19

225 63 19
                                    

ටේහ්‍යොන් හිටියේ හොඳටම හිත රිද්දගෙන..

හැබැයි යුන්ගිගෙ හිත ඒ ගැන දැනගන්නවට බයේ කඳුළු හන්ගන් අඬන්න බැරි කමට ඉන්නවා මිසක් එයාට ඕනි වුණේ හිත හදාගන්න නෙවෙයි. යුන්ගිට ඕනි වුණේ එයාට සතුටක් දෙන්න ඇර කීයටවත් දැන් වුණ දේවල් වෙන්න ඕනි වුණේ නෑ කියන්න ටේහ්‍යොන් හොඳටම දන්න නිසයි තාමත් එයා හැමදේම හොඳින් කියලා පෙන්නන්නේ.

යුන්ගි ටේහ්‍යොන්ව එක්කගෙන දේගු ආවේ එහෙ තියන ටේගෙ ගෙදරට. ඊට කලින් හැමදේම සිද්ධ වුණේ හොඳින් වුණත් යුන්ගිට තිබුණා ටේහ්‍යොන්ගේ ගෙදරට යන එක හදිස්සි නොකර ඉන්න.

"ටේ...."

එක අතකින් ඩ්‍රයිව් කරන ගමනුත් අනිත් අත ටේහ්‍යොන්ගේ කෙස් ගස් අතරින් යවන ගමන් යුන්ගි මුලින්ම කතා කරේ ඒ දෙන්නා අතරෙ තිබුණ නිහඬබව අපහසුවක් වුණ නිසාමයි. ටේහ්‍යොන් යුන්ගි දිහාවට හැරුණා මිසක් තාමත් වචනයක්වත් කතා කරේ නෑ.

"මියාන් ටේ මම...."

"හ්‍යොන්ග්.... මං හොඳින්."

ටේහ්‍යොන්මයි කිව්වේ එයාට එයාගේ පවුලේ අයව දකින්න ඕනි කියන එක. ඒත් යුන්ගි එක්ක ආවයින් පස්සේ එහෙ සිද්ධ වුණ දේවල් ටේහ්‍යොන්වත් යුන්ගිවත් දැනන් හිටියෙ නෑ. හැමදේම හොයලා බලන යුන්ගිට පවා ඒ දේවල් ගැන හොයන්න මතක් වුණෙත් නෑ. දැන් වුණත් ටේහ්‍යොන් කොච්චර කිව්වත් එයා ඉන්නේ හොඳින් කියලා එහෙම නෑ කියන්න යුන්ගි හොඳටම දැනන් හිටියා. වාහනේ පැත්තකට කරලා නතර කරපු යුන්ගි ශීට් බෙල්ට් ගලවලා ටේහ්‍යොන් දිහාවට හැරුණේ එයාගේ සම්පූර්ණ අවධානෙම එයාගේ හස්බන්ඩ්ට දීලා.

"මං දැනන් හිටියා නම් කීයටවත්, කවදාවත් ඔයාව එහෙ එක්කන් යන්නෙ නෑ."

"නෑ හ්‍යොන්ග්. මං එයාලට ලොකු වැරැද්දක් කරා. එයාලා කවදාහරි ඒක අමතක කරයි. නැත්තන් එයාලා හැමදාටම මාව අමතක කරලා දායි."

ටේහ්‍යොන් හිටියේ දරාගැනීමේ අන්තිම සීමාවේ වුණත් යුන්ගි වෙනුවෙන් එයා එයාගේ කඳුළු පාලනේ කරගත්තා. ඒත් ඒක යුන්ගිව ඊටත් වඩා රිද්දුවා. ටේහ්‍යොන් මුකුත්ම නොකර හිටියත් යුන්ගිට ඕනිවටත් වඩා ඒක දැනුණා.

•𝙻𝚎𝚝 𝙼𝚎 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now