9

281 85 19
                                    

"අම්... ඔයා ඇතුළට එනව...ද හ්‍යොන්ග්?"

අලුත් ගෙදර ඉස්සරහින් වාහනේ නතර කරපු ගමන් ජීමින් ඇහුවේ එයාව එක්කන් ආපු ජන්කුක්ගෙන්. එයාලා අතරෙ කලින් දවසෙ වුණ දේවල් නිසා ජීමින් හිතුවා ඒ දෙන්නගේ සම්බන්ධය ටිකක් හොඳ තැනක ඇති කියලා. හැබැයි ජීමින් දැනන් හිටියෙ නෑ දවසේ මීටින්ග්ස් එහාට මෙහාට කරගෙන වෙලාවක් හදාගත්තු ජන්කුක්ට තවත් ඉතුරු වුණ වෙලාවක් නෑ කියන එක.

"තැන්ක් යූ ජීමින්, හැබැයි මට යන්න වෙනවා. මං වෙන දවසක අනිවාරෙන්ම එන්නම්."

ජන්කුක්ගේ උත්තරේට තොලක් නොපිටට හරවන් ජීමින් ඔළුව වැනුවේ වැරදි වැටහීමකින්. ජීමින් කුලියට අරන් හිටපු ගෙදර දිහා බලලා හුස්මක් පිට කරලා.ජන්කුක් දිහා බැලුවා.

"මගේ ගෙදර කොහොමත් හ්‍යොන්ග්ට ගැලපෙන්නෙ නෑනේ."

ජීමින් මෝඩයෙක් වගේ ජන්කුක් කියපු දේ අනිත් පැත්ත හරවපු හැටියට ජන්කුක්ට හිනත් ගියා. ඒ ගමන්ම ජන්කුක් හරි සිහියට ආවේ මේ කොහොමටත් එයාගේ හැසිරීම නෙවෙයි නිසා.

"නෑ පොඩ්ඩෝ, ඒ නිසා නෙවෙයි. බලන්නකෝ ඔයාටත් හොඳටම මහන්සි. අද රෙස්ට් කරන්නකෝ. මං අනිත් දවසෙ එනවා හොඳද?"

ජන්කුක් තේරුම් කරද්දි ජීමින් එයාගේ ස්පෝට්ස් බෑග් එක අතට ගත්තේ අද දවසට වැඩිමලාට සමු දෙන්න හිතාගෙන. ඒ වුණාට ජීමින්ට බැරි වුණා එයාලගේ ‍සම්බන්ධය ගැන කතා කරන්න.

"මං යන්නම් හ්‍යොන්ග්. ආහ් මගේ යාළුවා කියපු දේවල් වැඩිය ගණන් ගන්න එපා. එයා බයයි මට කරදරයක් වෙයි කියලා."

"ඒකට කමක් නෑ. ඊයෙත් මං හිටියෙ නැත්තන් අද මැච් එක සෙල්ලම් කරනවා වෙනුවට ඉන්න වෙන්නේ හොස්පිටල් එකක. ආයෙ උන් ඔයාට කරදර කරන එකක් නෑ. ම්ම්... මොකක්ම හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කෝල් කරන්න පුළුවන්නේ ඔයාට?"

ජන්කුක් දන්නවා කලින් දවසෙ යන්හූන්ට තනි ජීමින්ව හම්බුණා නම් අද වෙන දේ. ජීමින්ටත් ඒක මතක් වෙද්දි ඇඟ දිගේ හිරියක් ගියා. එයා හිතන් හිටියේ අද‍ ටේහ්‍යොන්ට ඒ දේවල් කියන්න වුණත් ඇත්තටම ජන්කුක් වෙනුවෙන් එයා ඒ කාලේ වැය කරා.

•𝙻𝚎𝚝 𝙼𝚎 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now