1

1.7K 116 56
                                    

"මගේ වයිෆ්ට ලං වුණේ මොකද ?"

අදුරු රැයක ඕනිවටත් වඩා එලිය වුණ සුපිරි මාදිලියේ බෝට්ටුවක රවුම් මේසයේ කෙලවරක මත්පැන් වීදුරුවක් අතැති තරුණයාගේ තද කළු පැහැති දෑස් යොමු වී තිබුණේ ඉදිරියට.

"තමුන්ගේ වයිෆ් ??"

පිලිතුරු දුන් තරුණයා හැඳ පැලද සිටි නවීන පන්නයේ ඇදුම් පැලදුම් නිසා ඔහුගේ ධනවත් කම ඕනිවටත් වඩා කැපී පෙනුනා.

"සාර ගැන අදහසක් තියෙනවද ?"

තොල් අග මත්පැන් තවරා ගත් තරුණයා නැවතත් ප්‍රශ්න කරන්නට වුණා.

"දැනට නෑ. මගේ අදහස කාටද කියලා තමුන් දන්නවනේ."

"මැරෙන්න ආසයි වගේ."

"ඔව් ! කවදා හරි මැරෙන්න වෙනවනේ වයසට ගියාම."

සමච්චලයට මෙන් සිනාවක් තමන් ඉදිරියේ වූ තරුණයාට දෙන ගමන් පිලිතුරු දුන්න ඇස් වල මරණයට බය කියන හැගීම යන්තමින් වත් තිබුණෙ නෑ.

"සාරා මගේ බිස්නස් වලට ගාවගන්න එපා ජේකේ. මේක අවවාදයක්.
දැනට !"

"තමුන්මයි තමුන්ගේ වයිෆ්ව මේකට ඈදුවේ ජේ. දැන් හැරවීමක් නෑ."

නමින් ජේකේ වූ තරුණයා නොවෙනස් වන තද හඩකින් දිගින් දිගටම පිලිතුරු දුන්නා.

"මේ වැනීස්.. කොරියාව නෙවෙයි. කැමතිද වැනීසියේ පාලු පාරක මං තමුන්ගේ ඇස් උගුල්ලනවා බලන්න."

"සාරා සාරා සාරා.. මං එක දෙයක් තමුන්ට කියන්නම් ජේ. සාරා කියන්නේ මේ මගේ එහෙමත් නැත්තන් ජේකේ ගේ වැඩ වලට අවශ්‍යම කෙනෙක්. මේ දැන් ඉදන් ජේකේ කියන්නේ ඔයාට ලං වෙන්න හිතන්න වත් බැරි කෙනෙක්. "

සාක්කුවේ වූ පෙට්ටියෙන් ගත් එක් දුම් වැටියක් දෙතොල් මත තියාගත්තු ජේකේ නැගිට්ටේ ජේට අවවාද කරමින්.

"සාරාට ලං වෙන්න තමුන්ට බැරි වෙයි ජේකේ."

"ඕහ් මිස්ටර් ජේ .. තමුන්ගේ වයිෆ් මේ වෙද්දි මොනා කරනවා ඇතිද ?"

නොදැල්වූ දුම් වැටිය ඇගිලි දෙක අතරට ගත්තු ජේකේ ජේගේ මූණට ඕනිවටත් වඩා ලං වෙලා ඇහුවේ වැදගත් ප්‍රශ්නයක්.

•𝙻𝚎𝚝 𝙼𝚎 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now