⚠️This is only fiction
Wang Yibo's pov:
ඩොක්ටර් ඇවිල්ලා දැන් විනාඩි පහළවක් විතර ඇති.
ඔව් ඇත්තම කිව්වොත් මම කීයටද කෝල් කරන්නෙ එයාට අපේ විලා එකට එන්න ම වෙනවා. ඒ වෙනුවෙන් දෙතුන් ගුණයක් ගෙවන්න වුණත් කරන්න දෙයක් එයාටවත් අපි දෙන්නටවත් නැහැ. මොකද මේවා ග්රෑන්පපාගෙ නීති. මඟුලෙ නීති.
හිතුවෙ නැති විදිහට එයාට ටිකක් බ්ලීඩ් වෙන්න ගත්ත නිසා මට ඩොක්ටර් ශින්හායිට කතා කරන්නම වුණා. චාන් සමහරවිට දන්නවත් ඇති. දැනෙන්න ඇතිනෙ.
කුවාන් ගගායි යැන්ලි ජියෙයි මාව අමුවෙන් කන්න වගේ දැනටමත් බලන් ඉන්න නිසා මම ඔහේ බිත්තියට හේත්තු වෙලා බිම බලාගෙන හිටියා.
" යීබෝ..... උඹ....... "
" කූ...... මුකුත් කියන්නෙපා..... "
මම යන්තම් එයාලා දිහා බලලා ආයෙම අහක බලාගත්තම කුවාන් ගගාට තව ටිකක් තරහා ගියාද කොහෙද.
" ඒත් මූ........... "
" කුවාන්...... ඩොක්ටර් ආවනෙ.... ටිකක් ඉන්න.... "
දැන් මම මෙතන සම්පූර්ණ වැරදිකාරයා වෙලා. ඔව් ඉතින් නිකම්ම පිට ඉඳන් බලනකොට ඒකත් හරි. හොඳම දේ සද්ද නැතුව ඉන්න එක.
මොනවා වුණත් මේක අපේ පෞද්ගලික ජීවිතේ දෙයක් නිසා මට ඒ දෙන්නා ඉන්න එක ලොකු අපහසුවක් වුණත් ඊටත් වඩා මම එයා ගැන බයවෙලා හිටියා.
ඩොක්ටර්ට කෝල් කරලා කිව්වත් එකපාරටම මහ රෑ විලා එකට එයා ආවම එයාලා බය වෙලා ඇයි කියලා ඇහුවට පස්සෙ මම මුකුත් කියන්නත් කලින් ඩොක්ටර් ඒක කියලා දැම්මා. කොහොමත් මේ වගේ දේවල් එයාලට සාමාන්ය නිසා වෙන්න ඇති.
මට කරන්න දෙයක් තිබුණෙ නෑ ඉතින්.
" බෝදි.... දරුවට මොනවහරි උනොත් උඹව තියන්නෑ මං..... "
" කුවාන්...... කට පරිස්සමින් කතා කරනවා.... මේක එයාලගෙ පෞද්ගලික ප්රශ්නයක්..... කිව්වම දෙයක් තේරෙන්නෙ නැද්ද.... ආ........... "
YOU ARE READING
Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan] ✎by,Saaki... ✔️
FanfictionI'm the dream catcher... මම කවදාවත් ඔයාට ආදරේ කළේ නෑ . මොකද , මම හැමදාම ඔයාට ආදරෙයි...❤ [ සිහිනෙකින්වත් නොසිතූ සිදුවීමකට මුහුණ දෙන තරුණයෙක්. දිවිහිමියෙන් ඔහුව රැකීමට පොරොන්දු දුන් පෙම්වතෙක් ]