5

311 89 34
                                    

"මට ඇත්තම කියනවා ජීමින්. ඇයි ෆුට්බෝල් වලින් අයින් වෙන්නේ? ඒ ආපු කොල්ලා කියපු දේ තේරුම මොකක්ද?"

ටිකකට කලින් එයාලගේ සීනියර් කෙනෙක් වුණ යන්හූන් ජීමින්ගේ කොලර් එකෙන් අල්ලගෙන එයාට බැනලා යනවා බලන් හිටපු ටේහ්‍යොන් ඇහුවේ ටිකක් සැරෙන්.

"එයා ඔයා ප්ලේ කරන ක්ලබ් එකටද සෙල්ලම් කරන්නේ ?"

ජීමින් උත්තර නොදුන්න නිසා ටේහ්‍යොන් සාක්කුවටත් අත් දෙක දාගෙන ජීමින් වගේම බිමින් ඉදගත්තෙ එහෙම අහන ගමන්.

"නෑ.."

"එහෙනම් ඇයි ඌ ඔයාට ෆුට්බෝල් ගැන කිව්වේ? මට තේරුණ විදිහට නම් ඒ මිනිහා කිව්වේ ක්ලබ් එකෙන් අයින් වෙන්න කියලා."

ටේහ්‍යොන් එයාගෙන් ඒ ගැන හාරවුස්සන එකට ජීමින් වැඩිය කැමති නැති වුණත් යාලුවෙක් විදිහට ටේහ්‍යොන් ඒක දැනගන්න ඕනි කියලා හිතුවා. යාලුවෝ වෙලා වැඩි කාලයක් නැතත් ජීමින්ගේ හ්‍යොන්ගේ මරණෙන් පස්සේ ජන්කුක් ඇරුණම එයාට ගොඩක්ම උදව් කරේ ටේහ්‍යොන්නේ. ඉතින් යාළුවො අතරෙ රහස් තියෙන්න බෑනේ.

"ෆයිනල් මැච් එක තියෙන්නෙ යන්හූන් හ්‍යොන්ගේ ක්ලබ් එකත් එක්ක. මං ක්ලබ් එකට ජොයින් වෙලා වැඩි කාලයක් නැතත් කලින් මැච් එකේ හොඳට සෙල්ලම් කරා කියලා මුලු යුනි එකම දන්නවා."

"ඉතින් ඒ මිනිහා තමුසෙට තර්ජනේ කරනවද? මං ඕකට__"

ටේහ්‍යොන් අත මිට මොලවපු විදිහට ජීමින්ට කට කොනකින් හිනාවක් ගියා. මොකද ජීමින් කියන්නෙත් බයගුල්ලෙක් නෙවෙයි. ඒත් මෙතනදි තත්වේ වෙනස්. ජීමින්ව එයාගේ හ්‍යොන්ග් මීට අවුරුදු එක හමාරකට කලින් තනි කරද්දි යුනිවර්සිටි එකට කිට්ටුවෙන් කුලියට ගෙයක් ගන්න සිද්ද වුණේ අසාධාරණ විදිහට එයාලගේ ඔම්මගෙන් ලැබුණ ඒ දෙන්නා එකට ජීවත් වුණ තැන ජීමින්ට නැති වෙද්දි. යන්හූන් කියන්නේ ජීමින් දැන් ඉන්න කුලී ගෙදර අයිතිකාර බේබදු මිනිහගේ එකම පුතා.

"ජීමිනා... ඔයා ක්ලබ් එකට සෙල්ලම් කරන්නම ඕනි. ඊට කලින් මට අර සීනියර්ගේ දත් දෙකක් ගලවන්න ඕනි."

ජීමින් කිසිම උත්තරයක් දෙන්න මහන්සි නොවී ඉද්දි ටේහ්‍යොන් කතා කරා.

•𝙻𝚎𝚝 𝙼𝚎 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now