beijing

643 128 17
                                    

Beijing ගිහින් ටික කාලෙකිම්ම මං ඒ ජීවිතේට පුරුදු උනා. මට ලැබෙන පඩියෙන් වියදමට යාන්තම් ඉතුරු කරගෙන ඉතුරු ඔක්කොම ගෙදරට එව්වෙ uncle මට කරපු උදව් වලට ටිකක් හරි හිලව් වෙන්න කියලා.

යීශිගෙ ප්‍රශ්නෙ මගේ ඔළුවට මහා බරක් උනා. එයාව කසාද බඳින්න මට හිත හදාගන්න කොහොමටවත් බැරි උනත්, ඒ ගැන uncleට කියන්න පුළුවන් කමක් මට තිබුනෙ නෑ.

අන්තිමේ මං හිතුවා මේ ගැන යීශි එක්ක කතා කරන්න. ගෙදර ගිය වෙලාවක යීශි එක්ක මේ ගැන මං කතා කලත්, එයා හොඳටම අඬන්න පටන් ගත්තා.
මං එයාට ආදරේ කරන්නෙ නෑ කියලා කොයි තරම් පැහැදිලි කරලා දෙන්න හැදුවත් එයා පිලිගන්න ලෑස්ති උනේ නෑ.
මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියද්දි එයා කිව්වෙ, එයාලා මං වෙනුවෙන් මෙච්චර කල් කරපු දේවල් ගැන හිතන්න කියලා. මේවා දැන්ගෙන uncle පපුව පැලිලා මැරෙයි කියලා.

අන්තිමේ එදාම හවස මං ආයෙම beijing ගියේ ඔලුව අවුල් ජාලාවක් කරගෙන.
Phone එකත් off කරලා දාලා මං ගිය ගමන් නිදාගත්තෙ හැමදේම පැටලිලා යකාගෙ කම්මල වගේ වෙලා තියෙද්දි.

පහුවදා උදේ phone එක  on කරද්දි ජාන්ගෙන් call alerts 5ක් එක්ක, msg බර ගානක් ඇවිත් තිබුනා.
මගේ මූණට හිනාවක් ආවෙ ඉබේමයි.

ඒ ගමම්ම ජාන්ට මං call කලත් එයා answer  කලේ නෑ.
දවසෙම සැරින් සැරේට call කලත්, එයා answer කලේ රෑ වෙලා. දවසෙම වැඩ තිබුන නිසා calls miss උනා කිව්වත්, මෙච්චර කල් එයා කවදාවත් මෙච්චර වෙලා ,calls answer නොකර ඉඳලා නැති නිසා මං ඒ ගැන අහන්න ගියත් එයාට තරහා ගියා.
ඉතින් මං නිකන් හිටියා.

ඊලඟ දවවසෙ ජාන් ආයෙම වෙනදා වගේ හොඳින් හිටියා. ඒත් එකපාරටම එයා ඇහුවෙ මං යීශිව බඳින්න යනවලු නේද කියලා.
දැන් wedding එක කවද්ද කිය කිය එයා මට විහිළු කරන්නත් පටන් ගත්තා.
ඇත්තටම මට මොකුත් හිතාගන්න බැරි උනා. ජාන් කොහොමද මේ ගැන දන්නෙ???

"ඔයාට කවුද එහෙම කිව්වෙ ජාන්?" මං ඇහුවා.

"කිව්වකෙනා කවුරු උනාම මොකද කතාව ඇත්තනෙ" එයා කියනවා.

"එහෙම එකක් නෑ ජාන්. කවුරුහරි ඔයාට බොරුවක් කියලා." මං කිව්වා.

"ආ!!! බොරු වෙන්නෙ කොහොමද? මං මේ ඉන්නෙ පුංචිලගෙ ගෙදර ඇවිත්, මේ පැත්තෙ හැමෝම දන්නවා ඔය දෙන්නා බඳින්න යන්නෙ කියලා" ජාන් කියද්දි මට දැනුනෙ ඔළුවට අකුණක් ගැහුවා වගේ.

Yours (Completed)Where stories live. Discover now