක් යනවත් එක්කම ලීසා මහ හයියෙන් අඩන්න ගත්තා. එයා තමන්ගෙ හැමදේටම හිටපු යාළුවට මෙහෙම දෙයක් කරපු එක ගැන පසු තැවුණා.
ඒත් දැන් පසුතැවිලා වැඩක් තියෙනවද ?
ජන්කුක් ඔෆිස් ඇරිලා ගෙදර එද්දි ගේ කට්ට කළුවරයි. අඩුම ලයිට් එකක්වත් නෑ. ජන්කුක් ගේ ඇතුළට ගිහිල්ලා. ලයිට්ස් ඔන් කරලා living room එකේ බැලුවෙ වෙනද වගේ ටේ එතන ඉන්නවද කියලා. ඒත් ටේ හිටියෙ නෑ. ජන්කුක් ඊළගට කෙළින්ම ගියේ එයාලගෙ කාමරේට.
ජන්කුක් කාමරේ ලයිට්ස් ඔන් කරලා බලද්දි දැක්කෙ ඩුවට් එක අස්සට ගුලි වෙලා දොයියන් ඉන්න එයාගෙ සුරගන පැටියව.. ඒත් තාමත් ඒ සුරගන පැටියේ ජන්කුක්ගෙද ??
ජන්කුක්ට තාමත් අයිතියක් තියෙනවද ටේට අයිතිවාසිකම් කියන්න ??
_________________________________________
මේ කතාව ශෝට් චැප්ටර්ස් වලින් යන්නෙ හොදේ... 😌
ඒ නිසා දිග චැප්ටර්ස් නැත 😌
අදහස් කියාගෙන යන්න හරිතේ ඕගොල්ලො... ☹️
YOU ARE READING
The Prank ||TK|| [Completed ✔️]
FanfictionApologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞