🎭

315 51 2
                                    


සෝල් නගරයේ මං තීරු කාර්යබහුල වෙලා.ඉරත් බැහැගෙන යන හැන්දෑවක වේගෙන් එහෙට මෙහෙට ඇවිදින මිනිස්සු.ටික ටික අදුර වැටෙනකොට එක පෙලට දැල්වෙන පහන් කනු.විවිධාකාර වර්න වලින් දිලිසෙන අහස උසට ගියපු ගොඩනැගිලි...

මේ සියල්ලම පෙන්නලා දෙන්නෙ සෝල් නගරයේ කාර්යබහුලත්වය වගේම සුන්දරත්වය..

මේ වෙනකොටත් ආරම්භ වෙලා තිබ්බ ශීත ඍර්තුව නිසා පරිසරය සීතලෙන් වෙලා ගෙන තිබ්බ පුංචි පුංචි හිම කැට පොලවට පතිත කරන ගමන්..

මේ දැනෙන සීතලට කෝපි කෝප්පෙකුත් අතේ තියාගෙන අහස උසට නැගුන ගොඩනැගිල්ලක කෙලවරේ ජනෙල් තීරුවෙ ලගම හිටගෙන හිටියෙ එක් ප්‍රේමවන්තයෙක්...

හිත් මිලියන ගානක ආදරවන්තයෙක්

කාර්යබහුල මංතීරු දිහාට ඇස් යොමාගෙන හිටපු ඒ ආදරවන්තයා කෝපි උගුරක් තොල ගෑවෙ පුංචි හිනාවක් මූනෙ රදවගෙන..

" ජන්ග්කුක් "

මූනෙ රදවගත්ත හිනාවත් එක්කම ආපහු හැරුනෙ ජන්ග්කුක්...

" තාම මෙතනද ? මම හැම තැනම හෙව්වා "

" ඔව් හ්යෝන්ග්.හවසට සෝල් හරි ලස්සනයි "

ජන්ග්කුක් තවත් කෝපි උගුරක් බිව්වෙ එක් අතක් සාක්කුවට ඔබාගෙන ආයෙත් පුරුදු පරිදිම සෝල් මං තීරුවට ඇස් හරවන ගමන්..

" හෙට යන ගමනට හැමදේම ලෑස්තිද අහන්න මම ආවෙ ජන්ග්කුක්.හැමදේම හරි නේද "

" ජින් හ්යොන්ග් දන්නවනෙ මම ඒ ගමනට ලෑස්ති වෙන්නෙ දැන් මාසෙක විතර ඉදල කියල.ඉතින් බය වෙන්න දෙයක් නෑ හැමදේම ලෑස්තියි "

" මට තියන එකම බය මේ ගමනට පොඩි තුනම වැටුන එක.එක එක විකාර විතරක් නටන්න ලෑස්ති වෙන්න එපා ජන්ග්කුක්.දන්නවනෙ අපි දැකලවත් නෑ ඒ තැන මොන වගේද කියලවත් "

" ඔය ටික ජින් හ්යොන්ග් ගිහින් ටේ හ්යෝන්ටයි ජිමින් හ්යෝන්ටයි කිව්වා නම් තමයි හොද.මොකද මම පිලිවලට ඉන්නව කියල හ්යෝන්ග් දන්නවනෙ "

ඉස්සරහ තියන ලොකු දත් දෙකත් පෙන්නලා ඇස් චූටි කරල හිනා වෙවී කියපු ජන්ග්කුක් කොන්ඩෙ පොඩ්ඩකුත් අවුස්ස ගත්තෙ දගකාරකම ඕනෙවටත් වඩා පෙන්නන ගමන්..

" අපොයි ඔව්.මම නොදන්නවද ඔයාගෙ හැටි.යමු පහලට කෑම කන්න "

ජින්ගෙ මූනෙත් ඇදුනෙ ආදරනීය හිනාවක්.තව පාරක් පහල බලපු ජන්ග්කුක් ජින් පස්සෙන්ම පහලට ගියෙ හිතේ අමුතු සතුටක් පුරවගෙන..

Promise & Trust || Short Ff  [ Gift ] [ ✔ ]Where stories live. Discover now