ජාන් කියපු කතාව ඇහුවට පස්සෙ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා. මගෙන් හරියට අහන්නෙත් නැතුව මෙහෙම හැමෝටම මේ ගැන කියන්න ගියේ කවුද?
දැන් මුළු ගමේම මිනිස්සු මේ ගැන දැන ගහ්තම, මං කොහොමද යීශිව බඳින්න බෑ කියන්නෙ? එහෙම කලොත් එයාලා ගමේ ඉන්නෙ කොහොමද?
ජාන් හිනා වෙවී මට විහිළු කරන්නෙ එයාට මාව යාළුවෙක් විතරයිද? එයාට කවදාවත් මගේ හිතේ එයා වෙනුවෙන් තියෙන ආදරේ දැනිලා නැද්ද?
මං හැමපැත්තෙම්ම හිර වෙලා මිරිකිලා ගිහින්. මට මැරෙන්න හිතුනා.
මොකද්ද මට මේ සිද්ද උනේ???මං ගෙදර යන එක පුළුවන් තරම් අඩු කරන්න හිතුවා. Uncle call කර කර ගෙදර එන්නැද්ද අහද්දි මං වැඩ වැඩියි කියලා බොරු කිව්වා.
ජාන් call කලොත්, msg කලොත් මට යීශි ගැන කියන නිසා මට එයත් එක්කත් දැනුනෙ තරහක්. මං එයත් එක්ක කතා කරන එකත් අඩු කලා.
ඉස්සර පැත්තකට වෙලා අඩු වියදමින් shape එකේ ජීවත් වෙච්චි මම, එලියට බැහැලා යාළුවො හදාගන්න හිතුවා.ඉස්සර office එකේ party ඔක්කොම මග ඇරපු මම ඒවට උනන්දුවෙන්ම යනකෙනා උනා.
මේ ප්රශ්න අමතක කරන්න මං පුළුවන් තරම් වැඩ කලා. පුළුවන් තරම් යාළුවොත් එක්ක රවුම් ගැහුවා.
කෙල්ලො වෙන වෙන අදහස් තියාගෙන ලං වෙන්න එනවා කියලා මට නොතේරුනා නෙමෙයි. ඒත් මං එයාලව ඈත් කරන්න දඟලුවෙ නෑ. ලං කර ගත්තෙත් නෑ.
කෙල්ලො මට තුරුල් වෙලා බදාගෙන ඉන්න photos weibo දාලා මාව tag කරනවා කියලා මං දැනගත්තත් මං ගනන් ගත්තෙ නෑ.ජාන් ඒවට react කරලා තියෙද්දි මගෙ පපුව පැලෙන්න ආවා. එයාට මං කාගෙලඟ හිටියත් ගානක් නෑ. ඒ කියන්නෙ මං එයාගෙ යාළුවෙක් විතරයි.
මං හැමදාමත් නිදාගත්තෙ කොට්ටෙ තෙමෙනකල්ම අඬලා. ජාන්ගෙ ලස්සනම ලස්සන හිනාව. ඒයාගෙ cute පෙනුම. එයත් එක්ක විහිළු කර කර සැහැල්ලුවෙන් හිටපු විදිය. එයා එක්ක හැමදාම එකට ඉන්න දැකපු හීන, මේ හැමදේම මාව කෑලි කෑලි වලට කඩලා ඉරලා දැම්මා.
මං හුස්ම ගත්තා මිසක් ජීවත් උනේ නෑ.
මං මැරුණු මිනිහෙක් වගේ හැඟීම් දැනීම් නැතුව දවස් ගෙව්වා.දවසක් මං වැඩ ඇරිලා එද්දි, boarding house එක ලඟ uncle හිටියා. මං ගෙදර එන්නෙ නැති නිසා බලන්න ආවා කියලා කිව්වෙ.
ඒත් ඒ මූණ දැක්කම වෙන ප්රශ්නයක් තියෙනවා කියලා මට තේරුනා.
මං එයාවත් එක්කගෙන ඇතුලට ගියා.ආගිය විස්තර, office එකේ විස්තර කතා කරලා එයා කල්පනා කරන්න ගත්තා. මාත් බලාගෙන හිටියා.
හැඟීම් දැනීම් මැරුණු මිනිහෙක් විදියට ඇයි කල්පනා කරන්නෙ කියලා අහන්න මට මතක් උනේ නෑ.අන්තිමේ ලොකු හුස්මක් හෙලලා එයා phone එකේ photo එකක් පෙන්නුවා. කෙල්ලෙක් මගේ කර උඩ නැගගෙන ඉන්න එකක්. ඒ මදිවට කොටට කොටේ ඇඳගෙන.
මාත් ඔහේ බලාගෙන හිටියා."මොකද්ද, පුතා මේකෙ තේරුම? ඔයා යීශිව බඳින්න නේද ඉන්නෙ? එහෙම එකේ මෙහෙම කරන එක හරිද?" එයා ඇහුවා.
"මං යීශිට ආදරේ නෑ uncle. මට එයාව බඳින්න බෑ" මට ඒක කියන්න කිසිම අපහසුවක් දැනුනෙ නෑ. මොකද වැරදිකාර හැඟීමක් උනත් දැනෙන්න ඒ මනුස්සයා ජීවත් වෙන්න ඕනෙ. මං මැරිච්ච මනුස්සයෙක්.
Uncle බය වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා.
"පුතා, කියන්නෙ මෙච්චර කල් අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කලා කියලද? මං පුතා වෙනුවෙන් කරපු කැපකිරීමක් හැම එකකටම පස්සෙ, මගේ දුවට බලාපොරොත්තු දීලා මෙහෙම කරන එක හරිද? මුළු ගමේම මිනිස්සු මේ ගැන දන්නවා. අපි කොහොමද ගමේ ජීවත් වෙන්නෙ? අඩුම ගානෙ කාපු බත්පතේ ගුණේ තියන්න පුතා!!!" Uncle කිව්වෙ තරහින්.
"මං යීශිට බලාපොරොත්තු දුන්නෙ නෑ uncle. මං එයාට සැලකුවෙ සහෝදරියක් වගේ.
අනික ගම පුරා ඔය ගැන පැතිරුවෙ මම නෙමෙයි. ආදරයක් නැතුව කසාද බැඳලා මං විතරක් නෙමෙයි යීශිත් විඳවයි.
ගමේ මිනිස්සුන්ට ඔය කතා අමතක වෙලා යයි uncle.
යීශිට තව දුර ඉගෙන ගන්න කියන්න. මං වියදම් කරන්නම්. එයාට ආදරේ කරන කෙනෙක් මුණ ගැහෙයි"ඒත් uncleට පිලිගන්න ඕන උනේ නෑ.
මගේ ගුණමකුකමට මට කවදාවත් හොඳක් වෙන්නෙ නෑ කියලා එයා සාප කරලා ගියේ, මගේ සල්ලි එයාගෙ බල්ලටවත් එපා කියලා.
ඒ වගේම මට ඒ ගෙදර හතරමායිමක පස් පාගන්න එපා කියලා.Uncle ඔයා සාප කරන්න කලින් ඉඳම්ම මට සාප.වෙලා තිබුනෙ. මට නැති වෙන්න දෙයක් නෑ uncle.
YOU ARE READING
Yours (Completed)
Fanfictionඑයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ