20

221 62 28
                                    

"ආයිගෝ මගේ ජීමිනී... මට ඔයාව ගොඩක් මිස් වුණා."

ටේහ්‍යොන් හිටියේ ලොකර් එකට බෑග් එක දාන ජීමින්ව පැත්තකින් චප්ප වෙන තරම් තදින් තුරුලු කරගෙන. කොහොමත් එයා මේ යුනිවර්සිටි එකට ආවෙම සතියකට පස්සේ. හැබැයි ජීමින් නම් ටේහ්‍යොන්ව ගණන් ගත්තෙම නෑ.

"අහකට වෙනවා මෝඩයෝ. ආයිශ්... බොරු කියන්න එපා ටේ. අඩුම ඔයාට තිබ්බා ලෙඩින් හිටියා කියල මට කියන්න. ඔක්කොම ඉවර වුණාට පස්සේ මට කියන්නේ."

ජීමින් බොරුවට ඔරවන්න ගත්තම ටේහ්‍යොන් මූණ කපටි පාටකට හදාගෙන ජීමින්ගේ මූණට එබුණා. ජීමින්ව යාළු කරගන්න තියෙන්නේ එකම එක ක්‍රමයයිනේ.

"ඕහ්.. සොරි මගේ පැටියෝ. මං ඒ වෙනුවට ඔයාට බ්‍රෙක්ෆස්ට් අරන් දෙන්නම් මගේ ගාණේ. ඊට පස්සේ ඔයා කැමති ඕනිම ෆ්ලේවර් එකකින් අයිස් ක්‍රීමුත්."

ටේහ්‍යොන් ඩ්‍රාමටික් විදිහට කටත් හදාගෙන මුල් කෑල්ල කියපු හැටියට ජීමින් හිතුවේ ටේ එයාගේ පෙට්ටියක් වගේ කටෙන් එයාව ගිලලා දායි කියලා.

"ඕනි නෑ. මං අද උදෙන්ම ජන්කුක් හ්‍යොන්ග් එක්ක බ්‍රෙක්ෆස්ට් ගත්තා. එතකොට අයිස් ක්‍රීම්... ම්ම්... ඔයාට අනිවාරෙන්ම හවසට එකක් අරන් දෙන්න වෙයි මගේ සිලෙක්ෂන් වලින් පස්සේ."

ටේහ්‍යොන්ට ජීමින්ට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන එක මහලොකු දෙයක් නොවුණට එයා ඇස් ලොකු කරගත්තේ ඊට කලින් ජීමින් ජන්කුක් ගැන කියපු දේට. ජන්කුක්ගේ අලුත්ම පුරුද්ද පටන් ගත්තේ අද උදේ ජීමින් යුනිවර්සිටි එන්න ගෙදරින් එළියට බහිද්දි... වෙන කෙනෙක් වෙනුවෙන් කිසි දවසක කරපු නැති දේවල් පවා ජන්කුක් දැන් ජීමින් වෙනුවෙන් කරද්දි කාටද පුදුම නොහිතෙන්නේ. හැබැයි ඉතින් ජන්කුක් ජේමින් වෙනුවෙන් ඔය වගේ දේවල් නොකරමත් නෙවෙයි. ඒත් දැන් ජීමින් කියන්නේ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්නේ.

"ඔයාලගේ ඩේට් එකෙන් පස්සේ මොකක්ද වුණේ ජීමිනා? ජන්කුක් හ්‍යොන්ග්ව ඔයාට විශ්වාසද? මං දන්නවා ඔයා එයාට ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ කියන්න. එයත් ඒ වගේමයි කියලා ඔයා හිතනවද?"

ටේහ්‍යොන් අහපු දේට උත්තරයක් දෙන්න ජීමින් දැනන් හිටියෙ නෑ. ජේමින් කියලා තියෙන විදිහට ජන්කුක් කියන්නේ නරක මනුස්සයෙක් නෙවෙයි. ජීමින් නොදන්නවා නෙවෙයි ජේමින් කියලා තියන දේවල් වලට අමතරව එයාට ජන්කුක් ගැන දැනගන්න හුඟක් දේවල් තියෙන බව. ටේහ්‍යොන් නම් කොහොමත් ඕවර් තින්කින්ග්නේ.

•𝙻𝚎𝚝 𝙼𝚎 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now