ජාන් එකපාරටම මාව kiss කරද්දි මාව lock උනා. ඔව් එයාගෙ අර මායා බලේ. මාව ආයෙමත් lock කලා.
එකපාරටම දැනගත්ත දේවල් මගේ මොලේට process කරගන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ.ඒ රෝස පාට තොල් මගේ තොල් උඩින් හෙමින් හෙමින් දඟලද්දි මගේ මොලේ stuck උනා. මේක හීනයක්!!!
මේක ඇත්තක් වෙන්න බෑ.
මට හෙලවෙන්නවත් බය හිතුනා. මං ඇහැරුනොත්????
හීනෙ ඉවර උනොත්????
මං හුස්ම ගන්නෙත් නැතුවම හිටියා.
ඔව්, මේ මොහොත දිගටම තියාගන්න මං ඕනෙම දෙයක් කරනවා.එයා එක පාරටම මගෙන් ඈතට උනා. මගේ දිහා බලන්නෙත් නැතුවම අනිත් පැත්ත හැරුනා.
"මං යන්නම් යීබෝ, මට සමාවෙන්න. ඔයාගෙ යාළුවෙක්ට එන්න කියන්නම් ඔයාව බලාගන්න. තව දවසක් දෙකක් යද්දි ඔයාට හොඳවෙයි" එහෙම කියාගෙන එයා කාමරෙන් එලියට ගියා.මං තාමත් හිටියෙ මේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. එක පාරටම එයා ඇයි ගියේ???
එයා මාව ඇත්තටම kiss කලා.
එයා මට ආදරෙයිද?"ජාන්... ජාන්...." මං කතා කලා.
"ම්....."
"ජාන්, please පොඩ්ඩක් එන්න."
"මං යන්න ඕනෙ යීබෝ, මට පරක්කු වෙනවා"
"ජාන්, මෙච්චර දවස් මාත් එක්ක ඉඳලා දැන්ද පරක්කු වෙන්නෙ?
විනාඩියකට මෙහෙට එනවා ජාන්"එයා ආවා. බිම බලාගෙන. මගෙ ලඟට නෑවිත් ඈත හිටගෙන ඉන්නවා.
"ජාන්, මට අමාරුයි බං කෑගන්න. පොඩ්ඩක් මෙහාට එනවකො"
හෙමින් හෙමින් මගේ ලඟට එද්දි තමයි මං දැක්කෙ ඒ ඇස්වල කඳුළු
ඒවා නවතින්නෙ නෑ.
දිගටම ගලාගෙන ගලාගෙන යනවා. උල්පතකින් වතුර ගලනවා වගේ...කකුල අමාරු උනත් කමක් නෑ කියලා මං ජාන් ලඟට පැන්නා.
මට වැටෙන්න නොදී එයා මාව අල්ලගත්තෙ කඳුළු පිටිම්ම මට රවන ගමන්."ජාන්, ඇයි මේ? ඇයි අඬන්නෙ?" මං ඇහුවෙ මොකුත් හිතාගන්න බැරුව.
"මොකුත් නෑ.
මට සමාවෙන්න. මට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා"එයා කියන හතර බීරි කතාව මට තේරුනේ නෑ.
"මොකද්ද? මොකටද සමාවෙන්නෙ?" මං ඇහුවා.
බිම බලාගෙන බිම පහුරු ගගා එයා මුණුමුණු ගෑවා.
අමාරුවෙන් මං කන ලං කරගෙන අහගත්තෙ."මං ඔයාට ආදරෙයි යීබෝ. මට තවත් ඉවසන්න බැරි උනා. ඔයා කැමති girlsලට කියලා දැන ගෙනත් මට ඉන්න බැරි උනා.
මට සමාවෙන්න. මං දැන් යන්නම්. ආයෙම ඔයාට කරදර කරන්නෙ නෑ" එයා කියවනවා.මගේ මොළේ අද දවසට කීවෙනි පාරටදෝ මන්දා stuck වෙලා, ඇඟම lock වෙන්න ගියත්, දැන් නම් මගේ මායාකාරයා මාව දාලා යන්නම යයි කියලා මට තේරුනා.
උනේ මොකද්ද කියලා හිතන එක බල්ලට දාලා මං ඉක්මනට ඒ රෝස තොල් දෙකට බර උනා.
ඔන්න දැන් මං දැනගත්තා එයාට වගේම මටත් පුළුවන් magic කියලා. දැන් lock වුනේ එයා.
ඒ බෝල ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් ඉද්දි මං හෙමීට ඒ තොලක් හපලා එහාට උනේ හිනා වීගෙන."ය්.. යීබෝ...
ඔයා... ඔයා....." ඔන්න ගොතේ ආවා.
මට හිනාත් ගියා."ඔව්, ඔව්!!!
මං යීබෝ තමයි" මං කිව්වෙ ඇහැක් ගහන ගමන්."ඔයා... ඔයා.....
ඇත්තටම......""ඔයාගෙ..." මං කිව්වෙ ඒ තොල් වලට සමනල හාදුවක් තියන ගමන්.
කටත් ඇරගෙන බය වෙච්ච හා පැටියෙක් වගේ බලාගෙන ඉන්න කොල්ලව දැක්කම මගේ ඉතුරු වෙලා තිබුනු සීමා ඔක්කොමත් බිඳිලා යන්න වගේ එද්දි
"මාත් ආදරෙයි ජාන්, දැක්ක දවසෙ ඉඳන්ම...." ආයෙමත් ඒ තොල්වලට ලං වෙන ගමන්ම මං කිව්වා.
YOU ARE READING
Yours (Completed)
Fanfictionඑයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ