No one's pov :
" චාන්... ඔයා කියන්නෙ එතකොට දැනට අවුරුදු හතරකට කලින් ඔයාගෙ මමා ඔයාව දාලා ගියාම ආව පපාගෙ දෙවනි වයිෆ්... ඒ කියන්නෙ ඔයාගෙ දැන් මමායි ගගායි ඔයාට ගොඩක් ආදරෙයි... ඔයා බලාපොරොත්තු නොවුන විදියට එයාලා ගොඩක් කෙයාරින් කියලනෙ.... එහෙම නේ...... "
චාන් පවසන සියල්ල සාවධානව අසා සිටින අතරතුර යීබෝ විටින් විට ප්‍රශ්න නැගූ අතර චාන් ද සන්සුන් ව ඒවාට පිළිතුරු දෙමින් සිටියේ ය.
" ඔව් යීබෝ ගගා...... මගේ මමාගෙන් හෙව්ව ආදරේ එයා අඩුවක් නැතුව මට දෙනවා... වැරැද්දකට ඇරෙන්න වචනයක්වත් කියලා බනින්නෙ නෑ මට.... "
" මම මෙහෙම කියනවට සොරි චාන්.... ඇත්තට ම මට ඔයාව මීට් වෙන්න ඕනි උනේ පේෂන්ට් කෙනෙක් විදියට නෙමෙයි..... ඔයා සාමාන්‍ය දරුවෙක්... ඒත් ඊයෙ ඔයාව දැක්ක වෙලාවෙ ඉඳලා මට හිතුණා..... අනේ මන්දා ඒක හරියට.. ඔයාට මගෙන් මොකක් හරි උදව්වක් ඕනි.... tsk* මට ඔයාට උදව්වක් කරන්න ඕනි.... අන්න ඒ වගේ හැඟීමක්..... ඔයාට තේරුණා ද මන්දා මම මේ කියන දේවල්........ "
" හරියට තේරුණේ නෑ යීබෝ ගගා.... ඔයා ඒකෙන් අදහස් කළේ මොකක්ද... "
යීබෝ හොඳ හුස්මක් ඉහළට ඇද නැවත පහළ හෙලුවේ කතාවකට මුල පිරීමක් වශයෙනි. ඔහු තම පුටුවෙන් නැගිට චාන් ඉඳසිටි සෝපාවේ ම අනෙක් කෙළවරේ ගොස් වාඩි වූයේ ඉදිරියට බර වී දණහිස් මත වැලමිටි තබා ගනිමින් ය. මද වෙලාවක් එම ඉරියව්වෙන් ම චාන් දෙස බලා සිට කතා කිරීමට පටන් ගත්තේය.
YOU ARE READING
Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan] ✎by,Saaki... ✔️
FanfictionI'm the dream catcher... මම කවදාවත් ඔයාට ආදරේ කළේ නෑ . මොකද , මම හැමදාම ඔයාට ආදරෙයි...❤ [ සිහිනෙකින්වත් නොසිතූ සිදුවීමකට මුහුණ දෙන තරුණයෙක්. දිවිහිමියෙන් ඔහුව රැකීමට පොරොන්දු දුන් පෙම්වතෙක් ]