_8_

975 227 27
                                    


Xiao Zhan's pov :

අද තමයි අපිට එක්සෑම් රිසල්ට් දුන්න දවස. අවුලක් නෑ. මම අදත් වෙනසක් නැතුව සෙකන්ඩ් ප්ලේස්. මොනා කරන්නද ඉතින් අර යක්ෂ කෙල්ල මියැන්ව සෙකන්ඩ් කරන්නම බෑනෙ ඉතින්. පොත් ජූස් හදලා බොනවද මන්දා.

ඒකෙන් වැඩක් නෑ අද winter holiday එකට නිවාඩු දෙනවනෙ. මට ඉතින් යාලුවෙක්වත් නැති එකේ මේ පාර හොලිඩේ එකත් paintings වලට ම යට කරන්න තමයි වෙන්නෙ. අපෝ මොකක්ද ඒ announcement එක. 

මට පේන්නම බැරි වැඩේ තමයි holiday එක දෙන දවසට ස්කූල් එකේ ෆෙයාවෙල් මීටින්ග් එකක් තියන එක. හරියට අපි මේකට එන්නෙ අද විතරයි වගේ. විකාර....


මේක ඉවර වෙන්නෙ නැද්ද මන්දා. ඉඳගෙන ම ඉඳලා බඩත් කොර වෙලා වගේ දැන්. මොකක්ද ඒ පිටිපස්සෙ රෝ එකෙන් ඇහෙන කසුකුසුව. මේ යක්කු ටිකට ප්‍රින්සිපල්ගෙන් බැනුමක් ඇහුවෙ නැත්තම් ඉතින් කෑවෙ නෑ වගේනෙ.

කොහෙද ඉතින් දැන් පැය භාගෙකටත් වඩා ප්‍රින්සිපල්කාරයත් කියවන්නෙ ඩොනේෂන්ස් ගැනනෙ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

කොහෙද ඉතින් දැන් පැය භාගෙකටත් වඩා ප්‍රින්සිපල්කාරයත් කියවන්නෙ ඩොනේෂන්ස් ගැනනෙ. එච්චරටම නෑ නෙ ස්කූල් එක හදන්න සල්ලි. අපිනෙ දන්නෙ ඉතින් සල්ලි වලට මොකද වෙන්නෙ කියලා. 

ආයිෂ්..... මොන වෙඩින්ග් එකකටද මගේ නමත් කිව්වෙ. ඒවා දන්නෙ පපා නෙ. හරි.. ඔන්න පටන් ගත්තා සැටලයිට් ටික කරකවන්න. මම මෙතන නෑ. ඉන්විසිබල්.

' එයා ඒක ගැන දන්නෙ නැද්ද දන්නෑ... මම කියන්න ද '

' ඔයාට පිස්සු ද.. මට නම් බෑ..... '

ඒපාර කවුද මේ මදුරුවො වගේ කන ළඟම ඉඳගෙන කූං කූං ගාන්නෙ.

" ශ්..... චාන්...... "


" එක්ස්කියුස්මී...... චාන්... මේ... "

අන්තිමට ඒක ටිකක් සද්දෙන් ඇහුණ නිසා මං හැරිලම බැලුවා...

Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan]  ✎by,Saaki... ✔️Opowieści tętniące życiem. Odkryj je teraz