_2_

1.7K 285 53
                                    


A year ago _


Author's pov _


ජනවාරි මාසයේ අවසාන සතියයි. මේ වන විට බීජිං වල සියලු පාසල් සඳහා ශීත නිවාඩුව ලබා දෙමින් තිබුණි.

යීබෝ ඔහුගේ අවුඩි වර්ගයට අයත් නවීන මෝටර් රථය මන්දගාමී ලෙස ඉදිරියට ගෙන ගියේ හිම පතනය වී තිබූ නිසාත් මාර්ගය ලිස්සනසුලු වීම නිසාත් ය. නැතහොත් ඔහුගේ ධාවනය වඳුරෙකුට දැලි පිහියක් අහුවුනා හා සමාන විය. සැඳෑ කාලයත් ගෙවෙමින් තිබූ නිසාත් ශීත කාලය වූ නිසාත් මාර්ගය ජනශුන්‍ය විය.


" ආයිෂ්..............මේ කෙහෙම්මල් හිම නිසා මගෙ නින්දට තවත් වෙලාව අඩු වෙනවා... මොනා කරන්නද ඉතින් හෙට උදේ යහතින් මේ පාරට ආයෙ වාහනේ දාන්න නම් ඉවසන්න වෙනවා කොල්ලො... "


You've got my heart wrapped up right now...... You're showing me you can't let go........ Don't waste my time, don't waste my time....... You want me now... I'll show you how.......


කාර් රථයේ stereo තිරය මත play වෙමින් තිබූ තමාගේ ප්‍රියතම ගායිකාවක් වන Arabella ගේ Don't play with fire ගීතය සෙමෙන් මුමුණමින් රථය ගෙන යමින් සිටි යීබෝ එක්වරම ඈතින් දිස්වුනු දසුනක් නිසා වාහනය පාරෙන් පසෙකට වන්නට තිරිංග තද කළේය.


" Song එකේ අවුලක් ද.. මගේ ඇඟේ ඉන්න නිදි කුමාරයගෙ නැකතෙ අවුලක් ද මන්දා don't waste my time තමයි ඉතින් දැන්... "

ඔහු එය කියාගත්තේ තමාටම ය.

" කවුද ඒ... පොඩි ළමයෙක් නේද මේ සීතලේ බිම ඉඳගෙන ඉන්නෙ... දෙයියනේ කාර් එකේ හීටර්ස් ඔන් කරලා තිබ්බත් මට නිකම් සීතලයි සීතලයි වගේ... මේ පොඩි එකාට පිස්සුද.. නැත්තම් අතරමං වෙලාවත් ද... අයියෝ මගෙ නින්ද... කමන්නෑ ඔන්න ඔහේ ගිහින් බලනවා... "


ශීත කබා දෙකක් ම ඇඳගත් යීබෝ කාර් රථයෙන් බැස ඒ දෙසට ඇවිද ගොස් ඔහු අසලින් නතර විය.

එහි සිටියේ බාහිර පෙනුමෙන් ගත් කල පාසල් නිළ ඇඳුමින් යුතු ශිෂ්‍යයෙකි.

Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan]  ✎by,Saaki... ✔️Où les histoires vivent. Découvrez maintenant