12.

856 189 18
                                    

After 5 years..

"ඔම්මා..."

"ම්ම්..."

"අදවත් අප්පා එයිද අපිත් එක්ක කෑම කල්ල ??"

පුංචි කොලු පැටියෙක් එයාගෙ ඔම්මගෙන් අහනවා. ඒ බෝල ඇස් දෙකේ කදුළු පිරිලා හින්දා වෙන්න ඇති දිලිසෙනවා.

"ම්ම්ම්... අප්පට වැඩනෙ පැටියො..."

කොල්ලගෙ ඔම්මා එහෙම කියද්දි පුංචි එකා ඔළුව බිමට හරව ගත්තෙ දුකෙන්.

ඒත් එක්කම අඩි සද්දයක් ඇහුණ හන්දා පුංචි එකා ඔළුව උස්සලා බැලුවා.. ඒ කවුද කියලා දන්න හින්දද කොහෙද පොඩි එකාගෙ මුණම එළිය වැටුණා.

"අප්පා...."

පොඩි කොලු පැටියා සතුටෙන් උඩ පැනලා ගිහින් එයාගෙ අප්පගෙ, නැත්තන් අර පල්ලෙහාට ආපු මනුස්සයගෙ කකුලෙ එල්ලුණා.

"අප්පා... අද පාක් යමුකෝ...."

"මට වැඩ... වෙන දවසක බලමු."

"අනේ අප්පා..."

"මන් එක සැරයක් කිව්වනෙ.."

"...."

කොල්ලා ආයෙමත් ඔළුව බිමට පාත් කර ගත්තා දුකෙන්. හැමදාම පොඩි එකා මේ දේ ඇහුවත් ලැබෙන උත්තරේ නම් වෙනසක් උනේ නැහැ.

මේ අප්පගෙයි පුතාගෙයි සංවාදෙ බලන් ඉදලා ඒක ඉවර උන හින්දා පොඩි එකාගෙ ඔම්මා කතා කළා.

"ජන්කුක්.. මන් කෑම ලෑස්ති කළා.. කාලා යන්න."

"හහ් කෑම... වහ ටිකක් දෙනවා පුළුවන්නම්..."

ජන්කුක් එහෙම කියලා ඉස්සරහ බලාගෙනම ගෙදරින් එළියට ගියා.

මූඩ් එක හරි නැති හින්දා ජන්කුක් කඩෙන් කෑම පාර්සල් දෙකකුත් අරගෙන වාහනෙ හැරෙව්වෙ වෙන පැත්තකට.

විනාඩි දහයකට විතර පස්සෙ ජන්කුක්ගෙ වාහනෙ නැවතුණෙ සාමාන්‍ය ප්‍රමාණයේ තිබ්බ දෙමහල් නිවසක් ගාව. වාහනෙන් බැස්ස ජන්කුක් කෑම පාර්සල් දෙකත් අරගෙන ගේ ඇතුළට ගියේ එයාගෙ ආසම දේ දකින්න බලාගෙන..

"ටේ... මැණික මන් ආවා...."

"ටේ බේබි......."

ජන්කුක් උඩු මහලේ තිබුණ කාමරයක් වෙත් ගොස් ඇතුළු උනේ එයාගෙ ආසම හිනාව දකින බලාපොරොත්තුවෙන්..

"මැණික... මන් ආවා..."

ජන්කුක් දොර අරිනවත් එක්කම එයා ගොඩක් ආස කරපු ඒ බොක්සි ස්මයිල් එක පේන්න තිබුණා.

"කොහොමද ඉතින්...."

"මැණිකටයි මටයි කන්න මන් කෑම ගෙනාවා.. අපි කාලම ඉමු හොදේ...."

ජන්කුක් එයාගෙ phone එකයි කාර් එකේ යතුරයි පැත්තකින් තිබ්බ මේසයක් මතින් තියලා එයා ගෙනාපු කෑම පාර්සල් දෙක දිග ඇරලා කාමරේම තිබ්බ මේසයක් උඩින් ඉදගෙන එයා එක කෑම එකක් අරන් අනිත් කෑම එක එයාගෙ ඉස්සරහින් තියාගත්තා.

"ඔක්කොම කන්න ඕනෙ හොදද...."

_________________________________________

කොටයි තමා... ඒත් මෙතනින් චැප්ටර් එක ඉවර කරන්න ඕනෙ කියලා හිතුණා...

ඊළග කොටසින් හම්බෙමු ඒනම්... 😌

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now