ඉතින් බලාගෙන යද්දි ජාන්ගෙ පුංචි අම්මා ඉන්නෙ hunanවල.
එයා මේ එහේ යන ගමන්.
අපි දෙන්නා හොඳ කයියක් ගහගෙන ආවා මග දිගටම. එයත් එක්ක කතා කරද්දි මට හිතට මාර සහනයක් දැනුනා. මෙච්චර වෙලා.තිබුනු හැම ප්රශ්නයක්ම විසඳුනා වගේ.
සෑහෙන්න කාලෙකට පස්සෙ මං හරිම සැහැල්ලුවෙන් හිනා උනා.කලින් කතා කරවගන්න හෙන ගේමක් ගහන්න උනාට දැන් මේකගෙ කට නවත්ත ගන්න මට හෙන ගේමක් දෙන්න වෙන සයිස් එකක් තිබුනෙ.
ඉතින් train එකෙන් hunanවලින් බහිද්දි අපි පතාගෙන ආපු යාළුවො දෙන්නෙක් වෙලා හිටියෙ.
හරි හරි, යාළුවෙක් නෙමෙයි මට එයා. ඒත් දැනට එහෙම හිටියම හරි. හැමදේම ටික ටික සිද්ද වෙයි.එයා පුංචිලගෙ ගෙදර සතියක් ඉන්නවා කිව්වා. ඉතින් ඒ සතියෙ අපි හම්බවෙන්නත් කතාකරගෙනමයි වෙන් වුනේ.
එයා යන්න ගියාම මොකද්දෝ පාළුවක් තනිකමක් දැනුනත්, දැන් එයාව හම්බවෙන්න පුළුවන් නිසා මං හිටියෙ දරාගන්න බැරි තරම් සතුටකින්.
වෙනදට ගෙදරදි යීශි දකින කොට දැනෙන අපහසු ගතියවත් මට අද දැනුනෙ නෑ.
මගේ හිතේ වැඩ කලේම හෙට angelව හම්බෙන්න යන එක ගැන.ගෙදර අය හිතුවෙ interview එක හොඳට කෙරුනු නිසා මං සතුටින් කියලා. මාත් ඒ විදියටම හිටියා.
ඉතින් ජාන්ගෙ සතිය ගෙවිලා ගියේ එයා uncle, aunty, ශූ, යීශි ඔක්කෝගෙම හිත දිනාගෙන.
ඉතින් campus එකේ නිවාඩු ලැබෙද්දි ජාන් අනිවාර්යයෙන් hunan එන්න ගත්තා. නිවාඩු කිව්වෙ, weekendsවල පවා එයා ආවා.
ඒ ආවම එයා, අපේ ගෙදරත් අනිවාර්යයෙන් ආවා. මාත් එහේ නිතර ගියා. මේ නිසා අන්තිමේ uncleලයි ජාන්ගෙ පුංචිලයිත් හොඳ යාළුවො උනා.ඒත් ජාන්ගෙ හිතේ යාළුකමට එහා ගිය හැඟීමක් මං ගැන තියෙවද කියලා දැනගන්න මට බැරි උනා.
මගේ හිතේ තියෙන දේවල් එයාට කියන්න මට බය හිතුනෙ, ඒක අසම්මතයක් විදියට දකින දෙයක් නිසා.
අනික තාම මට හරිහමන් රස්සාවක් නෑ.
ලඟපාත කඩවල පොඩි පොඩි accounts වැඩ කරලා දීලා මම ගෙදර වියදමට උදව් උනේ uncleගෙන් හැමදාම පිනට කකා ඉන්න බැරි නිසා.ඉතින් මාස ගානකට පස්සෙ ඔන්න මට interview එකකින් select උනා කියලා call එකක් ආවා.
මට දැනුනෙ පුදුම සහනයක්.
මං මුලින්ම මේක කිව්වෙ ජාන්ට. මගේ විස්තර ඔක්කොම දැනගෙන හිටපු එයා ගොඩාක් සතුටු උනා.ගෙදර ගිහින් uncleලාටත් විස්තරේ කියලා, මං job එකට යන්න ඕනෙ දේවල් ලෑස්ති කරගන්න පටන් ගත්තා.
මට duty report කරන්න තිබුනෙ සඳුදා. තව දවස් 4ක්න්.
ඒ අතරෙ කරගන්න සෑහෙන්න දේවල් තිබුනා.ඉතින් දවස් ගෙවිලා මං යන්න ඕනෙ දවසත් ලං උනා. කලින් දවසේ හවස, මං bag එක ලෑස්ති කරද්දි uncle මගේ ලඟට ඇවිත් කතා කරන්න පටන් ගත්තා.
Job එක තිබුනෙ beijing නිසා, දවසක් කලින් ගිහින් නවතින්න තැනක් හොයාගන්න මං plan කරේ.
Uncle, beijing වල කාලයක් වැඩ කරලා තිබුනු නිසා ඒ විස්තර වලින් පටන් ගත්තු කතාව අන්තිමේ නතර උනේ යීශිගෙයි මගෙයි wedding එකක් ගැන කියලා.මේ කතාව කවදාහරි කතාවෙනවා කියලා දැනගෙන හිටියත් මේ තරම් ඉක්මනින් uncle මේ ගැන අහයි කියලා මම බලාපොරොත්තු උනේ නෑ.
මූණටම ඒක කෙරෙන දෙයක් නෙමෙයි කියන්න මට බැරි කමක් දැනුනෙ, තාත්තා කෙනෙක් වගේ හිතේ කිසිම කහටක් නැතුව එයා මං වෙනුවෙන් කරපු දේවල් මතක් වෙද්දි."බලමුකො uncle" කියලා මං එතනින් කතාව නැවැත්තුවා.
ඒත් මහා බරක් මගේ හිත ඇතුලෙ ඉතුරු උනා.
YOU ARE READING
Yours (Completed)
Fanfictionඑයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ