16

267 66 48
                                    

බුසාන් යුනිවර්සිටි එකත් එක්ක තිබුණු මැච් එකෙන් පස්සේ දවස් තුනක් එකදිගට ටේහ්‍යොන් ජීමින්‍ටත් නොකියා නිවාඩු දාපු එකට ජීමින් හිටියේ තරහා මූණක් එකක් එක්ක යුනිවර්සිටි එකෙන් එළියෙ තියන එයා ආසම කැෆේ එකේ තනියම ඉඳගෙන. එයා ඉස්සරහින් තිබුණ හුරතල් පාට රයිස් කේක් ටිකටවත් ඇමරිකානෝ එකටවත් පුදුමෙකට වගේ ජීමින්ගේ අවධානේ ගන්න බැරි වෙලා තියෙනවා. ටේහ්‍යොන් එයාගේ ටෙක්ස්ට් එකකටවත් රිප්ලයි නොකරද්දි තමයි ජීමින්ට හිතුණේ අඩුම තරමින් එයාගේ ඇඩ්‍රස් එකවත් නොදැන හිටපු එක අපරාදයක් කියලා. ටේහ්‍යොන් කිසිම දවසක ජීමින්ට ඒ ගැන දැනගන්න සැලැස්සුවේ නැති එක කීයටවත් ජීමින්ට මතක හිටපු දෙයක් නෙවෙයි. අඩුම තරමින් ටේහ්‍යොන්, එයාගේ එකම යාළුවා ලෙඩ වෙලාද කියලා දැනගන්නවත් ජීමින්ට බැරි වුණ එක හරිම දුක හිතෙන දෙයක්.

විනාඩි දෙක තුනකට පස්සේ අර මේසේ උඩ ඉදන් එයා දිහා බලන් ඉදපු රයිස් කේක් ටිකට වැඩේ දුන්න ජීමින් ඇමරිකානෝ එකත් බීලා ඉවර කරේ ඒ බටේ දිගේ 'සුරුස්' ගාලා සද්දෙකුත් එන විදිහට. කැෆේ එකේ හිටපු වැදගත් මිනිස්සු ජීමින් දිහා බලපු විදිහ එයාට ගාණක්වත් නැති වුණත් බිම බලන් හිටපු ජීමින් දැක්කා එයා ලඟින්ම නතර වුණ කළු පාටින් දිළිසෙන හීල්ස් දෙකක්.

"පාර්ක් ජී මින්??"

ඒ කෙනා ඇහුවේ ජීමින් හීල්ස් දෙක දිගේ උඩට එයාගේ ඇස් දෙක අරන් එද්දි. අමුත්තා පෙනුමෙන් කොරියන් පාටට නොපෙනුන නිසාම ජීමින් හිටියේ එයාගේ හීනි ඇස් ලොකු කරන්.

"ආහ් ඔව්... හලෝ මං පාර්ක් ජීමින්!! ඔයා මාව කොහොමද දන්නේ?"

ජීමින් යුනිවර්සිටි එකෙන් එළියට බහිද්දි එයාගේ ස්ටුඩන්ඩ් බැජ් එක ගලවලා සාක්කුවට දාගත්තු නිසා ඒ කෙනා එයාගේ නම දැනගන්න විදිහක්ම නෑ.

"හලෝ ජීමින්!!! මගේ නම සාරා... සාරා ජේන්....... පාර්ක්!"

ජීමින්ට ඒ කෙනා ගැන මහලොකු ගාණක් නොතිබුණත් එයාගේ සෙන්ස් නම් කිව්වෙම මේ ගෑණු කෙනා තමන්ව දැනගෙන ආපු ගමනක් කියලා.

"ඔහ්... ඔයා මාව දන්නවද?"

ජීමින්ගේ පුදුම වුණ මූණයි තමන් දිහාටම එල්ල කරන් ඉන්න චූටි ඇඟිල්ලයි නිසා සාරා තේරුම් ගත්තා එයා ඉන්නේ ලොකු කුතුහලේකින් කියන්න.

•𝙻𝚎𝚝 𝙼𝚎 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now