train

944 144 20
                                    

එදා මං beijing ගියේ interview එකකට. මේක pass වෙන්න කියලා දෙයියන්ට කිය කිය මං ආවෙ.
Passout වෙලා තාම මාසයක්වත් නැති උනත්, මට ඉක්මනටම job එකක් හොයාගන්න සිද්දවෙනවා. මොකද, මං ඉන්නෙ මගේ පවුලෙ අයත් එක්ක නෙමෙයි.
මං ඉන්නෙ මගේ තාත්තගෙ හොඳම යාළුවාගෙ පවුලෙ අයත් එක්ක.

නෑ, මං ගෙදරින් තරහාවෙලා ඇවිත් නෙමෙයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම මං ඉස්කෝලෙ 10 වසරෙ ඉද්දි accident එකක් වෙලා මාව දාලා යන්නම යනවා. තාත්තගෙ නෑදෑයො හිටියත් එයාලට මාව බලාගන්න තරම් පුළුවන් කමක් තිබුනෙ නෑ. මොකද එයාලා ගොඩාක් දුෂ්කර ග්‍රාමීය පැත්තක හිටියෙ.
අම්මගෙ නෑදෑයො කවුරුත් හිටියෙ නෑ. එයා පවුලෙ තනි ළමයා. එයාගෙ දෙමව්පියෝ ඒ වෙද්දිත් නැති වෙලා.

ඉතින් තාත්තාගෙ හොඳම යාළුවා ඒ වෙලේ කිසිම හිතේ කහටක් නැතුව මාවත් එයාගෙ පවුලට බාර ගන්නවා.
එයාගෙ දුව යිශී මගේ වයසෙමයි, පුතා ශූ මට වඩා අවුරුදු 3ක් බාලයි.

ඉතින් අපි තුන්දෙනාම ගියේ එකම ඉස්කෝලෙට. මමත් යීශිලගෙ ගෙදර ඉන්නවා කියලා දැනගත්තම පන්තියේ ළමයි, අපි දෙන්නගෙ  නම් කියලා විහිළු කරන්න ගත්තා.
ඇත්තටම ඒ කාලෙ මං තනිවෙලා ඉද්දි යීශි, ශූ දෙන්නා මට ගොඩාක් උදව් කලා. අපි සෑහෙන්න ලං උනා.
ඉතින් ඒ විහිළු වලට මාත් අකමැත්තක් දැක්කුවෙ නෑ.

ඒත් මේ හැමදේම දුර දිග ගියා වැඩියි කියලා මට තේරුනේ මං වයසින් වැඩෙනකොට.
යීශි වගේම uncle aunty දෙන්නම මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියෙ මං කවදාහරි යීශිව කසාද බඳියි කියලා.
මං ඉගෙන ගන්න දක්ශයි.
යීශි campus select නොවුනත්, මං select උනාම ඒ හැමෝම කිසිම හිතේ කහටක් නැතුව සතුටු උනා. මොකද මං ඉගෙන ගන්න එකෙන් ඉස්සරහට සැප විඳින්න යීශිට පුළුවන් වෙයි කියලා.
කොටිම්ම uncle මං ගැන ඔත්තු බලන්න university එක පැත්තෙ හිටපු එයාගෙ යාළුවොන්ට පවා කියලා තිබුනා.

ඇත්තටම යීශි ලස්සනයි. මුලිම කාලෙ එයා මගේ ලඟ ඉඳන් මගේ හිත හදද්දි මගේ එයා ගැන මොකද්දෝ හැඟීමක් ඇති උනා.
ඒත් ඒ ආකර්ශනයක් එක්කම ඇති උනු යාළු කමක් කියලා මට කාලෙත් එක්ක තේරුම් ගියා.
ඒත් මට මේ තරම් උදව් කරපු uncleගෙ හිත බිඳින්න පුළුවන්ද කියලා මට සැකයක් තිබුනා. හැමදේම කාලයට බාර දෙන්න හිත හදාගෙන මං ජීවත් උනා.

Yours (Completed)Where stories live. Discover now