Love me again - chapter 4
🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀🥀🥀🥀🥀
Yuna pov
දන්නවද තමන් ආදරේ කරන කෙනෙක් තව කෙනෙක්ගේ වෙලා ඉද්දී දැනෙන හැගීම ....? විදලා තියෙනවාද ඒක.? ඒක ගොඩක් වේදනාකාරීයි..හිතාගන්න බැරි තරමට..පලවෙනි පාරට කෙනෙක් වෙනුවෙන් හැගීමක් ඇති වුණාම දැනෙන විදිහ..හරිම අමුතුයි..දන්නවද එතකොට එයා ලගින් යන්නත් බය හිතෙනවා..මොකද හදවත ගැහෙන සද්දේ එයාට ඇහුණොත්.?
එතකොට හැගීම ආදරයක් බවට පත් වුණාම තමන් හිතපු විදිහටම එයා තමන්ට කැමති වුණාම හිතෙන්නේ මම තමයි ඉන්න වාසනාවන්තම කෙනා කියලා..! ඒත් තමන් ඉස්සහරම එයා වෙන කෙනෙක් ලග ඉන්නකොට මට දැනුනේ මැරෙන්න තරම් වේදනාවක්..පපුව පිච්චෙනවා වගේ..!
ඒත් එයාට ඒ රිදෙන්නේ නැතුව ඇති..ඔයාට මං ගැන දුක හිතුනේ නැද්ද ජිමින් ...? මේ අවුරුදු පහම එක තත්පරයක් නෑර මම ඔයාට ආදරේ කලා..අඩුවක් නැතුවම..ඔයාගේම වෙන්න බැරි වුණත් ඔයා සතුටින් ඉන්නවා නම් මම මොකටද දුක් වෙන්නේ..ම්ම් ?
කල්පනා ලෝකෙක ඉදලා මම ගැස්සුනේ ෆෝන් එකේ වයිබ්‍රෙට් වෙනකොට..
"මම එනකම් ඉන්න"
ජිමින්ම්හ්..එයා මැසේජ් එකක් දාලා..එයා ජෙනීව ගෙදරින් ඩ්‍රොප් කරලා ඇවිත් වගේ..වගේම එයා එනකම් පාර ගාවට වෙලා මම හිටියා..මම ඈතින් දැක්කා එයාගේ කාර් එක එනවා..හොද හුස්මක් ගත්ත මම බැලුවේ ඔරලෝසුව දිහා..එයා විනාඩි දහයක් පරක්කුයි.
"නගින්න "
එයා කිව්වේ ඇස් හීනී වෙන හිනාව දාලා..හැමදාම වගේ ඒ හිනාව මාව පිස්සෙක් කරනවා..කිසි කතාවක් නොකරම අපි ගියා..එයා හැරෙව්වේ මගේ ගෙදරට යන පාර පැත්තට..මොකද වෙනදට එයා යන්නේ වෙන පැත්තකින්..ඉතින් මේ යන්නේ මගේ ගෙදරට තමයි...!
"ඇයි ඉන්න කිව්වේ..? "
මම ඇහුවේ නිහඩතාව බිදලා
"ඔයා සතුටින්ද..? "
මම අහපු දේට උත්තරයක් විදිහට මට හම්බුණේ ප්‍රශ්නයක්..මම එයා දිහා නොබලාම උත්තර දෙන්න ගත්තා..
"ඔව් මම සතු- "
"බොරු "
"මම කියන්නේ ඇත්ත "
VOCÊ ESTÁ LENDO
Love Me Again ll PJM ll
Fanfic"ඒක අයිති අතීතෙට...අපි ඒක අමතක කරමු " "ඉතින් අපිට පුලුවන් ඒක වර්තමානය කරගන්න ! නේද ? " "මොකක් ගැනද කියන්නේ ? " "love me again "