Love me again - Chapter 15
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
"අප්පා ප්ලීස් මට තව ටික කාලයක් දෙන්න!! "
"තව නම් බෑ ජිමින්..මම කිව්වනේ තව සති දෙකකින් ඔයාලාගේ වෙඩින් එක ලෑස්ති කරලා තියෙන්නේ! ඒකට ලෑස්ති වෙන්න!! "
ජිමින්ගේ අප්පා තර්ජනාත්මක විදිහට සැර කරලා යනකොට ජිමින් කොණ්ඩෙ අත්දෙකෙන්ම අදින ගමන් සෝෆා එකට වැටුනේ ගොඩක් කලකිරීමෙන්..සමහරවිට යූනා එයා ලග හිටියා නම් මේ ගොඩක් ප්රශ්න අඩුවෙන්න ඉඩ තිබුණා..
මිස්ටර් පාර්ක් වෙඩින් එක දාගන්න දශසක් ගානේ ජිමින් මොකෑඅමහරි හේතුවක් කියලා ඒවා මගහැරියත් මේ සැරේ නම් ඒකට බුරුලක් නැති පාටයි.එයාට ඕන නෑ කැමති නැති කෙනෙක්ව ජීවිතේට ලං කරගෙන දුක් විදින්න..
ජිමින් එතනදී එයාගේ අප්පා එක්කත් තරහ වුණා.මොකද මේකට හේතුව මිස්ටර් පාර්ක් කියලා හිතලා.එයා ජෙනීව ලේලි කරගන්න හදන හේතුව සල්ලී කියලයි ජිමින් හිතන්නේ.ඒත් මිස්ටර් පාර්ක් මෙච්චර දුක් විදින්න හේතුවම තමන් කියලා ජිමින් දවසක දැනගනීවි..!!සමහරවිට එතකොට එයා පරක්කු වෙලා වුණත් ඉදීවී..
ජිමින් හැමවෙලේම දෙවියන්ගෙන් ඉල්ලුවේ එයාගේ යූව එයාට හොයලා දෙන්න කියලා.යූනා හරියට ජිමින්ගෙම කොටසක් වගේ.කොල්ලා නොදන්නවා වුණාට කෙල්ලත් ජිමින් නැතුව විදින දුක අප්රමාණයි.කෙල්ලගෙන් කදුලක් වැටුන නැති මොහොතක් නැති තරම්..
ඒත් මොනවා කරන්නද දෛවයේ හැටියට හැමදේම සිද්ධ වෙනවා නම්?? අපි කොච්චර ආස වුණත් අපිට ඒ දේ ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්!! ඒත් ඒ වෙලාවට කඩා වැටෙනවා වෙනුවට හිත හයිය කරගත්තොත් අමාරුවෙන් හරි ඒ දේ ලබාගන්නත් පුලුවන් වෙයි.මම ඒක විශ්වාස කරනවා.අවංක ආදරේට පුලුවන් ඕන දෙයක් කරන්න!!
සමහරවිට යූමින් කපල් එක අද දුක් විදින්දත් එයාලාට එයාලාව අයිති නෑ කියලා හිතුවත් දවසක් එයි එයාලා එයාලාගෙම වෙන!!
එදාට මොන දේකටවත් බැරි වෙයි ඒ දෙන්නගේ බැදීම කඩලා දාන්න.අඩුම ඒ ගැන හිතන්නවත් බැරි වෙයි!!_______________________________________
Meanwhile yuna
දවසම මහන්සි වෙලා වෙලා කෙල්ල ගෙට ගොඩ වුණේ දැන් ටිකකට කලින්.තමන් එන වෙලාවට අඩුම දොර ඇරලා පිලිගන්නවත් කෙනෙක් නෑ කියලා කෙල්ලගේ හිත කෑගැහුවත් ඉස්සරහටත් ඔය විදිහටම ඉන්න වෙන්නේ කියලා දැනෙනකොට යූනා හිත හදාගත්තා..
මොනවා කරන්නද??
සමහරටිට යූනාට සතුටුවෙන්න කවුරුත් අයිතියක් දීලා නැති වෙන්න ඇති.ඒකයි මෙච්චරම දුක් කෙල්ලට ලැබෙන්නේ වෙන්න පුලුවන්..ටිකකට කලින් ඕඩර් කරපු පීසා එකත් ටේබල් එක උඩින් තියලා කෙල්ල ටීවි එක ඔන් කරේ මොකක්හරි බලන්න. ඒත් කෙල්ලගේ කට ඇදවුණේ ඒකේ යන්නෙම වැඩකට නැති ඒවා කියලා දැනෙනකොටයි..
පීසා එකෙන් බාගයක් කටේ පුරවගෙන කෙල්ල රිමෝට් එක කඩන්නේ නැතුව ඉතුරු කරලා අවසානේ ඩ්රාමා එකකට දාගත්තා.හැබැයි ඒකේ යන්නෙත් හොද විරහවක් කියලා තේරුනත් වෙන බලන්න දෙයක් නැති නිසා මොකක් වුණත් ඒක බලන්න තීරණය කරා..
ඉදලා හිටලා ඔය විරහව අස්සෙත් රොමෑන්ටික් සීන් යනකොට කෙල්ලගේ කම්මුල් රතු වෙලා පුපුරන්න සයිස් ආවත් ඒ මොහොතෙම කෙල්ලගේ ඇස්වලට කදුලු එන්නේ ජිමින්ව මතක් වෙලා වෙන්න පුලුවන්!!
කොච්චර ඒ මතක හිත රිදෙව්වත් ඒ මතකත් නැත්තන් යූනා කියලා කෙනෙක් මෙලහකට මේ ලෝකේ නැති වෙන්නත් ඉඩ තිබුණා..
"ඔයා දැන් මොනවා කරනවා ඇත්ද?? "
යූනා ඈත අහසේ හද ලග පේන තරුවකින් ඇහුවේ ඒ තරුව ජිමින් කියලා හිතාගෙනයි.මොකද එයාට හිතුනේ ඒ තරුව ඇතුලේ ජිමින් ඇති කියලා.එයාට මතක් වුණේ ජිමින් දවසක් කියපු වචන ටිකක්..!!
"අර හද තියේ නේද? ඒ හද ඔයා යූ!! මගේ ජීවිතේට එලිය ගෙනාපු හද ඔයා..දන්නවද එතන තියෙන තරුව මොකක්ද කියලා?? "
"ම් මොකක්ද? "
"ඒ මම!! හද ගාව හැමදාමත් තියෙනවා ඒ තරුව.. මම නැති වෙලාවට ඔයා ඒ හදයි තරුවයි දිහා බලන්න..එතකොට ඔයාට දැනෙයි මන් ඔයා ගාවින්ම ඉන්නවා කියලා? "
යූනාගේ හිත මතක ගොඩක් අස්සේ හිරවෙලා හිටියත් කෙල්ල ගැස්සිලා ගියේ ටේබල් එක උඩ රින්ග් වෙන ෆෝන් එකේ සද්දෙට..ටේබල් එක ගාවට ගිහින් කෝල් ID එක බලපු කෙල්ලගේ මූණට හිනාවක් ආවා..
"හලෝ ජන්කු-- "
".................... "
"ඕ ගෝඩ් කුක්!! ඔයාලා කොහෙද ඉන්නේ?? "
".................. "
"හරි මම එන්නම්..කලබල වෙන්න එපා..!! "
ෆෝන් එක කට් කරපු යූනා අතට අහුවුණ ඇදුමක් දාගෙන ලෑස්ති වුණේ එලියට යන්න..
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
හිතන දේ කියාගෙන යමු..
ගොඩක් දේවල් කියන්න තියෙයි..
ඒත් පස්සේ කියන්නම්.
මොකද මට මහන්සියි!! මේ හැමදේකින්ම හතිවැටිලා කියලා දැනෙනවා මට
![](https://img.wattpad.com/cover/312486070-288-k775594.jpg)
ESTÁS LEYENDO
Love Me Again ll PJM ll
Fanfic"ඒක අයිති අතීතෙට...අපි ඒක අමතක කරමු " "ඉතින් අපිට පුලුවන් ඒක වර්තමානය කරගන්න ! නේද ? " "මොකක් ගැනද කියන්නේ ? " "love me again "